News Line| Off Air
Generic placeholder image

Aug
5

කොළඹ ට‍්‍රැෆික් අඩු කරන්න තව සති දෙකකින් AC බෝට්ටු සේවයක්

Generic placeholder image

වායු සමනය කළසැප බෝට්ටුවලින් ලාබෙට ගමන් බිමන් යෑමට තව සති 2 කින් හැකි වනවා.එවිට කොටුවේ සිට යුනියන් පෙදෙසට විනාඩි 10 කින් යෑමටත් මාර්ග තදබදය වැඩි වේලාවටත් වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 35කින් යෑමටත් හැකියි. ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාවට නංවන කොළඹ නගරයේ ජල මාර්ගවල දිවෙන මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මගින් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවනවා. ඒ අනුව […]


Aug
5

ලක්ෂ 1000 ක් ඉල්ලා රංජන් රාමනායකගෙන් ඉරාජ්ට ලියුමක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමග පැවති සාකච්ඡාවක වීඩියෝවක කොටසක් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත පල කර ඇති අතර අමාත්‍යවරයා එහි සදහන් කර ඇති දේ ප‍්‍රකාශ නොකල බව පවසා ඉරාජ් වීරරත්නගෙන් ලක්‍ෂ 1000ක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා. එමෙන්ම එය නොගෙවන්නේ නම් ඔහුට විරුද්ධව නඩු මගට යන බව රන්ජන් රාමනායක අමාත්‍යවරයා ප‍්‍රකාශ […]


Aug
5

නව පෙරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට […]


Aug
5

විරෝධතාවයක් නිසා ලෝටස් පාර වැසෙයි

Generic placeholder image

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි වාර්තා වෙනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස බලධාරීන් ප්‍රකාශ කරනවා.


Aug
5

ජකර්තා අගනුවර අඳුරු වෙයි

Generic placeholder image

හදිසි විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක එරට මිලියන 10ට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව පැය 09කට ආසන්න කාලයක් මෙම විදුලිය බිඳ වැටීම පැවති බව විදෙස් වාර්තා සඳහන් කළ අතර මෙම හදිසි විදුලිය බිද වැටීම හේතුවෙන් එරට දුම්රිය ගමන් සේවාද අඩාල වී ඇති අතර දුරකථන […]


Aug
5

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනපතිට නිල ආරාධනයක්

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත නිල ආරාධනයක් සිදු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටීමට දිනයක් වෙන් කර ගැනීම මෙමගින් අපේක්ෂා කරන බව සදහන්. මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මෙම […]


Aug
5

පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Generic placeholder image

දඹුල්ල මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මතයි. අද අලුයම 3 ට පමණ දඹුල්ල – ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අසල්වැසි පුද්ගලයෙකුට මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. තුවාලකරු මේ […]


Aug
5

සරසවි අරගලවලට ආ දෝණි නිහඩ වෙයි

Generic placeholder image

මීට අවුරුදු 8-10ට පමණ පෙර ජ’පුරට රැගෙන එන දෝණී කූඩාම කුඩා බැලි පැටියේකි…කගෙත් ආදාර දිනා ගත් මැය දෝණී යනුවෙන් අමතන්නට වූ හ.සැත්කමකට භාජනය වූ මැයට සුනඛ මවක් වීමේ අවස්තාව අහිමි විය. මෑ වැඩි පුර ජපුර සරසවිය තුළ පිරිමි නේවසිකාගර වන පියසිරි ප්‍රේමලාල් නේවසිකාගාරය තුළ ජිවත් වූ අතර,ඊට අමතරව ජිනදාස පේරෙරා නේවසිකාගරයට හා හෙට්ටිආරච්චි නේවසිකාගරය තුළට […]


Aug
5

ඉල්ලා අස් වූ ආණ්ඩුකාරවරුන් යලි පලාත් මාරුකර පත්වීම් ලබයි

Generic placeholder image

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු දකුණු ආණ්ඩුකාර), මෛත‍්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද (හිටපු මධ්‍යම ආණ්ඩුකාර), හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිවුරුම් දුන් බව සදහන්.


Aug
5

මහනුවර දළදා පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

Generic placeholder image

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7.02ට යෙදෙන සුබ මොහොතින් පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කරන අතර දළදා වීථීය, ඩී.එස්. සේනානායක වීථිය, පන්සල පාර, දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථීය සහ රජ වීථිය ඔස්සේ යලි දළදා මාළිගාවට ගෙවදීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල කියා […]


Aug
5

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාට සම්මානයක් හිමිවෙයි

Generic placeholder image

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් එරට ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගෙන තිබෙන බව වාර්තාවෙනවා. ඒ දකුණු අප්‍රිකානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල පෙරේදා ප්‍රිටෝරියාහිදී පැවැත් වුනු අතර ඒ අනුව මෙවර සම්මාන උළෙලේ දී ප්ලෙසිස් වසරේ ක්‍රීඩකයාට අමතරව වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.ක්වින්ටන් ඩි කොක් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා […]


Aug
5

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

Generic placeholder image

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තා වෙනවා.ඒ අනුව අනෝමා ගමගේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් ලකී ජයවර්ධන නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙසත් ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවුණා.


News Articles
Latest Videos
Most Popular Post