News Line| Off Air
Generic placeholder image

Apr
3

අර්බුදය විසඳන තෙක් කැබිනට් රැස්වීම් වලට සහභාගී වෙන්නෙ නෑ – ජනපති

Generic placeholder image

ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා අදහස් දක්වා ඇති බවයි. […]


Apr
3

දේශපාලන උවමනා මත විදුහල්පතිවරුන් පත් කිරීමෙන් ගැටළු

Generic placeholder image

සුුදුසුකම් සපිරූ විදුහල්පතිවරුන් සිටියදී අත්දැකීම් අඩු විදුහල්පතිවරුන් දේශපාලන උවමනා මත පාසල් වලට පත් කිරීමෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැගී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ අධ්‍යාපන පරිපාලන පළමු පංතියේ විදුහල්පතිවරුන් පත් කල යුතු ඇතැම් ජාතික පාසල් සදහා තුන් වැනි පංතියේ විදුහල්පතිවරුන් පත් කර […]


Apr
3

සහල් මිල ගණන් පහළට

Generic placeholder image

පසුගිය සති කිහිපයට සාපේක්ෂව සහල් මිළ ගණන් අඩු වි තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේයේ සංඛ්‍යා දත්ත කළමණාකාර එච් ජී ලයනල් මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය පුරා මෙම තත්වය පැවතිය හැකි බවයි.


Apr
3

විදුලිබල අර්බුධය විසදීමට නව වැඩපිළිවෙලක් ගැන අවධානය

Generic placeholder image

විදුලිබල අර්බුධය විසදීමට මිල අවම නව තාක්ෂණික ක්‍රමෝපායක් සම්භන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයේ අවදානය යොමු වී තිබෙනවා. නව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විෂය බාර අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුව ඇති බවයි අමාත්‍යාංශය සදහන් කලේ. තවත් වසර එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය […]


Apr
3

වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

Generic placeholder image

ඌව පළාතේ සියලු රෝහල් වල වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවේ සාමාජික පාලිත රාජපක්ෂ මහතා සදහන් කලේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පල කරමින් මෙය සිදු කරන බවයි. ඌව පළාතේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය පළමු ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබද විශේෂ සාකච්ඡාවක් […]


Apr
3

බක්මහ දිවුරුම සාර්ථකව අවසන් වෙයි

Generic placeholder image

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අද සිදු කිරිමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය පෙරවරු 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට සහභාගී වුණා. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වනු […]


Apr
3

අරවින්දගේ වරදක් නිසා ප්‍රසිද්ධියේ බිරිඳගෙන් සමාව ඉල්ලයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/6GZYW08rlBU


Apr
2

ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට යයි

Generic placeholder image

ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙලාසීස් බුටෙෆිලිකා සුදානම් වනවා. ඔහුගේ ධූර කාලය අවසන් වන්නේ ලබන 28 වනදායි. එරට පවතින විරෝධතා හමුවේ අබ්දෙලාසීස් බුටෙෆිලිකා සිය ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . පස්වන වරටත් ඇල්ජීරියානු ජනාධිපතිවරණය සදහා තරඟවැදිමට අබ්දෙලාසීස් […]


Apr
2

ජල ඉල්ලුම ඉහළට

Generic placeholder image

ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවයි. මෙම තත්වය මත ඇතැම් ප්‍රදේශ වල ජල සැපයුම් සීමා කර තිබෙනවා. ඉහළ ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ පහත්බිම් ප්‍රදේශවල නළ ජලය භාවිත කරන්නන් අධික […]


Apr
2

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට හේතුව ජනාධිපති හෙළි කරයි

Generic placeholder image

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හො`ද අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්. හොඳම දේ දරුවන්ටයි, සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකෙරුණු රංගශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල ඊයේ පස්වරුව් […]


Apr
2

දඹුල්ලේ ගැටුමකින් 25ක් රෝහලේ

Generic placeholder image

දඹුල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී හට ගත් ගැටුම් වලින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් ඇතුළත් කලේ දඹුල්ල රෝහලටයි. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය ඉදි කර වසර විස්සක් සපිරීම නිමිත්තෙන් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණා. පොලීසිය පැවසුවේ බීමතින් සිටි බොහෝ දෙනෙකු අතර මෙම ගැටුම් හට ගෙන ඇති බවයි. දඹුල්ල මූලික රෝහලේ අනතුරු වාට්ටුව අලූයම් […]


Apr
2

කතානායකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා නොකරන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාද කලා. කතානායකවරයා මේ බව සදහන් කලේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා අතර ඊයේ පැවති උණුසුම් තත්වය පිිළිබදව අදහස් දක්වමින්. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ […]


News Articles
Latest Videos
Most Popular Post