News Line| Off Air
Generic placeholder image

Sep
5

මහජන මුදල් නාස්ති කල හිටපු ජනපති ආර්යාවකට වෙච්ච් දේ මෙන්න

Generic placeholder image

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපති පෝර්ෆිරියෝ ලොබෝගේ බිරිඳට වසර 58 ක සිර දඩුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියම කර තිබෙනවා. ඒ අනුව 2010 සිට 2014 කාල සිමාව තුල ජාත්‍යන්තර ආධාර සහ පොදු ආධාර ලෙස ලැබී තිබු ඇමෙරිකානු ඩොලර් 779,000 ක මුදල් වැරදි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මතයි මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ, එම ආර්යාව මෙම මුදල් […]


Sep
5

මැතිවරණයක් එපා කියන විපක්ෂයක්

Generic placeholder image

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් යුතු බවට එරට අගමැති බොරිස් ජොන්සන් ඉදිරිපත් කල යෝජනාව එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව නව අගමැති විසින් ඉදිරිපත් කල පළමු යෝජනාව මෙලෙස පරාජයට පත්ව තිබෙන අතර එමෙන්ම මෙම යෝජනාව පරාජය වීමෙන් පසු මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට ද අගමැතිවරයා ගෙන ආ යෝජනාව ද පරාජයට පත්ව තිබෙනවා. මේ අනුව මහ […]


Sep
5

අපරාධ වලට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

මෙරට නිෂ්පාදිත නීතිවිරෝධි ගිනි අවියක් ද සමඟ රත්ගම,කඳුරැස්ස ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සැකකරු රත්ගම විශේෂ කාර්යය බලකා කඳවුරේ නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාත්‍රී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සිදු කිරිම සඳහා සූදානම්ව සිටි අවස්තාවකදියි. විශේෂ කාර්යය බලකාය සදහන් කළේ […]


Sep
5

කංකසන්තුරේට අද සිට ශ්‍රී දේවි යයි

Generic placeholder image

අද දිනයේ සිට කොළඹ සිට කංකසන්තුරේ දක්වා නව දුම්රියක් ධාවනයට එක් කෙරෙනවා. එම දුම්රිය ශ්‍රී දේවි නමින් කර ඇති අතර පස්වරු 3.55 ට කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය රාත්‍රී 10.16 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.


Sep
5

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන්ගේ බිරිඳගෙන් යළි රහස් ප්‍රකාශයක්

Generic placeholder image

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබිදුල් කාදර් ෆාතිමා සාදියා ඊයේ දිනයේදිත් අධිකරණයට පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දී ඇත. පැය දෙකක කාලයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී එම රහස් ප්‍රකාශ ලබා දී ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකාරියගෙන් අධිකරණය මිට පෙර අවස්ථා දෙකකදි රහස් ප්‍රකාශ ලබාගෙන තිබුණි.


Sep
5

ග්‍රෑන්ඩ්පාස් සිද්ධියට කුඩු රොෂාන් ඇතුළු පිරිසක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදු වූ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම අත් අඩංගුව සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද ඒ අතර ඇති බව පැවසෙනවා.


Sep
5

කුසල්ට සති හයක විවේකයක්

Generic placeholder image

සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී ෂෙහාන් කුසල් මෙන්ඩිස් එකිනෙක ගැටීමෙන් කුසල් මෙන්ඩිස් අනතුරකට ලක් වූ අතර එහිදී ඔහුගේ දණ හිසට හා හිස ආබාධ තත්වයකට ලක්ව තිබෙනවා. ඊයේ දිනයේ ඔහු M.R.I ස්කෑන් පරිකෂණයකට පෙනී සිටි අතර එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සති හයක […]


Sep
5

දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

පාදුක්ක සහ මීගොඩ අතර ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.


Sep
5

ජනපතිගේ ප්‍රකාශය අන් පාර්ශවයන්ට ගැටළු මතු කරන ලකුණු?

Generic placeholder image

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සමුළුව අමතමින් කල ප්‍රකාශය මේ වන විට බොහෝ දේශපාලන පක්ෂ අතර කතාබහට ලක් වී තිබෙනවා. ජනපතිතුමා එම සමුළුවේදී පසුගිය කාලයේදී සිදු වූ විශේෂයෙන්ම මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට සුදානම් කර ඇති බව පැවසීම ආණ්ඩු පක්ෂය තුල දැඩි කතා බහට ලක් වෙමින් […]


Sep
5

යොවුන් ක්‍රිකට් ශුරතාවලිය අද සිට

Generic placeholder image

කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් වයස 19 න් පහළ යොවුන් ක‍්‍රිකට් ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ කුවේට් යන කණ්ඩායම්. ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ නේපාලය බී කාන්ඩය යටතේ තරග වදිනවා. වයස 19 න් පහළ යොවුන් ක‍්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් අද තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු තරගය කොළඹ […]


Sep
5

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

Generic placeholder image

ඇමරිකානු ෆෙඩරල් වෙළඳ කොමිසමක් විසින් යූ ටියුබ් ආයතනයට ඩොලර් මිලියන 170ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ළමුන්ගේ පෞද්ගලිකත්වයට අදාළ නීති උල්ලංගනය කිරීම හේතුවෙන්.


Sep
5

විනය පරික්ෂණයට විජිතමුණිගෙන් පිළිතුරු

Generic placeholder image

තමන් ඇතුලූ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. සියත ප‍්‍රවෘත්ති කළ විමසීකදී ඔහු කියා සිටියේ එය පක්ෂ අභ්‍යන්තරයේ විසදා ගත යුතු කාරණයක් බවයි. එස් බී දිසානායක / ඩිලාන් පෙරේරා / ඒ එච් එම් ෆවුසි / විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් […]


News Articles
Latest Videos
Most Popular Post