ගාලූ මුහුදු තීරයේ ධීවර යාත‍්‍රාවක, නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය ධීවරයින් සිව්දෙනා වෙනුවෙන් වන්දි ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් යටතේ මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට නියමිතයි. ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී සිදු වූ බෝට්ටු අනතුරින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව […]
මුතුරාජවෙළ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට ආයතන කිහිපයක නියෝජතයින් ඇතුළත් බවයි එම අමාත්‍යාංශය සදහන් කලේ. දැවි තෙල් කාන්දුව පිළිබද වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දීම එම කමිටුවේ කාර්්‍යය වනවා. තෙල් කාන්දුව හේතුවෙන් උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වූ වෙරළ […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගියදා සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක්වුන්. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ලබාදෙන කජු ගැන. එහිදී ජනධිපතිතුමා කියලා තිබ්බේ, “නේපාලයේ පැවැත්වුණු බිම්ස්ටෙක් සමුළුවට ගිහින් එනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙක්ටවත් කන්න බෑ” කියලයි. හැබැයි ජනපතිගේ මේ ප්‍රකාශයත් සමඟ තාවලකාලිව කජු ලබා දීම නතර කළා […]
මේ දවස් වල ධනුෂ්ක ගුණතිලකගේ වෙලාව එච්චර හොඳ නැහැ වගේ. පහුගිය දවසක යාලුවෙක් නිසා ධනුෂ්කගේ විනය ප්‍රෂ්නයකුත් ඇතිවුනා. ඒක ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක්. ඩුබායි ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල ප්‍රවේගකාරී පිතිකරුවෙක් වුණු ධනුෂ්කට ආයෙත් ලංකාවට එන්න වුනා. ඒ ඩුබායි වලදී ඔහු අබාධයකට ලක්වුණු නිසා. ධනුෂ්ක වෙනුවට ෂෙහාන් ජයසුරිය ඩුබායි යවන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් […]
අද 2018 සැප්තැම්බර් මස 14 වෙනි සිකුරාදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.34 සිට දක්වා දහවල් 12.05 , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.37 සිට රාත්‍රී 12.05 දක්වා සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – ගිනිකොන මේෂ ලග්නය විවාහ ජීවිතේ කම්කටොලු මග හැරෙන දිනයකි. ස්වාමියාට හෝ බිරිඳට උසස් වීමෙ ලැබෙන දිනයක්. සිතේ […]
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේ ජනාධිපති කාර්යාලයේදීයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මුල්කිරිගල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා වශයෙන් පත් කළ එච්.ඩබ්. ගුණසේන මහතා ද අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය […]
බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළු ෂාහිඩ් කපූර් පසුගිය දා දෙවෙනි වතාවටත් පිය පදවිය ලැබුවා. මේ සැරේ නම් ඔහුගේ බිරිඳ මීරා, උපත ලබා දුන්නේ පිරිමි දරුවෙක්ට. මුම්බායිහි ‘හින්දුජා’ පෞද්ගලික රෝහලේදීමේ විදිහට උපත ලබපු ෂාහිඩ්ගේ පුංචි පුතුට ” සයින් කපුර් ” ලෙස නම් තබා තිබුණා. සයින් මෙන්ම මීරාද දැන් නම් පූර්ණ සුවයෙන් පසුවෙනවා. ඊයේ පෙරේදා දවසක ෂාහිඩ් විසින් […]
මෙත් බුදුන්ගේ මැණියන් වන්නට පිරූ පිං ඇති, ලක්දෙරණේ පිනට පහළ වූ පිනැති විහාර මහා දේවිය විසින් කරවා සර්වඥ ධාතූන් වහන්සේලා ගර්භයෙහි තැන්පත් කර, සම්බුදු සසුනට පූජා කළ මහා සෑ වහන්සේ නමක් තමයි නාවාගල මහා සෑය. මේ මහා සෑ වහන්සේ ප්‍රතිසංස්කරණය කර නිමවා කොත් පැළඳවීමේ උතුම් පුණ්‍ය මංගල්‍යය 2018 – 09 – 14-15 දෙදින තුල සිදු […]
ශ්රී ලංකාවේ ක්‍රිකට් පිස්සෝ දැන් බලාගෙන ඉන්නේ ආසියානු කුසලාන ආරම්භ වෙනකන්.ලබන 15 වෙනිදා ඩුබායි හිදී ආරම්භ වන ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත් වුණා. මෙහි සමාරම්භය සිදු වන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත් වන තරඟයෙන්. හැබැයි පහුගියදා ලංකාවේදී නයි පෙන්නපු බංගලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මහමදුල්ලා ආසියානු කුසලානයට එන අපේ […]
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුලූ සැකකරුවන් තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද පෙරවරුවේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාදුන් නියෝගයට අනුවයි. මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛනවල ගැටලූ පවතින බැවින් ඒවා වැඩිදුර පරීක්ෂා කර හරස් ප‍්‍රශ්න විමසීම […]