නූතන ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා පලපුරුද්දක් පවතින බවද ඔහු සදහන් කළා. කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සදහා පිටත්ව ගියා. පසුගිය 21 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම් දුන් අතර එදින පස්වරුවේ ඔහු එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් මෙරට අග්‍රාමාත්‍යවරයා […]
රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 4වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේ හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.යූ. ශානක උදයංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව සදහන්. හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 90,000 ක […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
හෙරොයින් කිලෝ 10ක් සමග කාන්තාවක් ඇතුලු පුද්ගලයන් දෙදෙනෙකු රාජගිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. අමෙරිකානු තානාපතිනිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මෙම අවස්ථාව අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී මාර්ටින් කෙලී සහ දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන් ද සහභාගී වී ඇති බව සදහන්. මේ අතර මෙරට ජපාන […]
තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනට බටහිර, දකුණු, ගිණිකොණ හා නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම තත්ත්වය බලපානු ඇති. ත්‍රීකුණාමලය සිට මඩකලපුව, හම්බන්තොට, ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද […]
රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස් මුදල ඔහු ඉල්ලා ඇති බව සදහන්. ඉන් රුපියල් එක්ලක්ෂ 90,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්නගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා. ඒ රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 1 ට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන ආ අවස්ථාවේදීයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැන්පත් කර තැබුණු අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද දේහයට අවසන් ගෞරව දැක්වුවා. එමෙන්ම කතානායක කරූ ජයසූරිය, හිටපු […]
ඉන්දියාවේ දිල්ලි නගරය තුලට වායු දුෂණය වීමෙන් පසු එරට තුළ ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එම ආයතනයට ගොස් පුද්ගලයන්ට නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා ගත හැකි අතර විනාඩි 15ක කාලයක් සඳහා ඉන්දීය රුපියල් 300ක් හෙවත් […]
අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මේ වනවිට සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල එම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම පරිසර සහ වනජිවි සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.එම්.චන්ද්‍රසේන, මගී ප්‍රවාහන […]
ජනප්‍රිය ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක් ප්‍රථම වරට ඊයේ සිට ක්‍රියාත්මක වනවා. වසර 13ක් පැරණි, ක්‍රියාකාරී ග්‍රාහකයන් මිලියන 321 ඉක්ම වන ට්විටර් හි ප්‍රතිචාර ඉවත් කිරීමේ හැකියාවක් මෙතෙක් පැවතුණේ නැහැ. එහි ඇතැම් පළ කිරීම්වලට අපහාසාත්මක, පීඩාකාරී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම අවස්ථාව ලබාදීමට එම සමාජ මාධ්‍ය ජාලය […]