හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශගතවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා. ඒ, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඔහු අද පෙනී සිටීමෙන් අනතුරුවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 14 වන දා […]
හෙරොයින් ග්‍රෑම් 122කට අධික ප්‍රමාණයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පෑලියගොඩ, තොරණ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී එක් සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති බවයි. එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 32යි මිලිග්‍රෑම් 200ක් සහ රුපියල් […]
2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා මුද්‍රිත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටු වූ මෛත්‍රී – මහින්ද රජය නීත්‍යනුකූල නොවන බවත්, නිත්‍යනුකුල රජය එක්සත් ජාතික පෙරමුණ රජය […]
යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව කැඳවූ සැනින්ම ඡන්ද විමසීමක් පවත්වා මතය විමසන්නැයි පවසනවා. ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි නිවේදනය නිකුත්කර ඇත්තේ කොළඹ යුරෝපා සංගම් කාර්යාලයයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය […]
තම මානව හිමිකම් කඩ වු බවට පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ (8) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තෙඹුවන ප‍්‍රදේශයේ දී බලපත‍්‍ර නොමැතිව වැලි ටිපර් රථයක් තමන් විසින් අත්අඩංගුවට ගෙන නීතිය කටයුතු කිරීම සඳහා තෙඹුවන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු උසස් නිලධාරීන් අධිකරණ කටයුතු සිදු නොකර එම […]
හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කියමින් අගලවත්ත ප්‍රදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා රෝහල් ගත වී අති බව පොලිසිය පවසනවා. පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයා පාලින්ද නුවර ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ ඊයේ (8) ගාලු මුවදොර පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ රථ පෙළපාළියට සහභාගි වීම […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේස සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියිමිත බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. මෙම සාකච්ඡාවට ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද එක්වන බවට දැනගන්නට ලැබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට […]
පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ India Today පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. “අපිට අංක තිබෙනවා ඒ ගැන විශ්වාසයි. අපි මේ තීරණය ගත්තේ ඒ නිසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ තීරණය ගත්තේ ජාතික […]
ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ආසන්න දින කිහිපයේදී කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කෙරුණු බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජනපදය විසින් පසුගිය නොවැම්බර් 04 වැනිදා ඉරානයට පැනවූ සම්බාධක යටතේ, ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන රාජ්‍යයන් 8ක් සඳහා සම්බාධක නොපැනවීම මේ සඳහා හේතුව වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් […]
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එය පෙරවරු 10 ට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි ආරම්භ වීමට නියමිතයි. සිංගප්පූරු ගිවිසුම සහ සයිටම් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ. මේ අතර රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය […]
අද 2018 ,නොවැම්බර් මස 09 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.25 සිට උදෑසන 11.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට රාත්‍රී 11.54 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දින ඔබ කල්පනාවෙන් යුක්තව කටයුතු කළ යුතු දවසක්. මානසික පීඩා චිත්ත පීඩා ඇතිවෙන දිනයක්. ඔබ උදව් කළ අය […]