මීට සුළු මොහොතකට පෙර රටේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිව්රුම් දෙනු ලබුවා. නමුත් රනිල් වික්රමසිංහ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් කරමින් සඳහන් කරේ තමා තවමත් අගමැති වන බවත් , මෙම පත්වීම නීත්‍යානුකූල නොවන බවත්ය. තව දුරටත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කරා.
එක්සත් ජාතික පක්ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වන විට අරලිය ගහ මන්දිර පරිශ‍්‍රය වෙත පැමිණ තිබෙනවා ඒ මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කිරීම සදහායි මේ අතර මංගල සමරවීර ඇමතිවරයා තමන්ගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දීම […]
රටේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවූරුම් දුන්නා. මේ ඒ අවස්ථාවේ ලබාගත් වීඩියෝව.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මේ අතර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වෙලා කියලා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කෙරුණා. ඒ සම්බන්ධයෙන් පළමුවෙන් කරුණු ඉදිරිපත් කලේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධනයි. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන්ටද අවශ්‍ය බව ඊට ප‍්‍රතිචාර දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා. මේ සම්බන්දව ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ මේදක්වා පැවැති තත්ත්වයන් යටතේ […]
රාජකාරී මට්ටමෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා සමග සබදතා පවැත්වූ බව රක්ෂිත බන්ධනාගාර ගත කල නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රහස් පොලීසිය හමුවේ පවසා තිබෙනවා රහස් පොලීසිය විසින් ඊයේ සිදු කල ප‍්‍රශ්න කිරීම් වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා ලෙස රාජකාරී මට්ටමින් උපදෙස් ලබා ගැනීම සදහා අවස්ථා කිහිපයකදී ෆීල්ඞ් […]
එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි වගේම පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක තමන්ගේ මුහුණුපොත හරහා කියලා තිබුණා. මේ ඔහු ඒ විදිහට තැබු සටහනයි ” පිටිය තුළදී දක්වන දක්ෂතා අනුව එංගලන්ත කොල්ලන්ව හොඳින් පෙනෙනවා ඇති.නමුත් ඉන් පිටතදීත් ඔවුන්ගේ හැසිරීම ඊටත් වඩා හොඳයි.ඔවුන් විශ්මයජනකයි.හෝටලයේ පහළම සේවකයාට පවා ඔවුන් කතා කරන්නේ සර් කියලා ”
ඩයනා කුමරිය කියන්නේ මුළු ලෝකයක්ම ආදරය කරන චරිතයක්. අඩු වයසින් මුළු ලෝකයම කම්පා කරමින් ඩයනා කුමරිය සමුගත්තත් ඇයගේ මතකයන් ගොඩක් අදටත් ලෝකය කතාබහ කරනවා. හැරී කුමාරයා කියන්නේ ඩයනා කුමරියගේ පොඩි පුතා. මේ ඊයේ පෙරේදා හැරී කරපු වැඩක් නිසා කාට කාටත් ආයිමත් ඩයනා කුමරියව මතක් වෙලා. හැරී කුමාරයා පොඩි කාලේ අම්මගේ අතින් අල්ලගෙන ගිය විදිහටම හැරීගේ […]
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස්ගේ බිරිඳ සහ වැඩිමල් දියණිය මානසික ආතතීයෙන් පෙලීම නිසා එය සුවිශේෂී කරුණක් ලෙසට සලකමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතීඥ අනිල් සිල්වා ඊයේ දවසේ අධිකරණයෙන් ඉල්ලීමක් කරලා […]
බටහිර ග්‍රීසියේ අයෝනියන් මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක අගයකින් යුත් ප්‍රභල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා.මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇති බවයි භූ සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සදහන් කරන්නේ.ඒකක 6.8 ක ප්‍රබල භූමිකම්පාව සිදුවී සුළු මොහොතකට පසු ඒකක 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් […]