එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වෙන බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණා.
ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලවයි. හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් […]
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි එළවළු මිළ ගනන් සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අද(21) පෙරවරුවේ එහි සංචාරය කළා. මේ අතර සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් අද දිනයේ සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පවසනවා. යාපනය ප්‍රදේශයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ මෙලෙස එළවළු මිල […]
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා අද(21) නියෝග කළා. ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරනු ලැබුවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අද (21) යි. ඊයේ (20) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 74 […]
සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට ඩිරාම් ලක්ෂ පහ බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කර ඇති අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න බව වාර්තා වෙනවා. ඩුබායි තරු පංතියේ නිවාඩු නිකේතනයක […]
උපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරිම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් මහ පාරේ […]
ඊයේ සවස් කාලයේ පෘථිවිය ආසන්නයෙන් අඩි 755 ක විෂ්කම්බයකින් යුත් ග්‍රාහකයක් ඇදී ගිය ඇති බව නාසා ආයතනය සදහන් කරනවා. ,ඒ පිලිබදව අදහස් දක්වන ඒම ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම ග්‍රාහකය යම් හෙයකින් මග වෙනස් වී පෘථිවියේ ගැටුණේ නම් මහා විනාශයක් සිදුවන්නට ඉඩ තිබු බවයි. ” 2020 ඒ කියූ 01 ” නමින් හදුන්වන මෙම ග්‍රාහකය […]
විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මෙම නවීන තාක්ෂණික වැඩ සටහන නිල වශයෙන් ඇරඹීම ඊයේ(20) අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී සිදුවුණා. මේ වන විට 641,000 පමණ පිරිසක් විශ්‍රාම වැටුපට හිමිකම් කියන අතර රජය මාසිකව රුපියල් බිලියන 250ක පමණ […]