පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රභූවරයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා තම ප්‍රභූවරයා සැකකරුවෙකු ලෙස නම් කර සිටියදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී […]
2019 ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංගම බස් රථ මගින් ප්‍රවාහනය කර, රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අලගරත්නම් මනෝරන්ජන් මහතාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිරුලපන ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. අලගරත්නම් මනෝරන්ජන් මහතා, පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූ “කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත […]
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වු නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් රුපියල් මිලියන 12 ක දඩ මුදලක් අය කර ගැනීමට අධිකරණය අද නියෝග කළා. එ් කපිතාන්වරයා තමා වැරදිකරු බවට පිළිගැනීමත් සමගයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට හැකි වී නැතැයි වාර්තා වනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් කණ්ඩායම් 6 ක් ඔහුගේ කොළඹ, මන්නාරම සහ පුත්තලම යන ප්‍රදේශවල පිහිටි නිවෙස් වෙත පිටත් කර හැරියේ ඊයේ පස්වරුවේයි. එම කණ්ඩායම් ප්‍රථමයෙන් කොළඹ පිහිටි නිවස පරීක්ෂා කර අැති අතර රිෂාඩ් මන්ත්‍රීවරයා එහි නොසිටීම […]
ඊයේ පැවැති උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සදහා ස්මාර්ට් වර්ගයේ ඔරලෝසුවක් උපෙයා්ගී කරගත් ගම්පහ ප්‍රදේශයේ පාසලක සිසුවෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අදාළ සිසුවා ජීව විද්‍යා පුනරීක්ෂණ, පී.ඩී.එෆ්. ලෙස සකසා අදාළ ඔරලෝසුවට අැතුළත් කර විභාග මධ්‍යස්ථානයට රැගෙනවිත් තිබුණා. විභාගය අතරතුර එය පරීක්ෂා කරමින් සිටි සිසුවා දුටු පරීක්ෂකවරයෙක් එ් පිළිබද ශාලාධිපතිවරයා පැමිණිලි කර තිබෙනවා. […]
බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායනය සදහා යොමුකර තිබූ රැදවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා පළා යාමට උත්සාහකර තිබෙනවා. මෙසේ පළා යාමට උත්සාහ කර තිබුණේ, මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පිරිසක්. පොලිසිය පැවසුවේ, රැදවියන් 11 දෙනෙකු පෙරේදා රාත්‍රී මෙලෙස පළා යාමට උත්සාහ දරා අැති අතර ඔවුන් සිය අැලුමීනියම් පිගන් තියුණු අායුදයක් සේ සකසා […]
බලංගොඩ, පින්නවල, වලව්වත්ත ප්‍රදේශයේදී ගසක් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, තවත් කාන්තාවක් සිද්ධියෙන් තුවාල ලබා අැති බවයි. අදාළ ප්‍රදේශයේ තේ වතු යායක තේ දළු නෙළමින් සිටි කාන්තාවන් තිදෙනෙකු මෙම අනතුරට මුහුණ දී තිබුණා.
ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතුරින් ඉන්දියාව තුන්වැනි ස්ථානයට පත්ව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එ් අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 110,617ක්. එම මරණ සංඛ්‍යාවෙන් සියයට 53ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව අනාවරණ වී තිබෙනවා. එමෙන්ම වෙෙරසයට ගොදුරු වීමෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 70ක් පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්. […]
කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට අද දිනයේ පී.සී.අාර්. පරීක්ෂණයට සහභාගී වන ලෙසට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, එ් අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ මෙම පරීක්ෂාව සිදු කෙරෙන බවයි. එ් සදහා සදහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා. එමෙන්ම සියලුම බන්ධනාගාර රැදවියන්ගේ සෞඛ්‍ය අාරක්ෂාව සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් කණ්ඩායම් 6 ක් ඊයේ රාත්‍රියේ සිට යොදවනු ලැබුවා. එ් අනුව කොළඹ සහ මන්නාරම යන ප්‍රදේශවල පිහිටි ඔහුට අයත් නිවෙස් වෙත අදාළ නිලධාරී කණ්ඩායම් දෙකක් ඊයේ රාත්‍රියේම පිටත්ව ගියා. පසුගිය ජනාධිපතිවරණයේදී රජයේ මුදල් අවභාවිතා කිරීම සහ මැතිරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට අදාළව මන්ත්‍රී […]
දිවයින තුළ මේ වනවිට කොරෝනා වෙෙරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එ් අනුව මෙතෙක් වාර්තාව වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5038ක්. මෙතෙක් සුවය ලබා අැති සංඛ්‍යාව 3328ක් වන අතර 1697 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා. එම දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බවයි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් […]