ආසියානු කුසලානය හෙට ආරම්භ වෙනවා. හැබැයි මේ පාර මේ තරඟාවලියට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායමට නම් විවිධ විදිහේ බාධක ආවා. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විවිධ හේතු මත මේ තරඟාවලියට සහභාගී නොවන නිසා. කොහොම වුනත් සුපිරි යොවුන් පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය නම් ආසියානු කුසලානයේ පළමු තරඟ දෙකට සහභාගී නොවන්න තීරණය කරේ ආදරණිය හේතුවක් නිසා. […]
සුසන්තිකා ජයසිංහ කියන්නේ ලොවක් ජයගත් දක්ෂ ක්‍රීඩිකාවක්. හැබැයි කලකට පෙර ක්‍රීඩාවට සමුදුන් ඇය මේ වනකොට කලාවත් එක්ක සම්බන්ධවෙලයි ඉන්නේ. රියැලිටි වේදිකාවල නර්ථනයෙන් වැඩ දාන සුසන්තිකා දැන් රංගනයටත් යොමුවෙලා. ඒ කොහොම වුණත් මේ දවස්වල ඇය පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.සුසන්තිකා නම් කියන්නේ මියුසික් වීඩියෝ එකකට පොලිස් නිලධාරිනියක් විදිහට රංගනයෙන් දායක වුණා කියලයි. […]
ජනතා විමුක්ති පෙරමුණ මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ විසි වන සංශෝධන යෝජනාවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සදුදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ අදාළ යෝජනාවට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 12 ක් අද සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන් ගෙන් සමන්විතත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල […]
මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල විම හේතුවෙන් සිසු සිසුවියන් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ළමුන් අද දහවල් පාසල් විවේක කාලයේදි පිටියේ කී‍්‍රඩා කරමින් සිටියදී මෙම ප‍්‍රහාරයට ලක් වුණා. ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක්. තුවාල ලැබූ සිසු සිසුවියන් මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. බඹර […]
ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ මිත්තණිය වන චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය මෑණියන් ඊයේ අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. කලක් පැවති අසනීප තත්ත්වයක් නිසා ඇය මේ විදිහට මියගියා කියලයි ආරංචි වෙන්නේ. මේ වනකොට කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි චන්ද්‍රලේඛා මහත්මියගේ නිවසේ ඇයගේ දේහය තැන්පත් කරලා තියෙනවා. චන්ද්‍රලේඛා මහත්මිය සිය මෑණියන්ගේ අවසන් කටයුතු කතෝලික ආගමානුකූලව ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි. […]
ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම එහි අරමුණයි. නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත මෙම කමිටුව සකස් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ. වත්මන් කෙටුම්පතට අනුව මේ සඳහා පත් කරන සාමාජිකයින් ගණන 05 ක්. ඊට අදාළ පනත් […]
ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිස්සියේම ජනාධිපති කාර්යාලයට කැඳවු විශේෂ කැබිනට් රැස්වීම ගැන ගොඩ අය කතා කරන්න පටන් ගත්තා. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් රටේ නැතිවෙලාවේ මෙලෙස හදිස්සියේම කැබිනට් රැස්වීමක් කැඳවීම නිසා. ඒ විතරක් නෙවෙයි මෙහිදී සාකච්ඡා කළ කරුණු මාධ්‍යට ලබා නොදෙන්නයි ඔවුන් එකඟවෙලා හිටියේ. ඒ කොහොම වුණත් නීතිමය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ගැන […]
සමහරු උස තැන්වල ඉදන් පොළවට පැන ලෝක වාර්තා පිහිටුවන අවස්ථාව නම් ඕන තරම් දැකලා ඇති. ඒ වගේ අත්දැකීම්වලට ආස කරන අයටත් දැන් නම් එවැනි අවස්ථා එමටයි. කොහොම වුණත් මේ විදිහට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පහුගිය දවසක ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් සමත්වුණා. ඔහු මේ ලෝක වාර්තාව තැබුවේ අඩි එක්ලක්ෂ විසිඅටදහසක් (128,000) ඉහළ අභ්‍යාවකාශයේ ඉඳලා පොළොවට පැනීමෙන්. පැයට කිලෝමීටර් […]
ඉංගිරිය හොරකැටිය ප‍්‍රදේශයේ සිදු වූ ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පුද්ගලයින් පස් දෙනකු රෝහල්ගත කර තිබෙනවා. මෙම ගෑස් කාන්දුව සිදුව තිබුනේ අද පෙරවරුවේ රබර් කර්මාන්ත ශාලාවකට රැගෙන ආ ගෑස් සිලින්ඩර අදාළ ලොරියෙන් ඉවත් කිරීමේ දීයි. එහිදී ස්වසන අපහසුතා ඇතිවූ පුද්ගලයින් 05 දෙනෙකු හොරණ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු […]