රනිල් වික්‍රමසිංහගේ රජයේ හිටපු සියලු ඇමතිවරු හෙට සිට අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කරන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සහ පසුගියදා පත්කළ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක්දී තිබෙන බවත් පෙර තිබූ ඇමතිධූර රජය එලෙසම පවත්වාගෙන යන බවත් රාජිත සේනාරත්න ඊයේ ගාල්ලේදී පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ යුක්තියේ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුවක් අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ තීරණය රට වෙනුවෙන් යන තේමාව මුල්කරගනිමින්. එහිදී ජනාධිපතිතුමන් විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. මේ විශේෂ සමුළුව අද දහවල් 1ට ආරම්භවීමට නියමිතයි.
“අපි කලබල වෙන්න ඕන නැහැ මහින්ද මහත්යාගේ කේන්දරේ තවමත් හරිම බලවත් . එතුමාට රාජ යෝගය මැරෙන කල් නළලේ කොටල තියෙනවා. මගේ කොටල තියන්නේ සිකුරු යෝගයයි . පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම බදුල්ල නිව්ටුවරිස්ට් හෝටලයේදී ඊයේ පැවැති පොහොට්ටුවේ පාක්ෂික හමුවකදි මේ බව පැවසුවා. එහිදි වෙල්ගම මෙසේද කියා සිටියේය. “හම්බන්තෝට වරාය ,චීනුන්ට විකුණනවාට අපි විරුද්ධ උනාම එදා ඒ […]
කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවත් ඒ වෙනුවෙන් අද (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලා.මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ මෙසේද සඳහන්වේ., කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා […]
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම අත්සන් කර නිර්දේශ කලත් තමන් රනිල් වික්‍රමසිංහ යලි අගමැතිධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර ඊයෙ පැවති සාකච්ජාවේදී මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් යලිත් වරක් අගමැති […]
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කලා. දීර්ඝ කරුණු විමසීකින් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය ලබා දුන්නා. ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් […]
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුර, උතුරු-මැද පළාත් සඳහාත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහාත් මෙම නිවේදනය නිකුත් කර තිබේ. අද මධ්‍යාහ්න 12.00 සිට හෙට මධ්‍යාහ්න 12.00 දක්වා වලංගුවන පරිදි නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉහතින් සඳහන් කළ ප්‍රදේශ සඳහා ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-1500 දක්වා තද වැසි […]
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ රීගල් සිනමාහල ප්‍රදේශයේ සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. මෙම විරොධතාවයට සංවිධානය කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබා නොදීමට විරෝධය පලකරමින්.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබෙනවා. හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ පොදු එකඟතාවක් වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැති බවයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් අද (03දා) රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
සිය රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීය හැකි එකම කි‍්‍රයාමාර්ගය මහමැතිවරණයක් පැවැත්වීම බව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසනවා. එම පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ බ්‍රෙක්සිට් ලේකම් කීර් ස්ටාමර් පවසන්නේ අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැකි හොඳම කි‍්‍රයාමාර්ග වන්නේ ද මහමැතිවරණයක් බවයි. අද (03) දිනය තුලදී බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේ නීතිමය ස්වභාවය පැහැදිළි කිරීමට […]
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද සවස 3.00ට ලබාදෙන බව අභියාචනාධිකරණය සඳහන් කළා. එම පෙත්සම් පසුගිය (30 දා) හා අද (03 දා) සලකා බැලීමෙන් අනතුරුව මෙම අභියාචනාධිකරණය මේ […]
යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ සන්ද්‍යානි සමඟයි. එම අවස්තාවේ ඡායාරූප පහතින්,