News Line| Off Air
Generic placeholder image

Jan
20

විනිසුරු ගිහාන් පිලපිටියගෙන් CCDයට පැය 5ක ප්‍රකාශයක්

Generic placeholder image

විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ඊයේ (19) පස්වරුවේ පැය 05ක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. නීතිපතිවරයාගේ නියෝගකට අනුව විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලාන්තමක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රකාශ […]


Jan
20

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගුවන් තොටුපොළ සෞඛ්‍ය අංශ අවධානයෙන්

Generic placeholder image

කොරෝනා වෛරස් රෝගී තත්වයක් චීනයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව එම වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඉතා අවධානයෙන් පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විශේෂයෙන්ම චීනයේ සිට සෙම්ප්‍රතිෂ්‍යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.


Jan
20

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ තරගය අවසානයෙදී පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 02 කට ලකුණු 189 ක් රැස්කර ගෙන සිටි අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු එක බැගින් හිමි කරගැනීමට සමත් වුණා.


Jan
20

ජල ගාස්තු ඉහළට?

Generic placeholder image

ජල ගාස්තු ඉහල දැමීම පිලිබදව රජයේ අවධානය යොමුව තිබෙන බව විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව ඇති බවයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට […]


Jan
20

එජාපයේ තුන්කොන් සටනේ අවසන් තීරණය අද

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂයේ පවතින අර්බුද පිලිබදව අවසන් තිරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර […]


Jan
20

ගිනස් වාර්තාවකට සැරසෙන ලංකාවේ නිවුන්නු

Generic placeholder image

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තිබෙන බව ශ්‍රී ලංකා නිවුන් සංගමය සදහන් කරනවා. එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් සිය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද පෙරවරු 10. 00ට […]


Jan
20

වැස්ස වැඩි වන ලකුණු

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් වැසි තත්ත්වය තරමක් දුරට වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි දින කීපයේ දී නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 70 – 80 ට වැඩි තරමක් තද වැසි ඇති වන බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.


Jan
19

GSP+ බදු සහනය 2023 දක්වා තව දුරටත් ඉදිරියට

Generic placeholder image

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorstenbargfarde) මහතා සඳහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබාදීමට තීරණය කළ ද එහි නිරික්ෂණය ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවයි. […]


Jan
19

කටුනායක ගුවන් තොටුපල තුළ අනවසරෙන් රැඳී සිටි 9ක් අධිකරණයට

Generic placeholder image

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ තහනම් කලාපයේ නීති විරෝධිව රැඳී සිටිමින් ගුවන් මඟීන්ට බලපෑම් සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා. ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය අසල තහනම් කලාපයේ දේශිය හා විදේශිය ගුවන් මඟීන්ට බාධාවන […]


Jan
19

නව තාක්ෂණයත් සමඟ දුම්රිය සේවාව ඉදිරියට

Generic placeholder image

නව තාක්ෂණයත් සමඟ දුම්රිය සේවාව ඉදිරියට ගෙන යා යුතු බව රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රියේ අඩුපාඩුකම් සොයා බැලිම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා එම දුම්රියේ නිරික්ෂණ චාරිකාවකට එක්වු අවස්ථාවේ දී. කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන […]


Jan
19

හැරී – මේගන් යුවලට රාජකීය තනතුරු නොදැන බවට දැනුම් දෙයි

Generic placeholder image

හැරී සහ මේගන් යුවළ මින් ඉදිරියට රාජකීය තනතුරු භාවිත නොකරන බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා ඒ රාජකාරී කටයුතු ඉටුකිරීම වෙනුවෙන් ලබාදෙන පොදු අරමුදල් ද ඔවුන් දෙපළට නොලැබෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. තමන් යුවළ රාජකීය තනතුරු අතහැරීමටත් මූල්‍යමය අතින් ස්වාධීන වීමටත් අදහස් කරන බව බ්‍රිතාන්‍යයේ සසෙක්ස්හි ආදිපාද යුවළ එළිසබෙත් රැජිනට දැනුම් දුන්නේ මීට දින […]


Jan
19

රනිල්, කරූ, සජිත් එක්ව එජාප නායකත්වය ගැන කරන විශේෂ සාකච්ඡාවක් හෙට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හෙට පෙරවරුවේ කොළඹ දී සාකච්ඡාව පැවැත්වෙනවා. පසුගිය 09 වනදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වු අතර නායකයන් තිදෙනා රැස්ව අවසන් තීරණයක් ගැනීමට එහිදි එකඟතාව […]


News Articles
Latest Videos
Most Popular Post