වහාමා ක්‍රියාත්මක වන පරිදි සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. මේ බව් සඳහන් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතායි.
රටේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කරමින් ඊයේ මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දුන්නා. මේ ඒ මහතාගේ තම දිවුරුම් දීම සමරූ අයුරු දැක්වෙන වීඩියෝ පටයක්. https://youtu.be/rOXhnw7uyh0
මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ අග‍්‍රාමාත්‍යධූරයට පත් කිරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂය අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදීයි. විරෝධතාවය අද පෙරවරු 8ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
දේශපාලන වශයෙන් රට තුල හදිසියේ හටගෙන ඇති තත්වය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය අද ප‍්‍රකාශයට පත් කරන බව කාතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්්‍යාලය සදහන් කරන්නේ අදාල තත්වය පිලිබදව මේ බව විට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවයි. ඒ අනුව නීත්‍යානුකූලව සහ අපක්ෂපාතීව කටයුතු කරන බව කතානායකවරයා අදාල නිවේදනය මගින් අවධාරණය කරනවා.
ජාතික රුපවාහිනිය සහ ලේක් හවුස් ආයතනය තුලට මැරයින් කඩා පැන එහි සේවකයින්ට තම රාජකාරී සිදුකරගෙන යාමට ඉඩ නොදෙන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති බව ජනමාධ්‍ය හා මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කර සිටියා. ” අපි මේ මොහොතේදී විශ්වාස කරනවා පොලිසිය සහ යුධ හමුදාව අවශ්‍ය පියවර ගනු ඇතැයි කියලා” ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා. මේ […]
නියෝජ්‍ය කතානායක, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරනවා. එසේම ඉදිරියේදී තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බවට ඔහු කියා සිටියා. ඒ පිරිස ආසන්න වශයෙන් 30කට කිට්ටුවෙනු ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ.
තමන් තවමත් අගමැති බව රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියා. “ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බැහැ. මාව ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ මට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න ඕනේ. නැත්නම් මම ඉල්ලා අස්වෙන්න ඕනේ ඒ විදිහටයි මාව අගමැතිධුරයෙන් ඉවත් කරන්න ඕනේ මම පාර්ලිමේන්තු විශ්වාසභංගය පරාජය කළා. වෙන කාට හරි පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා […]
තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
‘‘ඉතාමත් සතුටකින් සහ ආඩම්බරයකින් ශ්‍රී ලංකාවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරනවා. දැන් අපට එකමුතුව, රට නැවත ගොඩනගන්න පුළුවන්. ස්ථාවර ඉදිරියට ගමන නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන්.‘‘
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන බවයි. එසේම මෙය ප්‍රාජාතන්ත්‍රවාදය දැයි තමන් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.
ඇතිවී තිබෙන දේශපාන අර්බුධය පිලිබදව සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සිට කොළඹ බලා එමින් සිටින බව වාර්තා වනවා.