ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට එක්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් වී තිබෙනවා. නවතම ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙලෙස තේරී ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙසද පේරාදෙණිය විශ්ව විද්‍යාලය නම් වී තිබෙනවා. ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම සිදු කෙරෙන්නේ ලොවපුරා විශ්ව විද්‍යාල 30,000 ක් […]
කොවිඩ් නයින්ටීන් වෛරසය සමග සටන් වදින වූහාන් නගරය පිළිබඳව චීනයේ CGTN නාලිකාව වාර්තා වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. ඉතා සංවේදී වැඩසටහනක් වන එය නම්කර තිබෙන්නේ “එපිසෙන්ටර් – ටුවෙන්ටි ෆෝ අවර්ස් ඉන් වූහාන්” යනුවෙන්. නව කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වුණේ චීනයේ හුබෙයි පලාතේ පිහිටි වූහාන් නගරයටයි. මේ වනවිට එම නගරය මුළුමනින්ම […]
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගන්නේ නම් වසර පහක් ඉක්මවෙන තෙක් එම සලකුණ යළි පෙර පැවති පක්ෂයට ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා. එම නිසා “හංසයා”, ලකුණ සමගි ජන බලවේගයට භාවිත කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළැඹීම සිදු නොවූ බව එක්සත් ජාතික පක්ෂ […]
ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සදහා රුපියල් දස ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. හොංකොං හි කොන්ෂුක් නාම්චක්ෂි භික්ෂුණිය ඇතුළු ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත තායිලන්ත දූත පිරිස අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව සදහන්. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා වර්ධනය […]
රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික මෙජර් ජනරාල් විජිත රවීප්‍රිය මහතා පත් කර තිබෙනවා.
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වල වාරය මැද සිදුකළ ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ අනුව මෙම වර්ශයේ ගුරු ස්ථාන මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේදි දැනුම් දීමට නියමිතයි. එමෙන්ම ගුරු ස්ථාන මාරු […]
අඩු නිපුණත්වයෙන් යුත් ශ්‍රමිකයින්ට වීසා ලබාදීම අත්හිටුවීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව සදහන්. එමෙන්ම මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිත කල හැකි සෑම අවස්ථාවකදීම ඊට පසුබට නොවන ලෙස බ්‍රිතාන්‍ය රජය එරට ආයතන වලට උපදෙස් ලබාදී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී සිට අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත්, චීන ජාතික කාන්තාව අද (19) සවස යළිත් සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වුණා. ලූඕ යාන් (Luo Yang) නැමැති 44 හැවිරිදි ඇය චීනයේ හූබෙයි ප්‍රාන්තයේ උපත ලත් කාන්තාවක්. ඇය අද දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී […]
දිවයින පුරා කාපර්ට් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සෑදීම වෙනුවෙන් පළමු අදියර යටතේ පේරාදෙණිය ගලහ ප්‍රදේශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලංකාවේ සෑම ප්‍රධාන නගරයකට ඉතා ඉක්මනින් ලගා විය හැකි වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය බලගැන්වෙනු ඇති.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය සදහන් කළා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා අනාවරණය කළා. පාස්කු ප්‍රහාරයෙන් පසු කාන්තාවන් 07ක් ඇතුළු සැකකරුවන් 216 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා […]
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ආමි සමන්ත නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දිවුලපිටිය – බඩල්ගම ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රැඳී සිටියදියි. සැකකරු මාකඳුරේ මධුෂ් සමඟ විවිධ අපරාධ සඳහා එක්ව ඇති අතර ඔහු කොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපරාධකරුගේද ගෝලයෙක්. ඝාතන ඇතුලු විවිධ අපරාධ සඳහා […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න එහි නායකත්වය දරණ අතර අවිශ්ක ෆනෑන්ඩෝ, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් සහ ලහිරු කුමාර එම සංචිතයට අයත් වනවා.