වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 228 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පැවසුවා. නිදහස හිමි වූ පුද්ගලයින් අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව සඳහන්. මීට අමතරව අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල මත […]
පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) උදෑසන සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පසුගිය අප්‍රේල් මස 23 වන දා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවේ . ආසාදිත බවට හඳුනා ගත් මෙම පුද්ගලයා ජීවත් […]
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද(07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙනවිත් තිබේ. උදෑසන 6.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන මෙම විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු […]
බංග්ලාදේශයේ චිතගොන් හි සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ. 48 හැවිරිදි ඇගලුම් අංශයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වන විට බංග්ලාදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ රෝගීන් 11,719 දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව […]
ඊයේ (06) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට ආසාදිතයින් 573 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති වේ. බස්නාහිර සහ දකුණු පලාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් […]
සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෑම වසරකම වෙසක් සැමරීම සිදු කරනු ලබයි. එහෙත් මෙවර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය 04 වන […]
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන රනිල් ජයවර්ධන එරට අන්තර්ජාතික වෙළද කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් මෙම පත්කිරීම අද සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රනිල් ජයවර්ධන 2015 සිට හැම්ප්ෂයර් ප‍්‍රාන්තය නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 2019 වසරේ එවකට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරියව සිටි තෙරේසා මේ ශී‍්‍ර ලංකාව සදහා සිය වෙළද නියෝජිතයා ලෙසද […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 795 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. මේ අනුව කොවිඩ් 19 ආසාදනය වී සිට පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයන් ගණන 12ක් දක්වා ඉහල ගොස් ඇති බව සදහන්.
පවතින තත්ත්වය සලකා බලා මැයි මස 11 වනදා සිට ඇඳිරි නීති රෙගුලාසි තවදුරටත් ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද(06) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ග්‍රාම නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා […]
අද(06) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර හෙට සිට මැයි 11 වනදා දක්වා පිටකොටුව මැනිං වෙළෙඳපොළ වසා තැබෙන බව එහි වෙළඳ සමිතිය සඳහන් කළා. කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5ට ලිහිල් කෙරුණා. මෙම දිස්ත්‍රික්ක […]