News Line| Off Air
Generic placeholder image

May
14

මැයි මාසය සදහාත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ආදායම් අහිමිවූවන්ට හා අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් 5000 දීමනාව මැයි මාසය සදහාත් ලබාදීමේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ යටතේ පුද්ගලයින් 5,144,046 දෙනෙකු සදහා රුපියල් මිලියන 25,720. 24 ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික කර්මාන්ත ශාලා සහ […]


May
14

කොරෝනා මැද යුරෝපයේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තිය හමුවේද සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර ගැනීම සදහා දේශ සීමා විවෘත කිරීමට කෙරෙහි අවදානය යොමුව තිබෙනවා. සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දේශ සීමා යළි විවෘත කිරීම මනා උත්තේජනයක් වනු ඇති බවට එම සංගමයේ ආර්ථික කටයුතු පිළිබඳ කොමසාරිස් පා ඕලෝ ජෙන්ටිලෝනි ප‍්‍රකාශ කරනවා


May
14

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Generic placeholder image

මහ මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත්කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සහභාගිත්වයෙන් යුතුවයි. එමෙන්ම ජූනි 20 වනදා පාර්ලිමේන්තුව පැවැත්වීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේඛම් ආරියවංශ දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් […]


May
14

ස්පාඤ්ඤයේ සමස්ථ ජනගහණයෙන් සියයට 05 කට කොරෝනා ආසාධනය විය හැකි බවට අනතුරු ඇගවීමක්

Generic placeholder image

ස්පාඤ්ඤයේ ජනගහනයෙන් විසි ලක්‍ෂයකට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය වීමේ අවධානමක් ඇතැයි අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා. එම සංඛ්‍යාව සමස්ථ ජනගහණයෙන් සියයට 05 ක් බවයි එහි දැක්වෙන්නේ. ස්පාඤ්ඤයේ තවදුරටත් වේගයෙන් කොරෝනා වෛරසය පැතිරෙමින් යන අතර එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාධිතයින් ගණන දෙලක්ෂ 71 දහස ඉක්මවා තිබෙනවා.


May
14

කොළඹ කොටස් වෙළදපොල ගණදෙනු අඛණ්ඩව දෙවන දිනටත් වර්ධනයක්

Generic placeholder image

කොළඹ කොටස් වෙළදපොල ගණදෙනු අඛණ්ඩව දෙවන දිනටත් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ අනුව අද දිනයේ ගණදෙනු අවසන් වන විට සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 26 කින් ඉහළ ගොස් තිබුණා.


May
14

මංගල සමරවීර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Generic placeholder image

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූවන් ඡන්ද ප‍්‍රකාශ කිරීම සදහා ශී‍්‍ර ලංගම බස් රථ මගින් මන්නාරම දිස්ති‍්‍රක්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සදහායි හිටපු මන්තී‍්‍රවරයා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ.


May
14

තවත් කොරෝනා රෝගීන් 63 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි – සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 445 ක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී සුවය ලැබූ තවත් රෝගීන් 63 ක් දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයසදහන් කරනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 445 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ වන විට මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිත රෝගීන් ගණන 915 දෙනෙක් වන අතර ඒ අනුව […]


May
14

අමෙරිකාවේ සිරකරුවන් 48කට කොරෝනා වෛරසය අසාදනය වෙයි

Generic placeholder image

ඇමෙරිකාවේ ආක්සානර්ස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක සිරකරුවන් 48 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. සිරකරුවන් අහඹු ලෙස යොදා ගනිමින් සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණයකින් මෙලෙස එම පිරිස හදුනාගත් බව පැවසෙනවා. ඒ අනුව එම පරීක්ෂණයට සිරකරුවන් 200 පිරිසක් කොවිඩ් නයින්ටීන් පරික්ෂාව සඳහා යොමු කර ඇති අතර එයින් 48 ක් දෙනෙක් එම වෛරසයට ගොදුරුවී තිබෙන […]


May
14

එංගලන්තයෙන් ගෙනා අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනයට පියවර

Generic placeholder image

පසුගිය වසරේ එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. එම අපද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා වරාය පරිශ්‍රය හා කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ්‍රයක ගබඩා කර තිබිණ. එංගලන්තයෙන් මෙරටට අපද්‍රව්‍ය ගෙන්වීමේ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ගත් අධිකරණ ක්‍රියාමාර්ගයට අදාළව අභියාචනාධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුවට අනුව මෙම අපද්‍රව්‍ය තොගය […]


May
14

ඉටුකම සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

Generic placeholder image

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් “ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවා තිබෙනවා.ඒ අනුව පරිත්‍යාගශිලින් සඳහා #207# ඇමතීමෙන් හෝ www.itukama.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල පරිත්‍යාගය සිදු කළ හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය වැඩි දුරටත් සදහන් කරනවා.


May
14

කොරෝනා ආසාදිතයෙකුගෙන් පිටවන ඛේට බිඳිති විනාඩි 8ක් අවකාශයේ රැදෙන බවට නවතම පරීක්ෂණයකින් හෙළිවේ

Generic placeholder image

කොරෝනා ආසාධිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේට බිඳිති අවකාශය තුල විනාඩි 08 ක පමණ කාලයක් පවතින බවට නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඒ අමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ජාතික සෞඛ්‍ය ආයතනය එක්ව සිදුකළ පර්යේෂණයකින්ය. එම විනාඩි 08 ක් කාලය තුල යමෙකු එම ඛේට බිඳිති ආශ්වාස කළ හොත් ඔහුට වෛරසය ආසාදනය වන බවයි වාර්තා වන්නේ.


May
14

කටුනායක ගුවන් තොටට පිවිසීම සදහා නව මාර්ගයක්

Generic placeholder image

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සඳහා නව මහා මාර්ගයක් අද උදෑසන 9.00 ට විවෘත කරනු ලැබුවා. ඒ ගුවන් තොටුපළ ඉදිරිපිට මහා මාර්ගයේ පවතින වාහන තදබදය අවම කිරීම අරමුණු කරගනිමින්. මං තීරු දෙක බැගින්, දෙපසට ගමන් කළ හැකි මං තීරු හතරකින් යුත් මෙම මාර්ගය මීටර් 600 ක දිගකින් යුක්තයි. ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම […]


News Articles
Latest Videos
Most Popular Post