https://youtu.be/Q42K0krX2lc?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V
දිමුත් කරුණාරත්න කියන්නේ වර්තමානයේ ලංකාවේ ඉන්න සාර්ථකම ක්‍රීඩකයෙක්. පහුගිය තරඟාවලි කිහිපය පුරාම ඔහු දස්කම් අතරට ආව, සුපිරි පළාත් සීමිත පන්දුවාර තරඟාවලිය කට උඩ තියාගෙන දිමුත්ට අකරතැබ්බයක් වෙලා තියෙනවා. ඒ ඊයේ පුහුණුවීම් අතරදී අබාධයකට ලක්වෙලා තියෙනවා. මේ වෙද්දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලයි ක්‍රිකට් ආයතනය වාර්තා කරන්නේ. ඔහු ඉක්මනින් සුපිරි පළාත් සීමිත පන්දුවාරට එක්වෙන්න නියමිතයි […]
හෙළ සිනමාවේ රිදී රේඛාව ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ දේහයේ අවසන් කටයුතු අද සිද්ධ වෙනවා. හැබැයි එතුමා දැන් සමුගෙන යන දවසේ හදකම්පා කරන සිදුවීමක් වාර්තා වුණා. 1565 දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද උදෑසන අතුරුදහන් වෙලා තියෙනවා. එතුමාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අදත් උදෑසන ඉඳන් පැමිණියා. උදෑසන 10 […]
වෙසක් දවසට ගොඩක් තරුණ තරුණියන් දන්සල් වඳින්න, වෙසක් අසිරිය බලන්න රට වට යනවා. එහෙම යන ගමන් දන්සැල්වල කෝප්ප, පොලිතීන් බෑග් තැන තැන දාලා පරිසරය අපිරිසිඳු කරනවා. බහුතරයක් එහෙම කරද්දී වෙසක් දවසේ හැමෝටම ආදර්ශනයක් වෙන වැඩක් කල පිරිසක් අපිට හම්බුනා. “youth of hope” (බලාපොරොත්තුවේ තාරුණ්‍ය) සංවිධානය මගින් පහුගිය දවස් 4 පුරාම බුද්ධ රශ්මි වෙසක් කලාපයේ පරිසරය […]
දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අදාළ අයදුම්පත් http://www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වනවා. එමෙන්ම, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර, නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන ලෙස විභාග අයදුම්පත් යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ICC යේ T20 ශ්‍රේණිගත කිරීම් අද යාවත්කාලින වුණා. හැබැයි ලංකාවට නම් T20 ශ්‍රේණිගත කිරීම් වල ලැබිලා තියෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාව T20 ශ්‍රේණිගත කිරීම් වල ඇෆ්ගනිස්ථානයට වඩා පහු බැහැලා තියෙනවා. අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් වල ලංකාවට හිමිවෙලා තියෙන්නේ 9 වන ස්ථානය. ඇෆ්ගනිස්ථානය 8 වන ස්ථානය හිමිකර ගෙන තියෙනවා. T20 ශ්‍රේණිගත […]
T20 කියන නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි ක්‍රිස් ගේල් කියන්නේ. T20 ඉතිහාසයේ දැවැන්තම ප්‍රහාරකයා ඔහුයි. ඒ වගේම IPL ඉතිහාසයේ පෙරළිකාරම පිතිකරුවාත් ක්‍රිස් ගේල්. ගේල් අවුරුදු 07 ක් එක දිගට Royal Challenge Bangalore කණ්ඩායමට ක්‍රීඩා කළා. හැබැයි මෙවර IPL වෙන්දේසියේදී ක්‍රිස් ගේල්ව RCB කණ්ඩායම මිලදී ගත්තේ නෑ. ඒ වෙනුවට Kings XI Punjab කණ්ඩායම තමයි ගේල්ව […]
නව කැළණි පාලමේ වාහන ධාවනය හෙට සිට සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නව කැළණි පාලමේ අලූත්වැඩියා කටයුතු හේතුවෙන්. ඒ අනුව හෙට සිට වාහන ධාවන කටයුතු වරින් වර සීමා කිරීමට සිදු වන බවයි පොලීසිය පැවසුවේ. මෙම තත්වය මත කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹට ඇතුලූ වීමේ දී හා කොළඹින් පිටත් වීමේ දී […]
ලියනාඩෝ ඩිකැප්‍රියෝ කියන්නේ කියන්නේ ලෝකයේ ඉන්න ජනප්‍රිය නළුවෙක්. හැබැයි ඔහුව වැඩියෙන්ම හදුනන්නේ ටයිටැනික් චිත්‍රපටයේ “ජැක්” කිව්වම. ඩිකැප්‍රියෝගේ නමින් කුරුමිණියෙක් නම් කරලා තියෙනවා. මැලේසියාවේ බෝර්නියෝ දූපත් වල පිහිටි දිය ඇල්ලක් අසලින් තමයි මේ කුරුමිණියා හොයාගෙන තියෙන්නේ. ඩිකැප්‍රියෝ පාරසරික ක්‍රියාකාරකම් වෙනුවෙන් දක්වන ලද සේවය වෙනුවෙන් තමයි මේ කුරුමිණියා ඔහුගේ නමින් නම් කරලා තියෙන්නේ. වෝටර් බිටල් නම් කුරුමිණි […]
සුපිරි බොලිවුඩ් නළු වරුන් ධවාන්ට තවත් අලුත් Film එකක් ලැබිලා. යෂ් රාජ් Films නිෂ්පාදනය කරන මේ Film එකේ නම සුයි දගා. තවත් Film එකක් ලැබුන වරුන් මුලින්ම කරන්නේ, පිටපත හොඳට කියවලා රඟපාන්න ඕන විදිහ ගැන කල්පනා කරන එක. හැබැයි මේ වෙනුවෙන් වරුන්ට මුලින්ම කරන්න වෙන්නේ ටිකක් අමාරු වැඩක්. සුයි දාගා ප්‍රධාන චරිතය වෙනුවෙන් රෙදි මහන […]
අභාවප‍්‍රාප්ත හෙළයේ මහා සිනමාවේ දී අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ තැන්පත් කර තිබෙනවා. එහිදී ලෙස්ටර් ජේ්ම්ස් පීරිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පස්වරු 03 දක්වා අවස්ථාව පවතිනවා. අද පෙරවරුවේ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය, නිවසේ සිට රථ පෙරහැරකින් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රය දක්වා […]
Facebook සහ WhatsApp කියන්නේ හරියට කිරි පැණියි වගේ. 2014 දී WhatsApp නිර්මාණය කරපු බ්‍රයන් ඇක්ෂන් සහ ජෑන් කොම් WhatsApp ජාලය Facebook සමාගමට විකුණුවා. ඒ ඩොලර් බිලියන 19 කට. WhatsApp සම නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කොම් එම තනතුරින් ඉල්ලා අස්වුණා. ඒ Facebook සමාගම එක්ක ඇති කර ගත්ත රණ්ඩුවක් නිසා. WhatsApp සමාගම විකුණද්දී Facebook සමාගමට […]