News Line| Off Air
Generic placeholder image

Oct
13

රනිල් වික්‍රමසිංහ පාස්කු කොමිසම හමුවට

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද තෙවෙනි දිනටත් පැමිණියා. වික්‍රමසිංහ මහතා පසුගිය 6 වැනිදා ද කොමිසම හමුවේ පෙනී සිටි අතර එහිදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම අද දින දක්වා කල් තැබුණා. ඒ මහතා අද දින කොමිසම හමුවේ පෙනී සිටියේ ඒ […]


Oct
13

සුනාමි අනතුරු අැගවීමක් පිළිබද සංසරණය වන නිවේදනයක් නිසා මුහුදු අාශ්‍රිත ප්‍රදේශවල ජනතාව කැළෙඹයි – එවැනි කිසිදු අවදානමක් නොමැති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

Generic placeholder image

ඉන්දියානු සාගරය තුළ හටගත් බව පැවසෙන භූචලනයක් පිළිබද තොරතුරු අැතුළත් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සම මුහුදු ප්‍රදේශ අාශ්‍රිත ජනතාව නොසන්සුන් වී අැතැයි වාර්තා වනවා. නමුත් එවැනි කිසිදු භූ චලනයක් සිදුව ෙනාමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ නිවේදනය අසත්‍යයක්  බවත් සියත කළ විමසීමකදී අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත […]


Oct
13

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

පාර්ලිෙම්න්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එ්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සහ මහජන මුදල් අවභාවිත කරමින් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කිරීම සදහා අවතැන් වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනාවලට අදාළවයි.


Oct
13

ජාත්‍යන්තර ස්වභාවික අාපදාවන් අවම කිරීමේ දිනය අද – අාපදාවලින් වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතරින් ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට

Generic placeholder image

ස්වභාවික අාපදාවන් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ඔක්තෝබර් 13 වැනිදා ප්‍රකාශයට පත්කර අැත්තේ, අාපදා අවදානම අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සදහා වන ඒක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගිනි. මෙවර ඒහි තේමාව වී අැත්තේ, ‘අාපදා අවදානම් පාලනය’ යන්නයි. ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 නවතම දත්තවලට අනුව කාලගුණය අාශ්‍රිතව සිදු වූ කුණාටු, ගංවතුර, තාප තරංග අාදියෙන් සිදු […]


Oct
13

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ

Generic placeholder image

පූගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙකු අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ඔහු මියයාමේ සිද්ධියක් ගැන වැඩ බලන පොලිස්පතිවරයාෙග් උපදෙස් මත පරීක්ෂණයක් අාරම්භකර තිබෙනවා. පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ, මත්ද්‍රව්‍ය චෝදනාවක් මතයි. ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට අැතුළත් කිරීමේදී මෙලෙස මියගොස් තිබුණා.‍ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය […]


Oct
13

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමයි

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]


Oct
13

දකුණු කොරියාවෙන් දිනයක් තුළ කොරෝනා අාසාදිතයින් 102ක්

Generic placeholder image

දකුණු කොරියාවේ සති දෙකක පමණ කාලයක සිට පහත වැටෙමින් තිබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ සිට යළි ඉහළ යමින් අැතැයි විදෙස් මාධ්‍ය පවසනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඊයේ දිනය තුළ නව කොරෝනා අාසාදිතයින් 106 දෙනෙකු වාර්තා වූ බවයි. ඒරටින් සියය ඉක්ම වූ අාසාදිතයින් ප්‍රමාණයක් මෙලෙස වාර්තා වන්නේ දින 6කට පසුව වීම විශේෂත්වයක්‍. පසුගිය සති දෙකක පමණ සිට […]


Oct
13

අැදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළදසැල් සහ ඔෞෂධහල් අද සිට දින තුනක් වැසේ

Generic placeholder image

නිරෝධායන අැදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සියලුම වෙළදසැල්ස හ ඔෞෂධහල් අද සිට දින තුනක් වසා තැබීමට තීරණයකර තිෙබනවා. පොලිසිය පැවසුවේ, ඒම ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒය කඩ කරන්නන්ට ඒරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.


Oct
13

කොළඹ සහ ගම්පහ රෝහල්වල සායනික ඔෞෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සට

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භවනවා. මසකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබා දී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් දී සායනවලට පැමිණෙන රෝගීන් […]


Oct
13

සේවක තොරතුරු යාවත්කාලීන කරන ලෙසට අායතන ප්‍රධානීන්ට දැනුම්දීමක්

Generic placeholder image

ඉදිරි දින තුන අැතුළත සියලු රජයේ සහ පෞද්ගලික අායතනවල සියලු සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලිසිය අායතන ප්‍රධානීන්ට දැනුම් දෙනවා. රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීමට කාරුණික වියයුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.


Oct
12

කොරෝනා ව්‍යාප්තිය සහ දෙෙනික කටයුතු

Generic placeholder image

අද පස්වරුව වනවිට කොරෝනා ෙෙවරසය අාසාදනය වූ පුද්ගලයින් ගණන 1346 ක් දක්වා ඉහළ ගියා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, මිනුවන්ගොඩ කොරෝනා ෙපාකුරේ තවත් 39 දෙනෙකු වාර්තා වී අැති බවයි. නිරෝධායන මධ්‍යස්ථානවල 25 දෙනෙකු සහ අැගලුම් කම්හල් ෙස්වකයින්ගේ සමීපතමයින් 14 දෙනෙකු ඒ් අතර වනවා. මේ අතර සමස්ත ආසාදිතයින් අතරින් වෛද්‍යවරු තිදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී […]


Oct
12

මෙරට කැස්බෑ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළට.. හේතුව, නිව් ඩයමන්ඩ් ගින්න ද?

Generic placeholder image

පසුගිය දින කිහිපිය තුළ මුහුදු ප්‍රදේශ කිහිපයක් අාශ්‍රිතව විශාල වශයෙන් කැස්බෑවුන් මියයාම පිළිබද පුවත් වාර්තා විය. ඒය කතා බහට ලක්වන්නේ, පසුගිය 4 වැනිදාට යෙදුණු ලෝක සත්ත්ව දිනයත් සමගයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය ලක් වූයේ මසකට පමණ ඉහතදී නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව දෙසටයි. ඊට හේතුව වූයේ, ඒම නැව ගිනි ගැනීමත් […]


News Articles
Latest Videos
Most Popular Post