ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. එංගලන්ත රජයේ ආධාර මත මැග් නැමති බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් […]
සිරගත කර සිටින පුජ්‍ය ගලගොඩ ඇත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බොදුබල සංවිධානයේ භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කළේ කවුදැයි සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ නියෝජිතයින් පිරිස ජනාධිපතිවරයා හමුවී ඔවුන්ගේ සංදේශය භාරදුන් බවත් එහිදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් […]
ඒකාධිපති වියරුව පරදවන ප්‍රජාතන්ත්‍රවාදය දිනවන ජනතා රැලියක් නමින් විරෝධතාවක් 21 වෙනිදා මහරගමදී පැවත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ දවස වල ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙ ඉන්න අය වැඩිපුරම කතා කරන්නෙ මේ දවස් වල දේශපාලනය ගැන. ඒකට හේතුව තමයි ලංකාවෙ දේශපාලනය මේ වෙනකොට පවතින උණුසුම් තත්ත්වයයි. අද පාර්ලිමේන්තුව රැස් වී ඉතා ඉක්මනින් කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් බුකියෙ ගිය රස කතා කීපයක් තමයි මේ.
පසුගිය කාලයේදී මන්ත්‍රී ධූරය අහිමි වූ ගාලු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මාධ්‍ය හමුවකට එක්වෙමින් තමන්ගේ වසර 37ක විවාහ ජීවිතය අවසන් බව කියා සිටියා. ඊට හේතු දක්වමින් ඇය දැක්වූ අදහස පහතින්…
මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. “මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවට යෝජනාව ගෙන ආ හැකි වන්නේ සභානායකතුමත්, සංවිධායකතුමත් දැනුම් දීම තමයි පිළිවෙත. එය ආපසු හැරවීමට උත්සාහ කිරීම ස්ථාවර නියෝග […]
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැන නැගී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශ කර තිබෙනවා. 2016 වසරේ ජූනි මාසයේ දී ජාත්‍යන්තර […]
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටියා. මේ වන […]
එක්සත් ජාතික පෙරමුණ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා. එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ. මෙම යෝජනාව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහ […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. මේ දක්වාම අග්‍රාමාත්‍යවරයාට අලුත් වාහන ඇණවුම් කර නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍යය නිවේදනය පහතින්.
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් තිබුණ විට මන්ත්‍රීවරුන් වන සතුන් මෙන් හැසිරුණ බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අන්ත ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්”තමන්ට බහුතරයක් නොතිබුණානම් තමන් නොපැකිළිව ධූරයෙන් ඉවත් වන බවද ඔහු සඳහන් කලා. පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ.