News Line| Off Air
Generic placeholder image

Jan
9

රංජන්ගේ හඬපට මුදාහැර ඇති බවට එල්ලවන චෝදනාවලට පොලීසියෙන් ප්‍රතිචාර

Generic placeholder image

රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. එම හඞපට සමාජගත වීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ. බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු පසුගිය […]


Jan
9

අමෙරිකාවේ ඉදිරි ක්‍රියාමාර්ග මත ප්‍රතිචාර දැක්වීමට ඉරානය සුදානමින්

Generic placeholder image

ඇමෙරිකාව සහ මැද පෙරදිග රටවල් අතර ඇතිව තිබෙන නොසන්සුන්තාවය පිලිබදව මේ වන විට ලොව පුරා කතා බහට ලක්ව තිබෙනවා. මෙවැනි මොහොතක ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් සදහන් කලේ ඉරානයට එරෙහිව නව සම්බාධක පනවන බවත් ඉරානය එල්ල කල ප්‍රතිප්‍රහාර වලින් කිසිදු අමෙරිකානුවකු හෝ ඉරාක ජාතිකයකු මියගොස් නොමැති බව අවධාරණය කර තිබෙනවා. එමෙන්ම මේ අතර […]


Jan
9

ඇමති දිනේෂ් නිල සංචාරයක් සදහා ඉන්දියාවට

Generic placeholder image

විදෙස් කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ඉන්දියාවේ රජයේ ඉහල නිලධාරීන් සමග මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ. එමෙන්ම විදෙස් කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පළමු විදෙස් සංචාරය ද මෙය වෙනවා.


Jan
9

ඉරාන ගුවන් අනතුරේ ජායා රූප මාධ්‍යට හමුවට

Generic placeholder image

ඉරානයේ ටෙහෙරාන් නුවරට කඩා වැටුණු බෝයින් 737 වර්ගයේ ගුවන් යානය අනතුරට පත් ස්ථානයේ දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා. මෙම අනතුරේන් ඉරාන ජාතිකයින් 82 දෙනෙක් , යුක්‍රේන ජාතිකයින් 11 දෙනකේද . කැනේඩියානු ජාතිකයින් 63 දෙනෙක්ද ස්වීඩන් ජාතිකයින් 10 දෙනක් ද මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව යානයේ ගමන් ගත් […]


Jan
9

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Generic placeholder image

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වෙනවා. ඒ අද පස්වරු 3.00 ටයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.


Jan
9

අදත් සවසට වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, සවස් කාලයේ තද වැසි සමග අකුණු අනතුරු සිදුවීමේ අවධානමක් පවතින බවත් ජනතාවට ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Jan
8

හමුදා ක්‍රියාමාර්ග ගන්නේ නැහැ අපි ඉරානයට සුභ පතනවා ශක්තිමත් අනාගතයක් බිහිකර ගන්න – ජනපති ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි

Generic placeholder image

තමාට තවදුරටත් ඉරානයට එරෙහිව ඇමරිකානු මිලිටරි බලය භාවිතා කිරීමට අවශ්‍ය නැති බවත්, න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර ත්‍රස්තවාදීන්ට සහාය දීම නතර කරන ලෙස එහි නායකයින්ට බල කිරීම සඳහා නව සම්බාධක පැනවීමට කටයුතු කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් මීට සුලු මොහොතකට පෙර කියා සිටියා. මැදපෙරදිග පුරා එක්සත් ජනපද සහ මිත්‍ර හමුදා දහස් ගණනක් ඝාතනය කිරීමට සහ අහානි […]


Jan
8

ක්‍රිස් ගේල්ට පන්දු යැවීමේ තහනමක්

Generic placeholder image

නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ඔස්ට්‍රේලියානු පිටදඟ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ පන්දු යැවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ක්‍රිස් ගේල් 20/20 බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළා. පසුගියදා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂසහිත බවට විනිසුරුවරුන් තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් […]


Jan
8

ඕස්ට්‍රේලියා ලැව් ගින්නේ චන්ද්‍රිකා ඡායාරූප නාසා ආයතනය නිකුත් කරයි (Photos)

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දූපත හි සිදුවූ ලැව් ගින්නෙන් සිදු වූ හානිය කොතරම්ද යන්න පිලිබද නාසා ආයතනය විසින් ටෙරා චන්ද්‍රිකාවක් මගින් ඡායාරූපගත කර තිබෙනවා. ගින්නට පෙර දූපතේ ස්වභාවය සහ ගින්නෙන් පසු ස්වභාවය මෙම ඡායාරූප වල සටහන් වනවා. මෙම ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 155,000 ක් පමණ විනාශ වන්නට ඇති බව නාසා ආයතනය පවසනවා. ගින්නට පෙර ගින්නට පසු


Jan
8

හඩපට එලියට ඒම ගැන රංජන්ගෙන් අධිකරණයට මෝසමක්

Generic placeholder image

තම නිවසින් සොයාගත් දුරකථන සංවාද හඩපට නඩු භාණ්ඩ බවට පත්කර තිබියදී ඒවා මාධ්‍ය ආයතන වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මේ පිළිබඳ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයටද රන්ජන් රාමනායක මහතා විසින් අද මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ වනතෙක් පොලිසිය විසින් අදාල හඩපට අධිකරණයට ඉදිරිපත් කර […]


Jan
8

නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් 42ක් බඹර ප්‍රහාරයකින් රෝහලට

Generic placeholder image

නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් 42 දෙනෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිසුවියන් මෙන්ම ගුරුවරුන් තුන්දෙනෙකු ද ඒ අතර වන බව අප වාර්තාකරු සඳහන් කළා. පාසල නිමවී සිසුන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ ඔවුන් ක්‍රීඩා කිරීමට යොදාගත් බෝලයක් බඹර කූඩුවක ගැටීමෙන් බඹරුන් ඇවිස්සී තිබෙනවා. බඹර දෂ්ඨණයෙන් තුවාල ලබා රෝහල් ගත […]


Jan
8

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් නිකුත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්

Generic placeholder image

මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ සිසු සිසුවියන් එම ඉල්ලුම්පත්‍ර මාර්තු 31 වනදාට පෙර යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන […]


News Articles
Latest Videos
Most Popular Post