ඒ 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා.” මෙසේ බීබීසී සිංහල සේවය හා පැවසු ඇයගේ නම ශවිනි ප්‍රනාන්දු. […]
අදියර 7ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි ආසන දෙකකින් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂක ලෙස රාහුල් ගාන්ධි උතුරු ඉන්දියාවේ අමීති ආසනයට සහ කේරලයේ වයනාඩ් ආසනයට තරග කිරීමට නියමිතයි.
05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළක් සකස් කිරීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. එතුමා මේ බව සඳහන් කලේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමිනුයි.
ජෙෆ් බෙසොස් යුවල වාර්තාවක් තබා තිබෙනවා. ඒ දික්කසාදය වෙනුවෙන් ඉහළම මුදලක් ගෙවු පුද්ගලයා ලෙස ලොව ධනවත්ම තැනැත්තා ලෙසයි. මොවුන් දෙදෙනා දික්කාසදය වීමට අදාල එකඟතාවට අනුව ඇමසන් සමාගමේ සියයට 4ක කොටස්, මැකන්සි බෙසොස් වෙත ලබා දෙනවා. ඒ අනුව ඇයට හිමිවන සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 35ක් පමණ වෙනවා. මේ යුවලට දරුවන් සිව් දෙනෙකු සිටින අතර ඔවුන් […]
මෙවර අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ සඳහා පක්ෂව ඡන්දව 119 ක් ද, විපක්ෂව ඡන්ද ක් 74 ද, ලබා දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/wRLelLxDkoU
හෙරොයින් ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා වෙත පවරා තිබූ මරණ දඬුවම අද(05) අභියාචනාධිකරණය මඟින් ස්ථිර කර තිබෙනවා. අදාල දඬුවම වෙනුවෙන් වෙලේසුදා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය මෙසේ ප්‍රතික්ෂේප කර තිබූ අතර දීපාලි විජේසුන්දර, අචලා වෙන්ගප්පුලි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මේ තීන්දුව ලබා දුන්නා.
පාර්ලිමේන්තු වටරවුම දෙසින් පාර්ලිමේන්තුවට එළඹෙන මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් වසා දමා තිබෙනවා. මෙම විරෝධතාවය ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවයක් වන අතර පොලිස් මාර්ග බාධක දමමින් තාවකාලිකව වසා තිබෙනවා.
වසර මිලියන 43 පැරණි පාද හතරක් සහිත තල්මසෙකුගේ පොසිලයක් පේරු රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා. මෙම ජීවියා අඩි 13 ක් පමණ දිග, ජලයේ මෙන්ම ගොඩබිමද වාසය කිරීමට හැකි ජීවියෙක් ලෙස පාෂාණධාතුක විද්‍යාඥයින් විශ්වාස කරනවා. වර්තමානයේ දැකිය හැකි ජීවියෙක් වන බීවර් සහ ඔටර් යන සත්ත්වයින්ට මෙම සත්ත්වයකින් සම කළ හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. එම ජීවියාගේ පාද හතර […]
ඊයේ (05) නුවර පැවති තරඟයට සහභාගී වී සුපිරි පන්දු යැවීම හේතුවෙන් ලසිත් මාලිංග ලකුණු 156 ක් ලබාගෙන ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරවනු ලැබුවේ එහි නායකත්වයද දරා ගනිමින්. පළමුව තරඟයට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 ක් හමුවේ සියල්ලන් දවී ලකුණු 255 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 65 යි.සදුන් වීරක්කොඩි ලකුණු 56 යි. කසුන් රාජිත, […]
ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කර ඉන් අනතුරුව ගුවන්තොටුපලේදී ප්‍රශ්න කිරීම් සඳහා සී.අයි.ඩී භාරයට ගත් හතරදෙනා මුදා හැර තිබෙනවා. මේ අතර රංගන ශිල්පී රයන් වැන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.