වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අද පැවැත්වෙනවා. සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය අද රාත්‍රියේදි සිදු කිරීමට නියමිතයි. සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට අද රාත්‍රි 09.00 […]
පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නැවතත් චෝදනා එල්ල වී සිටින පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණය සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර පරීක්‍ෂණාගාරයකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අනිද්දා (22) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව අකිල පරීක්‍ෂණය සඳහා චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතයි. […]
එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ස්ටීවන් ස්මිත්ට ලීඞ්ස්හිදී අනිද්දා (22 වැනිදා) ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය අහිමිවී යන බව ඕස්ට්‍රෙිලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා අද (20 වැනිදා) ස්ථීරව ප්‍රකාශ කර තිබෙනවා. සිවුවැනි දිනයේදී ජොෆ්රා ආචර් යැවු පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට […]
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරයෙන් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වනවා. එතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර පසුගිය ජනවාරී මස 10 වන දින රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධූරයට පත් වී තිබෙනවා.
සතොස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කලේ විත්තිකරු ඉදිරිපත් කල අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි. රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත විත්තිකරු මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළා. ස.තො.ස ආයතනයේ හිටපු […]
චන්ද්‍රයාන් දෙක යානය චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුළත් වී ඇති තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ යානාව මේ වන විට කක්ෂය වටා සංචාරය කරමින් පවතින බවයි. ඉදිරි දින කිහිපය තුළ යානාව චන්ද්‍රයා මතට මෘදුව ගොඩබැස්වීමට නියමිත බව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහන් කලා. චන්ද්‍රයා මත මෘදුව යානාවක් ගොස් බස්වන ප්‍රථම අවස්ථාව මෙයයි. චන්ද්‍රයාන් දෙක යානය පසුගිය 22 […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
රටේ ශ්‍රම බලකායට විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ “මෙහෙවර පියස” ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරුණා. 2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500ක්. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් […]
පසුගිය මාර්තු මාසයේ පැවති දහම්පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. මධ්‍යස්ථාන 868 කදී පැවති මෙවර විභාගයට අපේක්ෂකයන් 77,643 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සමත්ව ඇත්තේ 35,421 දෙනෙකු පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම විභාගයේ ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේදී නවසීලන්ත නායක කේන් විලියම්සන්ව විවේක ගන්වා තිබෙනවා. ඒ අනුව 20යි 20 තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටිම් සවුතිටයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිට තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක කේන් විලියම්සන්ට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේදී විවේකයක් ලබා දීමට තීරණය කළ […]
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට වේදනා පාලන හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම පළමු පාඨමාලා කණ්ඩායමට හෙද හෙදියන් 42 නෙක් ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ අතර අදාළ පාඨමාලාව පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගින් මෙහෙයවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව දැඩි සත්කාරක හෙදියන්, හදිසි […]
හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ඨ සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමඟ සුහද කතා බහක ද නිරත වූ අතර .හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.