ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වන්නේ ලබන 8 වනදායි. එහිදී ශ්‍රී ලංකා […]
දීර්ඝ කාලයක් රඳවා සිටින දෙමළ සිරකරුවන්ගේ ගැටලුවට ළඟදීම සුදුසු විසඳුමක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට සූදානම් බවයි. නව අග‍්‍රාමාතයවරයා සහ ජනාධිපතිවරයාද මෙම ගැටලූව සම්බන්ධයෙන් අඛණ්ඩ අවධානය යොමු කරන බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.
තමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාරට දුරකතන ඇමතුමක් ලබා දුන් බව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා පවසනවා. එහෙත්, මුදල් ලබා දී ඔහු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට තමා කිසිවිටෙකත් ආරාධනා නොකළ බවයි මන්ති‍්‍රවරයා අවධාරණය කළේ. කෙසේවෙතත් අමාත්‍ය ධූරයක් ලබා ගැනිමට තමා ආරාධනා කළ බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක කියා […]
ලබන 16 වැනිදාට කැඳවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව කැඳවන දිනය අද (04) පස්වරුවේ ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ඇති බවයි ඒ අනුව වාර්තා වෙන්නේ. හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව […]
රිද්මාගේ උපන් දිනයට රොෂාන් සප්‍රයිස් පාටි එකක් දුන්නා කියලා ආරංචියි ඔව්. මීට මාස දෙකකට කලින් ඉඳන් රොෂාන් අයියා කිය කියා හිටියා මගේ උපන් දිනය ළඟයි නේද කියලා. මම ඒක ඉතිං ඒ තරම් ගණන් ගත්තේ නෑ. උපන් දිනයට කලින් දවසේ එයා මට කිව්වා උපන් දිනය දවසේ ඩිනර් එකකට යන්න ලස්සන ඇඳුමක් ලෑස්ති කරගන්න කියලා. උපන් දිනය […]
රටේ පැවති තත්ත්වය සළකා විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ සදහන් කළේ නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවයි. තමන්ට හිමි බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සදහන් […]
මෙහි සත්‍ය අසත්‍යයභාවය පිළිබඳව සියත 24 අප වගකියනු නොලබන අතර මෙය ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙන් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න. https://www.facebook.com/254661498514657/videos/2168196200173880/
ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018-10-26 වන දින ගනු ලැබූ ඓතිහාසික දේශපාලනික තීන්දුවට උපහාරය පුද කරමි යනුවෙන් සඳහන් කරමින් මාතලේ, ගිරන්දපිටියේ, කලාශිල්පී ආර්.ජී. පතිරත්න විසින් නිම කරන ලද කලාත්මක කැටයම් නිර්මාණයක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වා තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණවලට අමතරව කිසිඳු කොන්දේසියකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු තැන දෙමළ ජාතික සන්ධානය සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පෙන්වා දෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුදල් හා අමාත්‍යධූර ලබා ගෙන දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය දැක්වීමට යන බවට පැතිර යන ආරංචි නිසා දෙමළ ජාතික සන්ධානයට පක්ෂයක් වශයෙන් […]
පවතින වැසි සහිත කාලගුණයත් සමග මේ වනවිට ජල විදූලි නිෂ්පාදනය සියයට 60 ත් 65 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව විදූලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සියත ප්‍රවෘත්ති වෙත කියා සිටියේ මේ වනවිට ජල විදූලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 90 ඉක්මවා ඇති බවයි. දෛනික විදූලි පරිභෝජනය […]
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් වයස අවුරුදූ 21 ත් 36 ත් අතර වයස් කාණ්ඩවල පසුවන රනාල සහ ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් අද හංවැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි හෝටල් පරිශ්‍රයකදි එහි හිමිකරු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර […]
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ලොව අන් රාජ්‍යයන් නැගී සිටිය යුතු බව ඉරාන නායක අයතොල්ලා අල් කමේනි පවසනවා. එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන නායකයා සදහන් කලේ 1979 වසරට පෙර ඇමෙරිකාව ලොව පුරා පතුරුවාගෙන සිටි ආධිපත්‍යය යළි ව්‍යාප්ත කිරීමට ට්‍රම්ප් උත්සාහ දරන බවයි. නමුත් එය අසාර්ථක ප්‍රයත්නයක් බවත් ට්‍රම්ප් ප්‍රතිපත්ති විරෝධී […]