ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත් වි තිබෙනවා. ඉන්ධන පිරවුම්හල් එහි සේවකයන් පවසන්නේ සිය පිරවුම්හල්වල තිබෙන ඉන්ධන අවසන් වන තුරු ඉන්ධන ලබා දෙන බවයි. ඊයේ පස්වරුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිය සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ […]
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මීට සුළු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රනිල් වික‍්‍රමසිංහගෙන් පස්වරු 05 00 ට විශේෂ ප‍්‍රකාශයක්. හිිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරු 05 00 ට විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරිමට නියමිතයි. පවතින දේශපාලන අර්බුදය පිළිබදව එහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා. මේ අතර කඩිනමින් පාර්ලිමේන්තුව කැදවිය යුතු බවත් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද […]
https://youtu.be/zCnidPCQP5c
නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තා. ඒ පෙරවරු 11 යි 50 ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදියි. එහි දර්ශන පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි https://youtu.be/DEe42E2MAgI
https://youtu.be/4iBgeKLJB7I
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහට පළ කිරීමට අරලියගහ මන්දිරයට මේ වන විට පැමිණි ඇති බව වාර්තා වෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගොස් තිබුණා. සිකුරාදා (26) දිනයේ දී රුපියල් […]
විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක යන අය අද කථානායක කරූ ජයසූරිය මහතා හමු වීමට නියමිතව තිබුණත් , ලිපියක් යොමු කරමින් ඔවුන්ගේ ඉල්ලීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ පවතින වාතාවරණයට නිසි පිළිතුරු ලබා ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව රැස් වන ලෙසයි.
අතුරුදන් වූ බව කියූ බොයිං 737 වර්ගයේ ගුවන් යානය කඩා වැටී ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් අනාවරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ගුවන් යානයේ ගමන් කළ මගීන් පිළිබඳව බලධාරීන් විසින් තොරතුරු තහවුරු කරගනිමින් ඇති බවයි. අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ මගීන් 188 දෙනෙකු සිට තිබෙනවා. යානය අනතුරට ලක්ව තිබුණේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත‍්‍රා දූපතේ […]
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කල ඉල්ලීමකට අනුව කථානායකවරයා අද සවස 3ට ඔවුන් හමුවීමට නියමිතයි. ඒ රටෙහි වත්මන් දේශපාලන තත්වය පිලිබඳව සහ ඉදිරියේදී ගන්නා දේශපාලනමය ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡාවක් කිරීම සදහා බවයි වාර්තාවන්නේ.