News Line| Off Air
Generic placeholder image

Nov
11

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් කැඳවීමේ සීනුව නාද වෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කැඳවීමකට අනුව පාර්ලිමේන්තුව අද පෙරවරුවේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ගැනීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව රැස්වුණා. කෙසේ වෙතත් ඝනපූර්ණය නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පෙන්වාදීමෙන් අනතුරුව මන්ත්‍රිවරුන් කැඳවීමේ සීනුව නාද කෙරුණා. ඉන් අනතුරුව ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සිටීම හේතුවෙන් විවාදය ඉදිරියටත් පවත්වාගෙන යාමට කථානායකවරයා […]


Nov
11

SB ගේ ආරක්ෂකයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Nov
11

බෙන්තොට ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ 21 ක් අත්අඩංගුවට

Generic placeholder image

බෙන්තොට – කහල්ල ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් විසි එක්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී මත්පෙති, ගංජා, හෙරොයින් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් 21 දෙනා අතර මත්පෙති සන්තකයේ තබාගෙන සිටි 13 දෙනෙකු සහ ගංජා සන්තකයේ තබාගෙන සිටි පස්දෙනෙකු වන බව […]


Nov
11

රත්නපුර තේ වගාවට දිලීර රෝගයක්

Generic placeholder image

රත්නපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල තේ වගාවට පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් අමු තේ දළු අස්වැන්න 60 % කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව කුඩා තේ වගාකරුවන් සඳහන් කරනවා. මේ තත්ත්වය ඕපනායක, බලංගොඩ, වතුකාරකන්ද, රාවණාකන්ද, තෝරවෙල කන්ද, ගල්ලෙන කන්ද, කට්ටඩිකන්ද යන ප්‍රදේශවල තේ වගාවන් හි බහුලව පවතින බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම මේ සදහා තවමත් […]


Nov
11

ජනපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 3500 ඉක්මවයි

Generic placeholder image

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නාමයෝජනා භාරදුන් දිනයේ සිට මෙම පැමිණිලි ලැබී තිබෙනවා. මෙම පැමිණිලි අතරින් පැමිණිලි 3387ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වලට අදාළ වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක් හා වෙනත් පැමිණිලි 106ක්ද සමස්ත පැමිණිලි 3519 […]


Nov
11

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත පිළිබඳ විවාදය අරඹයි

Generic placeholder image

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව කථානායක කරු ජයසූරිය මහතා කැදවනවා.


Nov
11

ජනපති මෛත්‍රීට උපහාර පිදීම 14වැනිදාට

Generic placeholder image

සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පවත්වන උපහාර උළෙල එළැඹෙන 14දා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව රජයේ නිල පුවත් සේවය සඳහන් කරනවා. පෙ.ව. 11.00ට ආරම්භවීමට නියමිත මෙම උපහාර උළෙල ජනපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන අතර එහිදි ජනපතිවරයාට උපහාර දැක්වෙන අතර ජනපතිවරයා විසින් එම කාර්යාලයේ සේවක සේවිකාවන්ද ඇගයීමට ලක් කරනවා.


Nov
11

යාපනය සිට චෙන්නායි හා ට්‍රිචි දක්වා ගුවන් ගමන් අද සිට

Generic placeholder image

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාවක් අද පෙරවරුවේ යාපනය ගුවන් තෙටුපොළට පළමු වාණිජ ගුවන් ගමන සිදුකිරීමට සුදානම් වෙනවා.


Nov
11

ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස නම් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

Generic placeholder image

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වාර්තා වෙනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ ශ්‍රී පාද සමබන්දයෙන් පැවති රැස්වීමකට එක් වෙමිනි.


Nov
11

විපක්‍ෂ නායකවරයා සහ මන්නාරම රදගුරු අතර සාකච්ඡාවක්

Generic placeholder image

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මන්නාරම රදගුරු මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ මන්නාරම රදගුරු නිවසේදීය. මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.


Nov
11

ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත අයිස් බිත්තර වලින් හැඩ වෙයි

Generic placeholder image

ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත මේ වන විට දුර්ලභ කාලගුණික විපර්යාසයක් නිසා හැමදෙනාගේම අවධානය දිනාගෙන තිබෙනවා. හයිලුඔටෝ දුපතේ වෙරල තිරයේ සුළගේ සහ ජලයේ බලපෑමෙන් දුර්ලභ ලෙස බිත්තර හැඩති අයිස් බෝල බවට පත්ව තිබෙනවා. ඒ අනුව මෙම වෙරල තිරයේ මෙම සිදුවීම මීටර් 30 ක් පමණ ප්‍රදේශයට පැතිර ගොස් තිබෙන බව එම පිදුම සහගත සිදුවීම ඇසින් දුටුවන් සදහන් කරනවා. […]


Nov
11

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ඇති වූ ගින්නෙන් වාහන රැසක් විනාශ වෙයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ගින්නක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබු යතුරු පැදි 47 ක් පමණ විනාශයට පත්ව තිබෙන බව වෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ඒ සම්බන්දයෙන් පරීක්ෂණ ක්‍රියාත්මයි.


News Articles
Latest Videos
Most Popular Post