කතානායක කරූ ජයසූරිය මහතා පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා චෝදනා කරනවා, ඔහු මේ බව සදහන් කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම කොල්ලුපිටිය පොලිසියට භාර වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. එලෙස භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමග අද නොසන්සුන්තාවයක් හට ගත්තා. ඔවුන් දෙදෙනා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තේරීපත් වූවන්.එම මන්ත‍්‍රී දෙපළ විපක්‍ෂයේ අසුන්ගැනීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සභාව විනාඩි 15කට කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා තීරණය කර තිබුණා.
ශාරුක් ඛාන්ගෙ අලුත්ම චිත්‍රපටය තමයි Zero කියලා කියන්නෙ. දෙසැම්බර් 21 වෙනිදා එළියත එනවලු. මේ තමයි ෆිල්ම් එකේ ට්‍රේලර් එක. https://youtu.be/Ru4lEmhHTF4
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සුපිරි වැටුපක් ලබා ගත්තද මාස කිහිපයකින්ම සේවයට වාර්තා නොකල පුහුණුකරුවෙක් ගැන ආර්.ප්‍රේමදාස පිටියේ මැක්ස් පුහුණු පාසලෙන් ආරංචි වෙනවා. සේවයට වාර්තා නොකලත් පසුගිය දවසක ක්‍රිකට් ආයතනයෙන් සිදුකල වැටුප් වැඩිවීමද මේ පුහුණුකරුට හිමිවී තිබිම විශේෂත්වයක්. මේ පුහුණුකරු ශ්‍රී ලංකා අන්තර්ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකටද සහභාගී වී ඇති ක්‍රීඩයෙක් බවයි වැඩිදුරටත් ලැබෙන ආරංචි […]
රටේ මේ වන විට පවතින දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් කථානායකවරයා මාධ්‍ය නිවේදනයක් එල්ල කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැකගත හැක. අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව […]
ඉදිරි දින දෙක ඇතුළතදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතර දෙනක් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීම සඳහා එක්වීමට ඇති ඉඩකඩ තිබෙන බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පෙරේදා 3 දා පවසා තිබෙනවා. තමන් මුලින්ම කවරකුටවත් සහාය නොදක්‌වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමටත් අවස්‌ථාවක් […]
ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ වලට බලය ලැබී තිබුනේ පහත ආකාරයෙන්. ආණ්ඩු පක්ෂය -105 එක්සත් ජාතික පෙරමුණ – 98 දෙමළ ජාතික සන්ධානය – 15 ජනතා විමුක්ති පෙරමුණ – 06
ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇළෙන් දොළෙන් සිසිල අරන් අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්නෙ එන්න යාලූවේ ‘‘මේ සිංදුව ලිව්වෙ මගෙ අනිත් බාප්පා සෝමරත්න දිසානායක. මේ සිංදුව සූරිය අරණ චිත‍්‍රපටය නිසා හුඟාක් ජනප‍්‍රිය වුණා. මේ සිංදුව හින්දා සූරිය අරණත් ජනප‍්‍රිය වුණාද මන්දා. කොහොම හරි අදටත් හර්ෂණ දිසානායක කිව්වාම කට්ටියට මතක් වෙන්නෙ ඉරෙන් […]
ඊයෙර (04) රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නා.එම සාමාජිකයින් වන්නේ , දිනේෂ් ගුණවර්ධන – මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති වාසුදේව නානයක්කාර – ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත – සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන […]
ජාඇල, ගමගේවේල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. බස්හින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් අදාල ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේය. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ ජාඇල, දඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්. ඝාතනය සිදු කළ සැකකරු අත්අත්ඩංගුවට ගැනිම සඳහා ජාඇල […]