News Line| Off Air
Generic placeholder image

May
17

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 07ක තොගයක් සමඟ පුද්ගලයෙකු ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය ‍නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 160 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්. පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක තොගයක් සොයාගෙන […]


May
17

මහ මැතිවරණයට අදාළ පෙත්සම් සලකා බැලීම හෙට

Generic placeholder image

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට(18) සලකා බැලීමට නියමිතව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ එම පෙත්සම් හෙට සහ අනිද්දා(19) සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු […]


May
17

කොරෝනා ආසාදිතව සුව වූ පුද්ගලයින් ගණන 538ක්

Generic placeholder image

අද(17) පෙරවරු 10.00 වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් 18 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මේ වන විට කොවිඩි නයින්ටීන් ආසාදිතව සුව වු පුද්ගලියන් ගණන 538ක් දක්වා ඉහළ ගොස් ඇත. අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව […]


May
17

කොරෝනා ව්‍යාප්තියට නායකත්වයේ අසමත්වීම් බලපා ඇති බව ඔබාමා කියයි

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන ඇති තීරණ එරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් යළිත් වරක් විවේචනයට ලක් කර තිබෙනවා. මීට දින කිහිපයකට ද පෙර ද හිටපු ජනාධිපතිවරයා වත්මන් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනයට ලක් කර තිබුණා. උපාධිධාරී සිසුන් පිරිසක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ අමතමින් බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ බොහෝ නිලධාරීන් […]


May
17

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

Generic placeholder image

අමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාධිත මරණ 90,000 ඉක්මවා තිබෙනවා. මේ වන විට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 90,113 ක්. අමෙරිකාවෙන් කොරෝනා වෛරස් ආසාධිතයින් 1,507, 773 ක් හමුව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසය පැතිර ඇති රටවල් අතරින් ආසාධිතයින් වැඩිම සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.


May
17

තවත් කොරෝනා ආසාධිතයින් 18 ක් සුවය ලබයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතව සිට සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 538 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 18 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. තවත් ආසාධිතයින් 413 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මේ වන මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 960 ක්. එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වී මෙරට මියගිය සංඛ්‍යාව 09 ක්.


May
17

කොළඹ වායු දුෂණය යළි ඉහළට

Generic placeholder image

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් ඇදිරි නිතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී ඉතා අඩු අගයක් ගත් කොළඹ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ රථ වාහන ගමනාගමනය සැලකිය යුතු මට්ටමකට වැඩි වී තිබීම හේතුවෙන් දූවිලි අංශු ප්‍රමාණයේ මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වගේ අගයක් දක්වා වර්ධනයට වී තිබෙන […]


May
17

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් ගණන 56000 ඉක්මවයි

Generic placeholder image

පසුගිය මාර්තු 20 වන දින සවස 6.00 සිට අද(17) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 56,326 ක් අත්අඩංගුවට ගෙන තිබේ.එම කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 15,490 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊයේ(16) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් […]


May
17

අද දිවයිනේ සියලුම මත්පැන් අලෙවි සැල් වැසෙයි

Generic placeholder image

ඇඳිරි නීතිය හේතුවෙන් අද(17) දිවයිනේ සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබේ. සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද දිනයේ දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවිසැල් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙම නියෝගය සෙසු ප්‍රදේශවල පරිදිම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද […]


May
17

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්ල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි. අම්ෆන් නමින් හඳුන්වා ඇති මෙම සුළි කුණාටුව ඊයේ(16) පස්වරු […]


May
17

දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට

Generic placeholder image

දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදී දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.මුහුදු බඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 […]


May
17

කොරෝනා ආසාදිතයින් ගණන 960 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ(16) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන […]


News Articles
Latest Videos
Most Popular Post