දේශපාලන අතපෙවීම් වලට විරෝධය පළකරමින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසළ මේ වනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විද්‍යාලයේ දෙමාපියන් පිරිසකගේ සහභාගිත්වයෙන්. මේ වනවිට ඒ අවට මාර්ගයේ රථවාහන තදබදයක් ද ඇති වී ඇති බව එහි සිටින සියත 24 විශේෂ නියෝජිතයා අප වෙත පැවසුවා.
ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වෙනවා. පළවෙනි තරඟය හෙට Queen’s Park Oval ක්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා. 2015 න් පස්සේ තමයි ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරඟයකදී මුණගැහෙන්නේ. තරඟයට කලින් පළවෙනි තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. මීට කලින් ලංකාව සහ කොදෙව් කණ්ඩායම තරඟාවලි 8 කදී සටන් […]
දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 20ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ප‍්‍රකාශ කලේ වෛරසය වැළඳුණු රෝගීන්ගේ සෙම් පටල වැඩිදුර පරීක්ෂාව සඳහා විදෙස් විද්‍යාගාර පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. මාසයකට අධික කාලයක සිට දකුණු පළාතේ ව්‍යාප්ත […]
දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ නිරිත දිග මෝසම සක‍්‍රීය වීම හේතුවෙන් එම තත්වය ඇතිවන බවයි. ඒ අනුව දකුණු පළාතට සහ මොණරාගල,මාතලේ ,නුවර එළිය,සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්ක වලට පැයට කිලෝමීටර 50 ක පමණ […]
අද 2018 ජුනි මස 06 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන12.09 සිට 1.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී12.09 සිට 1.35 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය දියරමය දේවල් වලින් ලාබ ලැබිය හැකි දවසක් . දියරමය දේවල් ආශ්‍රිත ව්‍යාපාර කටයුතු දියුණු වන සුභ දිනයකි. ඔබ ගැන අන් අය අතර […]
ඉදිරි වසරක කාලය සඳහා ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබෙනවා. පසුගිය මැයි මස 16 වනදා සිට බල පැවැත්වෙන පරිදි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් නව කමිටුව පත් කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ. රසාංජලී ද අල්විස්ගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස ජයමිණි ඉන්දිකා තිලකා ගුණරත්න සහ […]
කෙසෙල්වත්ත දිනුක නමින් හඳුන්වන, දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප‍්‍රධානතම ගෝලයෙකු හෙරොයින් ග‍්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙසෙල්වත්ත, ගුණසිංහපුර නිවාස සංකීර්ණය ආසන්නයේ පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරීන් විසින් කළ වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අසංක සංජීව නැමති 33 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතයි. SIYATHA […]
ශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්දය මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත් වුණා. කුමාරසිරි මහතා තේරී පත් වුනේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින්. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වුණා. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ […]
තවත් සුපිරි ක්‍රිකට් සැණකෙළියක් කැනඩාවේදී ආරම්භ වෙනවා. ඒ The Global T20 Canada. T20 පිටියේ සුපිරි තරු රැසක් මේ තරඟාවලියට සහභාගී වෙන්න නියමිතයි. තරඟාවලිය ජුනි 26 වෙනිදා ඉඳලා ජූලි 15 වෙනිදා දක්වා පවත් වෙනවා. කණ්ඩායම 6 ක් Global T20 කුසලානය දිනා ගන්න සටන් වදිනවා. පහුගිය දා තිබ්බ වෙන්දේසියේදී කණ්ඩායම් 6 ට ක්‍රීඩකයින් තෝරා ගත්තා. මෙවර තරඟාවලියට […]