මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකු අගමැති ධුරය සහ ඇමතිධුර දැරිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොණු කල පෙත්සම වැඩිදුර සළකා බැලීම ආරම්භ වී තිබේ. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 48 දෙනෙකුට එරෙහිව විශ්වාසභංග 2 ක් පාර්ලිමේන්තුව තුළ සම්මත […]
මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියා. මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්ගේද සහය මත පුදුකුඩිඉරිප්පු පොල්ස් වසමට අයත් සුදන්තිරපුරම් රක්ෂිතයේ අදාළ යුද උපකරණ තොගය සොයාගෙන ඊයේ දින […]
පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන් පසුගියදා සති අන්ත පුවත්පකට ප්‍රකාශ කර තිබුණි. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මඩකළපුව වවුනතිව් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනයද එල්.ටී.ටී.ඊ යේ යළි පිබිදීමේ වැඩපිළිවෙළ ඔස්සේ හිටපු කොටි සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බවය. කෙසේ වෙතත් මෙම […]
නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි. මේ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අමාත්‍ය විමිල් වීරවංශ මහතාගේ නිවාස, ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශට […]
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන් රුපියල / රුපියල් දෙක / රුපියල් පහ සහ රුපියල් දහයේ නව කාසි බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා අද (03) සිට සංසරණයට නිකුත් වනවා. පහසුවෙන් රැගෙන යා හැකි බව / දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට කාසි වර්ග හදුනාගැනීමේ පහසුව / කල් පැවැත්ම යන කරුණු මතයි මෙම නව කාසි කාණ්ඩය හදුන්වා දීමට ශ්‍රී ලංකා […]
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව ඊයේ (02) වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා තිබෙනවා. වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක මෙසේ අත්පත්‍රිකා බෙදා හැර තිබූණි. දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභා පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අද වව්නියාව නගර සභා […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ දින දෙකකට වතාවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින් අතර හමුවක් පවත්වන බවයි. ඒ අනුව මෙම හමුව සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.
පාට පක්ෂ භේදයක් නැති යුක්තියේ හඬ දෙසැම්බර් 6 විහාරමහාදේවියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඊට අදාල වීඩියෝව පහත දැක්වේ. https://www.facebook.com/irajw/videos/2580440541967858/
පෙනි පෙනී තමන්ගෙ ඉස්සරහ කෙනෙක්ව මරලා දානකොට ඒ මරණය වළක්වනවා වෙනුවට වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න තරම් සමහර මිනිස්සු පිරිහිලා ඉන්නවා. ඒත් ඒ වගේ මිනිස්සුන්ටත් ආදර්ශයක් වෙන විදිහෙ එකමුතුකමක් අපිට වාර්තා වුණා. මේ තියෙන්නේ ඒ සිදුවීමට අදාල වීඩියෝ පටයයි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළා. එහෙත් දිගටම වංචා හා දූෂණ හෙළිකරමින් හා රටේ පරිසරය රැක ගැනීමට දායකවී මහජන නියෝජිතයෙකුටත් වඩා රටට සේවය කරන බවද ප්‍රකාශ කර සිටියේය. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන්, […]
සාමාන්‍ය පෙළ විභාගය අද (03දා) ආරම්භ වෙනවා. එය විභාග මධ්‍යස්ථාන 4661 මෙන්ම සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 541ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 33ක් සහ මධ්‍යස්ථාන එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 02කින් ක්‍රියාත්මක වෙනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක් රැස් කිරිමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කෝස්තාපල්වරයෙකු දෙදෙනෙකු පත් කිරිමට පොලිස්පතිතුමා ආදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. සෑම පොලිස් වසමකම […]