කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කර තිබෙනවා. කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් […]
කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නොමැති බව සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් 19 විශේෂ කි‍්‍රයාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේදී අනාවරණය කර තිබෙනවා. එම කමිටුව අද පෙරවරුවේ 7 වන වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්වුණා. ක‍්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිර යාම පාලනයට පනවා ඇති නීති රීති […]
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා. වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවක් වන අතර අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගාම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙය වනවා. […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස 03 වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. රුපියල් 292, 500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේඛම් පී.බී ජයසුන්දර වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මෙරට කොවිඩ් 19 ආසාධිතයින් සංඛ්‍යාව 916 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.
ලොව කවුරුත් දන්න ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ 36 වන උපන් දිනය අදට යෙදී තිබෙනවා. 1984 මැයි මස 14 වනදා ඔහු උපත ලැබුවා. ෆේස් බුක් නිර්මාතෘ ලෙස අප කවුරුත් හදුනන ඔහු ගැන ඔබ මේ දේවලුත් දැන සිටියාද? ඔහු වයස අවුරුදු 50 ට අඩු ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනාගේ ලැයිස්තුවේ සිටින එක් පුද්ගලයෙක් වනවා. මාර්ක් වර්ණ […]
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතිනවා. සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි. මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා අලුයම 5.00 ට […]
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ආදායම් අහිමිවූවන්ට හා අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් 5000 දීමනාව මැයි මාසය සදහාත් ලබාදීමේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ යටතේ පුද්ගලයින් 5,144,046 දෙනෙකු සදහා රුපියල් මිලියන 25,720. 24 ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික කර්මාන්ත ශාලා සහ […]
මහ මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත්කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සහභාගිත්වයෙන් යුතුවයි. එමෙන්ම ජූනි 20 වනදා පාර්ලිමේන්තුව පැවැත්වීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේඛම් ආරියවංශ දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් […]
ස්පාඤ්ඤයේ ජනගහනයෙන් විසි ලක්‍ෂයකට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය වීමේ අවධානමක් ඇතැයි අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා. එම සංඛ්‍යාව සමස්ථ ජනගහණයෙන් සියයට 05 ක් බවයි එහි දැක්වෙන්නේ. ස්පාඤ්ඤයේ තවදුරටත් වේගයෙන් කොරෝනා වෛරසය පැතිරෙමින් යන අතර එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාධිතයින් ගණන දෙලක්ෂ 71 දහස ඉක්මවා තිබෙනවා.
කොළඹ කොටස් වෙළදපොල ගණදෙනු අඛණ්ඩව දෙවන දිනටත් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ අනුව අද දිනයේ ගණදෙනු අවසන් වන විට සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 26 කින් ඉහළ ගොස් තිබුණා.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූවන් ඡන්ද ප‍්‍රකාශ කිරීම සදහා ශී‍්‍ර ලංගම බස් රථ මගින් මන්නාරම දිස්ති‍්‍රක්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සදහායි හිටපු මන්තී‍්‍රවරයා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ.