සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුගියදා මැතිවරණ කටයුතු වලින් ඉවත් වීමට කිරීමත් සමග පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට ලබා දීම අද සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
තවත් කොරෝනා ආසාදිතයින් 28 සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව මාරාන්තික කොරෝනා වෛරස අසාදනයෙන් මෙරට සුවය ලැබූ පිරිස 1150 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ආන්දෝලනයට ලක් වූ ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර සහ අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන එක් පොලිස් නිලධාරීයෙක් බැඳුම්කරයක් මත බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා. තෝමස් ලේන් නම් මෙම පොලිස් නිලධාරියා පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනා අතරින් එක් අයෙකි. කෙසේ වෙතත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි […]
ඉදිරි මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම ජූලි 13 සිට පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව ජූලි 13, 14, 15 සහ 16 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙවර මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් එම අවදානම් කලාප හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අද සිට තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලේ.
මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1869 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අතරින් 7 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්ය.
2020 ගෝලීය සාම දර්ශකය නිකුත් කර තිබේ. මෙවරත් ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි. නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් එම දර්ශකයේ පළමු ස්ථාන 10 අතර පසුවේ. එම දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එම දර්ශකයේ 72 වැනි ස්ථානය හිමිව […]
පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරිමට රජය තීරණය කර තිබේ. ඊයේ (10) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම වෙනුවට “වව්චර් පත් “ ලබාදීමට පසුගිය රජය කටයුතු කරනු ලැබීය. කෙසේවෙතත් “වව්චර් පත්“ ලබාදීම […]
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දුෂ්කරතාවයට පත් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයින් සඳහා සහන සැළසීමේ පැකේජයකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ තුළින් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ එක් ලක්ෂ පනස් දාහකට ආසන්න පිරිසකට සහන සැළසෙන බවය. හෝටල් සේවකයින් සඳහා මාස 6 ක් යන තෙක් වැටුප් ගෙවීම සඳහා අඩු පොලී, […]
විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ විශේෂ රැස්වීමක් අද පස්වරු 2.00 ට පැවැත්වෙන බවය. ඒ, සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙනි. විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ උපදෙස් මාලාව මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇතැයි මහාචාර්ය සම්පත් […]
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි. දිවයින් හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට […]
අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම රෝගීන් දෙදෙනාගෙන් එක අයෙක් කාටාර් සිට පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් රෝගියා මුම්බායි සිට පැමිණ පුද්ගලයෙකි. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 728කි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ, අද දිනයේ තවත් COVID ආසාදිතයින් 65 දෙනෙකු […]