රටේ අනාගතය පිළිබඳ තීරණය කිරීමට ජනතාවට අවස්ථාව ලබා දීම සිය වගකීම බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ට්ටිටර් පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් බිහිකර ගැනීමට හැකි වන බවයි. මේ අතර මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේ මහ මැතිවරණයක් කැදවීම ව්‍යවස්ථාවට පටහැනි ක‍්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක […]
රජයේ මුද්‍රණාලයට ඊයේ (09) රාත‍්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන වන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය සහ ලේක් හවුස් ආයතනයට ද ඊයේ රාත‍්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවයි අපට වාර්තා වුණේ.
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට ජනාධිපතිවරයා සහ අලුතෙන් පත්කර ගත් ආණ්ඩුවට නොහැකිවීම හේතුවෙන් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේදී ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කර සිටියා. ජනාධිපතිවරයා පත් කරපු නීතිවිරෝධී අගමැතිවරයා තිබ්බ පළමු අඩව්ව පරාදයි. ඒ කියන්නේ […]
ඊයේ (09) පාර්ලිමේන්තුව විසිරවනු ලැබුවා. පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටිනවා. එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද (10) දිනයේ සිය පක්ෂයේ නායකයින් රැස්වී සාකච්ඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි. ජනාධිපතිවරයා මේ කළේ සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාව කඩකිරීමක්. කලින් අගමැතිවරයා පත් කලෙත් […]
පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළ බවයි. ඒ නිවේදනය පහතින්
නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනු ඇති බවත් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇති බවත්ය.
2019 ජනවාරි මස 05 දා මැතිවරණය පැවැත්වීමටත්, ජනවාරි 17 දා නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා තීරණය කර තිබේ. නාම යෝජනා කැඳවීම් එළැඹෙන 19 දා ආරම්භ වන අතර එය 26 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ගැසට් නිවේදනය පහතින්…
රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගනමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කොට තිබෙනවා ඊට අදාල ගැසට් නිවේදනයට ජනාධිපතිතුමා මීට සුලු මොහොතකකට පෙර අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නෙ. මේ පිළිබද වැඩි විස්තර බලාපොරොත්තුවන්න…
නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව, උදය ගම්මන්පිල බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති මහින්ද යාපා අබේවර්ධන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සී.බී. රත්නායක – තැපැල් හා විදුලි සංදේශ ඇමැති ගාමිණි ලොකුගේ කම්කරු හා විදේශ රැකියා නියුක්ති හා […]
ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.
නිවාස හා සමාජ සුබසාධන කටයුතු අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා මීට සුවල්ප මොහොතකට පෙර දිව් රුම් දුන්නා.