News Line| Off Air
Generic placeholder image

Jan
9

ගුජරාට ප්‍රාන්තයේ සරුංගල් සැණකෙළියක්

Generic placeholder image

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පැවැත්වෙන සරුංගල් සැණකෙළියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. ඊට රටවල් 40කින් පුද්ගලයන් සහභාගි වී සිටින බව සඳහන්. බටහිර ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ වාර්ෂික සරුංගල් සැණකෙළිය පසුගිය අඟහරුවාදා දිනෙන් ආරම්භ වුණා. අහමදාබාද් නගරයේ පැවැත්වෙන සැණකෙළියට රටවල් 40ක් නියෝජනය කරමින් සරුංගල් කණ්ඩායම් සහභාගී වී සිටිනවා. විවිධ හැඩයන්ගේ සහ පැහැයන්ගේ සරුංගල් අහමදාබාද් ගුවන අලංකාර කර […]


Jan
9

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සදහා අභියාචනා ඉදිරිපත් කළ සිසුන්ගේ ප්‍රතිඵල අන්තර්ජාලයට

Generic placeholder image

2019 වසරේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණු බවට විභාග දෙපාර්තමේන්තුව වෙත අභියාචනා ඉදිරිපත් කළ සිසුන් සඳහා එම අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල පසුගියදා (07) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රතිඵල එක් එක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් යොමු කර ඇති අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk […]


Jan
9

පෑලියගොඩ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Generic placeholder image

සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බලප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා. එමෙන්ම කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. ජලනල කාන්දුව මේ […]


Jan
9

භාවිතයට ගත නොහැකි සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියාවට පියවර

Generic placeholder image

භාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළා. මෙම වැඩපිළිවෙල යටතේ දුම්රිය මැදිරි දෙසීයක් (200) මුල් අදියර යටතේ අලුත්වැඩියා කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 2.3 ක් වෙන්කර තිබෙන බවත් ඔහු පැවසුවා. මීට අමතරව නව දුම්රිය හතරක් මේ වන […]


Jan
9

කොළඹ හයිඩ්පිටිය ආසන්නයේ පුද්ගලික ආයතනයක හදිසි ගින්නක්

Generic placeholder image

කොළඹ හයිඩ්පිටිය ආසන්නයේ පිහිටි පුද්ගලික ආයතනයකට අයත් ගොඩනැඟිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. අදාළ ගොඩනැඟිල්ලේ තිබු කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මේ වන විට ගිනි නිවීම් සඳහා එම ස්ථානයට ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බව සඳහන්.


Jan
9

ගානියාට අධිකරණ නියෝගයක්

Generic placeholder image

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් මහත්මියට සෑම මසකම අවසන් ඉරිදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් […]


Jan
9

හපුතලේ ගුවන් අනතුර ගැන පරික්ෂණ වාර්තාව ගුවන් හමුදාපති අතට

Generic placeholder image

පසුගියදා හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදාවට අයත් y 12 යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් ගුවන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයින් 04 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. ඒ අනුව අනතුර සිදුවීමට බලපෑ යානයේ දෝෂයක් මෙතෙක් හදුනාගැනීමට නොහැකිව තිබෙන බවයි පැවසෙන්නේ. වැඩි දුර පරීක්ෂණ සදහා කඩා වැටුණු යානයේ එන්ජිම ඇතුළු කොටස් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් […]


Jan
9

අනතුරට පත් යානයේ කළු පෙට්ටිය ඇමෙරිකාවට නොදෙන බවට ඉරානයෙන් ප්‍රකාශයක්

Generic placeholder image

මගින් 176 දෙනකු ජිවිතක්ෂයට පත් කරමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට කඩා වැටුණු බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයට අයත් කළු පෙට්ටිය අනතුරු පිළිබද පරීක්ෂණ සඳහා බෝයිං සමාගමට හෝ ඇමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය අවධාරනය කරනවා. මෙම ගුවන් යානය හදිස්සියේ කඩා වැටුණේ අමෙරිකාවට අයත් හමුදා කදවුර දෙකකට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර සුළු වේලාවකින් පසුවයි. […]


Jan
9

මාතලේ නගරාධිපති අත්අඩංගුවට

Generic placeholder image

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට සිදුකළ පහර දීමක් සම්බන්දයෙන්ය.


Jan
9

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව මාර්තු මස කැඳවයි

Generic placeholder image

හම්බන්තොට, මැදමුලන, ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව නැවත මාර්තු මස 10 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළා. මෙම […]


Jan
9

ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහ‌ලේ නිරීක්ෂණ චාරිකාවක (Photo )

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වෙනවා. එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇති බවට […]


Jan
9

බකිංහැම් මාලිගයම වික්ෂිප්ත කරමින් හැරී කුමරු සහ මේගන් ගත් තීරණය

Generic placeholder image

බ්‍රිතාන්‍ය රජපවුලේ හැරී කුමරු සහ මේගන් ගත් තීරණයක් සම්බන්ධයෙන් ලෝකයේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා. එනම් හැරී කුමරු සහ මේගන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ තමන් තව දුරටත් රජ පවුලේ සාමාජිකයින් ලෙස පෙනී නොසිටින බවයි. විශේෂයෙන්ම ඔවුන් දෙපල ගත් මේ තීරණය පිලිබදව රජ පවුලේ කිසිවෙකුත් දැනුවත්ව නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ පිලිබදව රජ […]


News Articles
Latest Videos
Most Popular Post