පසුගිය දින කිහිපය පුරාවට දැඩි කතාබහට ලක් වුණු මාතෘකාවක් බවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තු කාලය පිළිබදව මේ වන විට වාර්තා වන අන්දමට ඒ කොන්ත්‍රාත්තුව ඉදිරි පැය 24 තුළ අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති බවට වාර්තා වෙනවා.
අළු බඳුන ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 251ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 284ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 374ක් ලබාගත් අතර අනතුරුව සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු […]
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහල පොලිස් නිලධාරීන් 73දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ පොලිස් අධිකාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට පහළ තනතුරුවලට අදාළව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත් එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් විසි දෙදෙනෙකුට […]
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ(05) රාත්‍රී මෙම හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එමෙන්ම මෙම සාකච්ඡාවට පෙර පසුගියදා දුරකථනයෙන් ද ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා පවත්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
දිවයිනේ පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේතුව නිවේදනය කරනවා. ඒ අනුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු […]
මධ්‍යම පිලිපීනයේ සිදුවූ බෝට්ටු අනතුරු තුනකින් පුද්ගලයන් 31දෙනෙකු මියගොස් පුද්ගලයන් තිදෙනෙක් තවමත් අතුරුදන්ව සිටිනවා. මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ සුළඟකින් මධ්‍යම පිලිපීනයේ ඉලෝඉලෝ සහ ගුයිමාරස් ප්‍රදේශවලට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටු තුනක් මෙලෙස පෙරලී ගොස් තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටු දෙකක මගීන් 96 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරට පත් අනෙක් බෝට්ටුව තුළ මගීන් […]
1981 දී සිය උසස් පෙළ විභාගයට ප්‍රථම වරට පෙනී සිටි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (අගෝස්තු 5) වසර 38 කට පසු දෙවන වරටත් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. නීතිඥයෙකු වීමේ අපේක්ෂාව සපුරාලීම සඳහා උසස් පෙළ විභාග සමත් වීමෙන් පසු නීති විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ මස 19 වනදා තෙක් අද (05) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. සැකකරුවන් පිළිබඳ […]
ලංකාවේ බෝ නොවන රෝගයන්ට ගොදුරුවන ප්‍රතිශතය බෙහෙවින් ඉහල යමින් පවතින අතර නිවැරදි නොවන ආහාර රටාවකට හුරු වී සිටීම මෙයට හේතුව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරනවා. එතුමා මේ බව ප්‍රකාශ කලේ පෙරේදා මින්නේරිය හෙළ බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට සහභාගී වෙමින්ය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා ” […]
ඊයේ (04) පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන 15 වනදා සිට 20 වනදා දක්වා සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් හයදහසකට වැඩි පිරිසක් යෙදවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.
ආසියාව තුල ක්‍රිකට් ක්‍රීඩාව මුල් බැස ගත්තද ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමකරුවා වන්නේ එංගලන්තයයි. ඒ අනුව මඩ ගැසීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර ධර්මයන්ට පටහැනිය. ඒ නිසාම වෙන කවර ක්‍රීඩාවකටවත් නොමැති ඉහල ගෞරවාදරයක් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවෙයි. ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩාව මහතවරුන්ගේ ක්‍රීඩාව ලෙසද සදහන් කරයි. කෙසේ වෙතත් නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී විනිසුරුවන් […]
යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානි තනතුරක් ලබා දී තිබෙනවා. පසුගිය අගෝස්තු 01 වනදා සිට එරට පොලිස් සභාව විසින් නිෂාන් දොරේඅප්පා මහතා කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත් කොට ඇති බව සදහන්. යුද සමයේදී […]