News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

මීට සුළු මොහොතකට පෙර දිවූරුම් දුන් ඇමතිවරු මෙන්න

Generic placeholder image

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. කැබිනට් අමාත්‍යවරු දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රාජ්‍ය අමාත්‍යවරු පියසේන ගමගේ […]


Nov
1

රජයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

Generic placeholder image

අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කල විශේෂ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වන මෙම අවස්ථවේ සමස්ත මහජනතාව ජාතික හැඟිමෙන් හා නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරිම රටේ […]


Nov
1

මෛත්‍රි වික්‍රමසිංහ ගැන ඉඳුනිල් කියපු සංවේදී කතාව

Generic placeholder image

මේ දවස් වල අපේ රටේ දේශපාලනයේ විවිධ දේවල් පිළිබඳව කතා වෙනවා. මේ දේශපාලන සිදුවීම් මාලාව නිසා දේශපාලඥයින්ගේ පෞද්ගලික තොරතුරු සහ පවුල්වල සමාජිකයන් පවා ඈඳාගෙන ඒ දේවල්ද දේශපාලන පොර පිටියට ගෙන ඒමට විවිධ පිරිස් උත්සහ කරමින් පවතිනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගේ චරිතයත් ඈඳාගෙන මේ වගේ කතා පැතිරෙනවා. එතුමිය ස්වාමියාගේ දේශපාලන […]


Nov
1

මධුමාධව හදිසි අනතුරකට ලක්වෙලා

Generic placeholder image

ජනප්‍රිය කලාකරු මධුමාධව අරවින්දගේ මෝටර් රථය මිගමුව වැල්ලවිදිය ප්‍රදේශයේදි 31දා හදිසි අනතුරකට ලක්ව තිබෙන බවට ආරංචි වෙනවා. එහි රියදුරා බීමතින් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රථය වේගය පාලනය කරගත නොහැකිව තරුණයෙකුද යටකරගෙන ත්‍රිරෝද රථයකද වැදි ඇත. තරුණයාගේ තත්වය බරපතල වන අතර කොළඹට මාරු කර තිබෙන බවට පැවසෙනවා.


Nov
1

නව අගමැති පාර්ලිමේන්තු රැස්වීම් 102 කට ඇවිත් නැහැ.හොඳම පැමිණීම ඩග්ලස් දේවානන්දට.නව කැබිනෙට්ටුවේ පැමිණීමේ ලේඛනය මෙන්නවානන්දට. පැමිණීමේ ලේඛණය මෙන්න

Generic placeholder image

2017/2018 පාර්ලිමේන්තුවේ සැසිවාර වලට පැමිණි සහ නොපැමිණි වාර ගාණන  http://www.parliament.lk යන පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබුණා. එහිදී කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගේ පැමිණීම සහ නොපැමිණීම සටහන් වෙලා තිබ්බෙ මෙහෙමයි. අමාත්‍ය මහින්ද රාජපක්ෂ  – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය පැමිණි දින ගණන – 33 නොපැමිණි දින ගණන – 102 අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය […]


Nov
1

මාස හයකින් සියල්ල විසදන්න මම මැජික්කාරයෙක් නෙමෙයි -අගමැති මහින්ද රාජපක්ෂ

Generic placeholder image

මාස හයකින් සියල්ල වෙනස් කිරීමට තමන් මැජික්කරුවෙකු නොවන බව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එම කාලය තුළදී විශාල බලාපොරොත්තු ඇතිකර නොගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නව රජයේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුවත් නැතත් මැතිවරණයකට ගමන් කිරීම තමාගේ ඉලක්කය බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී අද (01දා) පෙරවරුවේ […]


Nov
1

පක්ෂ මාරු කිරීම ගැන රන්ජන්ගෙන් පණිවුඩයක්

Generic placeholder image

තමන් සිරගත කළත් ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු නොකරන බව හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමන්ට අධිකරණය හමුවේ නඩු 21ක් ඇති බවත් ඒයින් ඒකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද ඇති බවයි. “ගනුදෙනු කරන්නනට මම කියන්නේ ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි.”


Nov
1

ශාරුක් බිංදුවෙන් පටන් ගනී

Generic placeholder image

මේ දවස් වල බොලිවුඩයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන්නේ බිංදුව ගැනයි. ඒ තමයි ශාරුක් රංගනයෙන් දායකවෙන අලුත්ම චිත්‍රපටය. එය නම්කර ඇත්තේ ‘Zero’ නමින්. ආනන්ද් L.රායි අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටයට ශාරුක් ඛාන්, කැත්රිනා කෛෆ් සහ අනුෂ්කා ශර්මා රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය ඩොලර් මිලියන 28ක මුලදලක් වැය වෙලා තියෙනවා කියල තමයි දැනගන්න ලැබුනේ. ‘Zero’ චිත්‍රපටය 2018 දෙසැම්බර් […]


Nov
1

”ආයෙ රතිඤ්ඤා දැම්මොත් රනිල්ව අගමැති කරනවා” -අගමැති මාරුවත් එක්ක බුකියෙ ගිය රස කතා

Generic placeholder image

අගමැති මාරුවීම රටේ හැම කොනටම බලපාපු හොට්ම හොට් නිවුස් එකක් වුණා. ගොඩක් අය දෙපැත්තට බෙදිලා මේ ගැන වාද විවාද කරගන්නකොට හැමදේම ආතල් එකක් කරගන්න බුකියෙ කට්ටිය දාපු රස කතා ටිකක් තමයි පහතින් තියෙන්නෙ.


Nov
1

ඩොලරය 177ත් පනී

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත්  කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි. ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.


Nov
1

එජාපෙ හෙළවුණු දත් දැන් වැටිලා ඉවරයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ හෙලවුණ දත් ටික වැටිලා ඉවරයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී කිව්වා. පාර්ලිමේන්තුව නැවත කැඳවු වහාම ජනතාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිථතකරන බව කියපු මන්ත්‍රීවරයා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භ දිනය පාර්ලිමේන්තුව කැඳවන දිනය බවට පත් කරගන්නා බවද පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post