අද(31) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1630ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් දස දෙනාගෙන් නව දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු වෙයි.
හෙට (01) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේ, දුම්රිය ගමන්වාර 33ක් හෙට දිනයේ දී ධාවනයට එක් කිරීමට නියමිත බවයි. එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බව වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රල්ඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. පන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛය පළාත් හා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හරහා සියලුම පාසල් හා අධ්‍යාපන ආයතන වෙත යොමුකිරිමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව පාසල් යළි ආරම්භ කිරිමට පෙර හා […]
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000 ක්, රියැදුරන්ට රුපියල් 15,000 ක් බැගින් එක මාසයකට පමණක් ලබාදෙන දීමනාවක් වහයෙන් ගෙවීමට අපේක්ශා කරන බව වාර්තා වෙනවා. මිට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු ජුනි මස […]
ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනිමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යෑමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් සම්පුර්ණ කිරිම සඳහා වසර පහක ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය තහවුරු කිරීම සිදුකළ යුතුයි. කොවිඩ් […]
ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා තිබේ. මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් 61 ලක්ෂ 50,261ක් වාර්තා වී තිබේ. අමෙරිකාවෙන් අද වන විට කොරෝනා මරණ එක් ලක්ෂ 5501ක් වාර්තා වී තිබේ.
අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද(31) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. රාජ්‍ය අනුග්‍රහය ඇති ව හැටන් නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩංගණයේ දී අවමංගල්‍යය උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සඳහා සෞඛ්‍ය උපදෙස් සහ නිර්ණායකවලට අනුව සීමිත පිරිසක් සහභාගි කර ගැනිමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ. පසුගිය 26 වන දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක […]
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වෙයි.නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 […]
ඊයේ(30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත. මේ වන විට පුද්ගලයින් 829 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබයි. මෙරට පුර්ණ සුවය ලැබු […]
අද(31) දිවයින පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.මේ අතර ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින දෙකේ දී ද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට (01) සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා […]
මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබේ. රාජකාරී පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට පසුගියදා කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල […]
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය තහවුරු කර තිබේ. මේ අතර මැයි මස 17 වන දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය. මෙම සයිබර් […]