ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30ට කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත කියා සිටියේ එම කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාදායි. හෙට (06) රජයේ නිවාඩු දිනයක් බැවින් කැබිනට් රැස්වීම මෙලෙස අද කැඳවීමට තීරණය කර තිබෙනවා.
හක්මන සිදුවු වෙඩි තැබීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ පොදුජන පෙරමුණේ එල්.එච්.ශාන්ත නැමැත්තෙක් බව පොලීසිය පවසයි. අද(04) සවස 4.30 ට පමණ හක්මන පොලිස් වමේ කැබිලියපොල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි. […]
අද 2018 ,නොවැම්බර් මස 05 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 07.27 සිට උදෑසන 08.56 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.21 සිට 08.52 දක්වා සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නය සතුරු බාධක තිබුනානම් ඒවා මර්ධනය කරගැනීම පිළිබඳව කල්පනා කරනවා. ජව සම්පන්න කටයුතු ක්‍රීඩා කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. අමාශගත රෝගී තත්ත්ව […]
රාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව පදවන ලද යතුරුපැදිය පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කර තිබුණේ ඊයේ පෙරවරුවේදීයි. නමුත් එම අවස්ථාවේ කාන්තාව විසින් සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා. පසුව රියදුරු බලපත‍්‍රයක් නොමැතිව ධාවනය, ලියාපදිංචි නොකර ධාවනය […]
නව ආණ්ඩුවට සහාය පළ කරමින් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (05) පැවැත්වීමට නියමිත ‘ජන මහිමය’ ජනතා උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට සියලු ආරක්ෂක විධි විධාන සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මේ අතර එම ජනතා උද්ඝෝෂණය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී […]
ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එක්දින පරාජයන් රැල්ලකට හසුව තිබෙනවා. සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ඔවුන් ඊයේ (04) පරාජයට පත්වූයේ පිට පිටම හත්වන එක්දින තරග පරාජයත් වැළඳ ගනිමින්. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙම වසරේ මේ දක්වා සහභාගී වූ එක්දින තරග 11න් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. පර්ත්හි ඊයේ පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් […]
අද (05) සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක ප‍්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට අද (05) රාත්රියට පෙර ගොඩබිම් ප‍්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් වෙත ගමන් කරන ලෙයසි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ. […]
එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ලද “ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. මේ අතර මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලායේ නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව […]
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද දහවල් කොල්ලූපිටිය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. සාමකාමී අයුරින් පැවැති මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කළ බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් අද පෙරවරුවේ සිට දිවයිනේ ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ආරම්භ කළා. ඒ වත්මන් රජයට විරෝධය පළ කිරීමින්.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව එම තනතුරෙන් නෙරපා මහින්ද රාජපක්‍ෂ මහතාව නව අගමැති ලෙස පත් කිරීම හේතුවෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ද පසුගිය සතියේ උණුසුම් වුණා. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් සහ ආසියානු කළාපය භාරව කටයුතු කරන මාක් ෆීල්ඞ් ඇමතිවරයා ගෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳව දිගින් දිගට ම ප‍්‍රශ්න කළ අතර ඔවුන් දෙදෙනා […]
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත‍්‍රණය පිළිබඳව වැඩි දුරටත් සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. මෙතෙක් කලක් ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබුණේ නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකථන කතා බහට අදාළ හඬපට පමණ. එම හඬපට 124 න් 123 ක් සැසදෙන […]
එක කුසේ උපන් සහෝදර සහෝදරියොත් විවිධ දේවල් නිසා රණ්ඩු සරුවල් වෙන කාලයක් තමයි මේක. ඒත් එකම ශරීරයක් තියෙන සහෝදරියන් දෙන්නෙක් හරිම සතුටින් ජීවත් වෙන හැටි ගැන ඔයාට හිතාගන්නවත් පුළුවන්ද? 1990 මාර්තු මස 7 වැනි දින ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ දී උපත ලද ඇබී හා බ්‍රිටනි හෙන්සෙල් තනි ශරීරයක්, අත් දෙකක්, හා පා දෙකක් සහිත ව බිහි […]