News Line| Off Air
Generic placeholder image

Apr
30

මෙරට මෙතෙක් හදුනාගත් ආසාධිතයින්ගෙන් 14 ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්

Generic placeholder image

ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් හදුනාගත් ආසාධිතයින්ගෙන් 14 දෙනෙකු මත්ද‍්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව පොලිසිය පැවසුවා. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මත්ද‍්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් හරහා මෙම වෛරසව නාගලන්වීදිය මෙන්ම ගුණසිංහපුර යන ප‍්‍රදේශ වලට ව්‍යාප්ත වී ඇති බවයි. කොළඹ අවට මහල් නිවාස සහ වතු ආශි‍්‍රත […]


Apr
30

කොරෝනා හේතුවෙන් ජනතාවගේ ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ ලබා ගැනීම කෙරෙහි අධ්‍යයනයක්

Generic placeholder image

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇති […]


Apr
30

යේමනයේ පළමු කොවිඩ් මරණ දෙක වාර්තා වෙයි

Generic placeholder image

යේමනයේ පළමු කොවිඩ් ආසාදිත මරණ දෙක වාර්තා වී තිබෙනවා. ඊයේ (29) දිනයේ දී ඒඩ්න් නගරයෙන් එම මරණ වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ සදහන් කළා. මේ හේතුවෙන් ඒඩ්න් නගරයට දින තුනක ඇදිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යේමනයෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව හයක්.


Apr
30

කෘෂි සහ වෙනත් භාණ්ඩ හුවමාරුව සදහා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීම පිලිබද ජනපතිගේ අවධානය

Generic placeholder image

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු […]


Apr
30

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද දින ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. අද හදුනාගැණුනු ආසාධිතයින් 04 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.


Apr
30

ස්පාඤ්ඤයේ සති 06 ක් තුළ වාර්තා වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වෙයි

Generic placeholder image

ස්පාඤ්ඤයේ සති 06 ක් තුළ වාර්තා වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මරණ 268 ක් අද වාර්තා වී ඇති අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 24543 ක් දක්වා ඉහළෙගොස් ඇති බව විදෙස් වාර්තා පැවසුවා. ස්පාඤ්ඤයේ මුළු ආසාධිතයින් සංඛ්‍යාව දෙලක්‍ෂ 36 899 ක් වනවා.


Apr
30

අගමැති පාර්ලිමේන්තුවේ හිටපු සියලුම මන්ත්‍රීවරුන් සාකච්ඡාවකට කැඳවයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත. පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවට වාර්තා වේ.


Apr
30

තවත් කොරෝනා ආසාධිතයින් 03 ක් පූර්ණ සුවය ලබයි

Generic placeholder image

COVID 19 වෛරසය ආසාදිතව සිට ප්‍රතිකාර ලබා සුවය ලැබු පුද්ගයින් තිදෙනෙක් අද (30) රොහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 503 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය නිවේදනය කළා. මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 139ක්.


Apr
30

රඟපාන්න පොර කන චරිත අතරේ – රගපාන්නේ නැතුව චරිතයක් වුන Irrfan Khan

Generic placeholder image

රඟපාන්න පොර කන චරිත අතරේ …. රගපාන්නේ නැතුව චරිතයක් වුන Irrfan Khan…..ඔබට…..සුබ ගමන්… 1967 වසරේ ජනවාරි 7 වනදා රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිපූර් හිදී සහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් ලෙස ඔහු උපත ලබනවා.ඔහු පඨාන් පවුලකින් පැවත එන්නෙක්.ඔහුගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් වීම නිසා ඔහු සැපවත් ජීවිතේකට උරුමකම් කියනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමට ඔහුගේ සිහිනයක් තිබුනත් දෙමාපිය අශිර්වාදය නොමැති වීම නිසා […]


Apr
30

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවයි

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. කොරෝනා මරණ බහුතරයක් වාර්තා වන තුන්වන රට බවට බ්‍රිතානය පත් වන අතර බ්‍රිතාන්‍යයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ හැට පන් දහස් දෙසිය විසි එකක්. මේ අතර තවදුරටත් ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එය 61.000 ඉක්මවා තිබෙනවා.


Apr
30

කිම් ජොන්ගේ සෞඛ්‍ය වාර්තා ගැන අමෙරිකාවේ දැඩ් අවධානයෙන්

Generic placeholder image

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සෞඛ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. මෑතකදී උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරස්පර අදහස් මතුවීම හේතුවෙන් ඒ පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. 36 හැවිරිදි කිම් ජොං අන් අවසන් වරට ප්‍රසිද්ධියේ […]


Apr
30

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි. එහිදී පෙර සඳහන් කළ ස්ථානයන්ගේ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර […]


News Articles
Latest Videos
Most Popular Post