News Line| Off Air
Generic placeholder image

Feb
21

ආමි සමන්තගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන අත්අඩංගුවට ගත් බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. දිවුලපිටිය බඩල්ගම – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් මෙම සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට […]


Feb
20

Update – කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය යළි විවෘතයි

Generic placeholder image

ගින්නක් හේතුවෙන් ඇතිවු දුමාරය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව පොලීසිය පවසනවා. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ඇතිවු දුමාරය නිසා කොළඹ සිට කටුනායක දක්වා රථ වාහන ගමනා ගමනය සඳහා තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමීමට […]


Feb
20

අධ්‍යාපන චාරිකාවක් අතරතුර දියේ ගිලී මිය ගිය සිසුන්ගේ ගුරුවරුන් සම්බන්ධයෙන් විමර්ශන

Generic placeholder image

අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බදුල්ල – හාලිඇල විද්‍යා විදුහලේ සිසුන් සිව් දෙනෙකු ගෝමරන්කඩවල ප්‍රදේශයේදී දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටි බව වාර්තා වනවා. පසුව […]


Feb
20

උම්මා සහ කොරෝනා

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


Feb
20

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව තහනම් කිරීමට නිර්දේශ

Generic placeholder image

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සදහන්. මෙම […]


Feb
20

ශ්‍රී ලංකා – කොදෙව් පුහුණු එක් දින තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 6 ක ජයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහි පුහුණූ එක් දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා. තරගය පැවැත්වුනේ කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිඩාංගනයේදියි. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සිය පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණූ 276 ක් ලබාගත්තා. මිනොද් භානුක ලකුණූ […]


Feb
20

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා කොටස පමණක් විවෘත වෙයි

Generic placeholder image

ගින්නක් හේතුවෙන් මතුවූ දුමාරයත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා කොටස පමණක් මේ වනවිට විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සදහන් කළා. මේ වනවිට පෑලියගොඩ අවට පවතින අධික රථ වාහන තදබදය හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොලීසිය පැවසුවේ. එසේම රාත්‍රී 8 දක්වා එම කොටසේ රථ වාහන […]


Feb
20

සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට ස්ථීර පත්වීම්

Generic placeholder image

“සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වුණා. එහිදී සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කර තිබෙනවා. රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක් වන අතර රාජ්‍ය […]


Feb
20

ශී‍්‍ර ලංකා කොදෙව් කි‍්‍රකට් සටනේ නව වාර්තාව

Generic placeholder image

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙරට සංචාරයක නිරත වන්නේ මාස 15 කට පසුවයි. අවසන් වරට කොදෙව් කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වුයේ 2015 වසරේ දී යි. ටෙස්ට් තරගාවලිය තරග 2 කට බිංදුවක් ලෙසත් එක්දින තරගාවලිය තරග 03 ට බිංදුවක් ලෙසත් ශි‍්‍ර ලංකා කණ්ඩායම ජය වර්ථා කළ අතර විස්සයි 20 තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමාවට පත් […]


Feb
20

හැරී මේගන් යුවල අවසන් නිල රාජකීය කටයුතු වල

Generic placeholder image

රාජකීය ධුර අත්හල බ්‍රිතාන්‍යයේ හැරී සහ මේගන් යුවල මේ දිනවල සිය අවසන් නිල රාජකීය කටයුතුවල නිරතව සිටිනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ රාජකාරි කටයුතු ලබන අප්‍රේල් මාසයෙන් අවසන් කරමින් නිල ලිපියක් නිකුත් කිරීමට බකිංහැම් මන්දිරය කටයුතු කර තිබුණා. සසෙක්ස් හි ආදිපාද හැරී සහ මේගන් යුවළ සිය රාජකීය නිලතල අත්හරින බව නිල වශයෙන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදීයි. […]


Feb
20

රාවණ ඉතිහාසය ගවේෂණය කළ ආචාර්ය මිරැන්ඩෝ අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 21 දින මාතලේ ගලේවෙල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි. මෙරට ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක පර්යේෂණ ග්‍රන්ථ කතුවරයකු ලෙස ඔහු බොහෝදෙනෙකු අතර ජනප්‍රියයි. සීගිරිය කාශ්‍යප රජු නිර්මාණය කළ එකක් නොව වීශ්‍රවමුනි නම් වූ […]


Feb
20

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වැසෙයි

Generic placeholder image

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් හදිසියේම ගිනි ගැනීම නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දින දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. අද දින පෙරවරුවේ මෙම ගින්න හට ගෙන ඇති අතර එයින් නිකුත් වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සදහන්. […]


News Articles
Latest Videos
Most Popular Post