දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ පිපිරීම් හේතුවෙන් මේ වන විට මිය ගිය පිරිස 101 ක් වාර්තා වන අතර ජනාධිපති මාධ්‍ය අමතමින් ඊට කණගාටුව පල කරා. තවද මෙම සිදු වීම හේතුවෙන් ජනතාව එකා මෙන් සිට එකිනෙකාට උදව් කරන ලෙස ජනාධිපති ඉල්ලීමක් සිදු කළා.
දිවයිනේ ප්‍රදේශ රැසක පිපිරීම් හේතුවෙන් මීගමුව කටාන ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
දිවයිනේ සිදු වූ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ මහතා කඩිනමින් කොළඹ බලා ගමන් ගන්නවා. මේ සඳහා විශේෂ සාකච්චාවක් කඩිනමින් පවත්වන බව ආචාර්ය හර්ශ ද සිල්වා මහතා ප්‍රකාශ කරා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඇති වූ පිපිරීම් කිහිපය හේතුවෙන් 200 කට අධික ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබූ අතර මේ හේතුව නිසාවෙන් මේ වන විට 24 ක් මිය ගොස් තිබෙන බව කොළඹ ජාතික රෝහල වාර්තා කරනවා.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්, ෂැන්ග්‍රි ලා සහ කින්ග්ස්බරි යන හොටල් වල පිපිරීම් සිදුව ඇති බව වාර්තා වනවා. මේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඇති වූ පිපිරීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලයක පළවූ වීඩියෝවක්* * සංස්කරණය නොකල දර්ශන
කොළඹ ප්‍රදේශ කිහිපයක අද උදෑසන ඇතිවූ පිපිරීම් කිහිපයකින් මේ වන විට 200කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා. කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමෙන් මේ වන විට 20 – 25 අතර මියගොස් ඇති බවට වාර්තා වෙනවා.
අද පෙරවරුවේ දිවයිනේ දේවස්ථාන දෙකක පිපිරීම් සිදුව තිබෙනවා. කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ මෙන්ම, කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ මෙම පිපිරීම් සිදුව තිබෙනවා. කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබූ 80 දෙනෙකු පමණ මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ මෙම පිපිරීමේ ඡායාරූප පහතින්.
මීට සුළු මොහොතකට පෙර කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමක් සිදු වී ඇති බවට වාර්තාවනවා. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමමේ අවස්ථාවේ ප්‍රායෝගික නොවන බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ජනතා කැමැත්ත තහවුරු කර ගැනීමට හැකියාව ඇති බවත් දෙමල ප්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා තිබෙනවා. තව ජනපතිවරණය කල් දැමීමට තම සන්ධානය විරුද්ද වන බවත් කඩිනමින් එම මැතිවරන පවත්වා ජනතාවගේ බහුතර කැමැත්ත කුමන පක්ෂයටද යන්නා සොයා බලන ලෙස ආණ්ඩුවට බල කරන බවද […]
මින් ඉදිරියට මෙරටට ආනයනය කරනු ලබන බස් රථ වල ප්‍රමිතිය නීතීගත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ පාපුවරුව පහළින් පිහිටි හා පහසුකම් සහිත බස් රථ ය.මෙම වසර අවසානයට පෙර මෙම නිතී ක්‍රියාත්මක කරනු ලබන අතර මුල් පියවර වශයෙන් බස් රථ 500ක් ගෙන්වීමට ආයෝජකයන් සමඟ සාකච්චා කරනු ලබන බව ඇමතිවරයා කියා තිබෙනවා.
පරිසර දූෂණයට අපි හැමෝම අකමැති වුණත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව විසික් කරන එක ප්ලාස්ටික් බෝතලයක් නිසා විශාල විනාසයක් වෙන්න පුළුවන්. ඒ වගේ කුණු තියෙන දූෂණය වුණ ස්ථාන ඔයා ඕනි තරම් දැකලා ඇති.පාලකයින්ට බැන බැන ඔවුන් සිදු කර තුරු නොසිට තමන්ට හැකි අයුරින් පරිසර ආරක්ශාවට දායක වන පිරිස් සැබෑම මනුෂ්‍යත්වයේ සංකේතයක්. මේ කියන්න යන්නෙ එහෙම පිරිසක් […]