News Line| Off Air
Generic placeholder image

Aug
19

නව හමුදාපතිවරයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරයි

Generic placeholder image

දෙමළ ජාතික සන්ධානය සිය නිල ට්විට්ර් ගිණුමේ සටහනක් තබමින් හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා. දරුණු ඝණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුට යුද හමුදාපති ධුරය ලබාදීම දෙමළ ජනතාවට සිදුකළ නිග්‍රහයක් බව දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම සටහන තබමින් එම්.ඒ.සුමන්තිරන් මහතා පවසනවා.


Aug
19

දුම්රිය සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161ක ආධාරයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161ක ආධාරයක් ලබාදී ඇති අතර මෙයින් අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබා දී ඇත්තේ ආපසු නොගෙවන ප්‍රදානයක් ලෙසයි. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදල වසර 08කින් ආපසු ගෙවීම සඳහා සියයට දශම 5ක සහන පොලියකට ලබාදී ඇති බව සදහන්. එමෙන්ම ව්‍යාපෘතීන් 08ක් සඳහා මෙම ආධාරය […]


Aug
19

ඕකේ අයිස් ග්ලැසියරය මියයයි

Generic placeholder image

අයිස්ලන්තයේ වසර 700ක් පැරණි ඕකේ ජෝකුල් හෙවත් ඕකේ අයිස් ග්ලැසියරය මියගිය බවට නිල නිවේදනය සහ ශෝකය පල කිරීම පසුගියදා සිදුකෙරුණා. අයිස්ලන්තයේ ඕකේ ජෝකුල් ග්ලැසියරය මියගිය බව ප්‍රථම වරට අනාවරණය වූයේ 2014 වර්ෂයේදී වුවත් ඒ බව නිල වශයෙන් සමරනු ලැබුවේ පසුගියදායි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන දේශගුණික විපර්යාසයන් නිසා අයිස්ලන්තයට අහිමි වූ පළමු ග්සිලැයරය මෙය වන අතර […]


Aug
19

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඉදිරියෙන් – නායක දිමුත් පිතිකරුවන් මුල් දහදෙනා අතරට

Generic placeholder image

මේ දිනවල කි‍්‍රකට් ලෝකයේ වැඩිපුරම කතාබහ වන මාතෘකාවක් තමයි ටෙස්ට් තරග කියන්නේ. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වෙලා තියෙන නිසා. මේ විදිහට ටෙස්ට් ලෝක කුසලතාවය ආරම්භ වූයේ අළුබදුන තරගාවලියත් එක්කයි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තයත් සමග තරගවැදුණු ටෙස්ට් තරගයත් ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියට ඇතුලත්. නිමාවට පත්වෙච්ච එංගලන්ත ඔස්ට්‍රේලියා සහ ශී‍්‍ර ලංකා නවසීලන්ත තරග නිසා ටෙස්ට් ශ්‍රේණිගත […]


Aug
19

නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන ඇමරිකාව කනස්සල්ලෙන්

Generic placeholder image

යුද හමුදාපති ලෙස මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එක්සත් ජනපදය යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවන බව එම නිවේදනයේ සඳහන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා […]


Aug
19

සහරාන්ගේ සංවිධානයේ තවත් ක්‍රියාකාරි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානවල තවත් ක්‍රියාකාරි සමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරට ද සහභාගි වී ඇති මොවුන් දෙදෙනා මොහම්මදු සහීර් සහ මොහොම්මදු අවුතාත් යන බවට අනාවරණ […]


Aug
19

IS ත්‍රස්තයින්ට එක් වූ බ්‍රිතාන්‍ය ජාතික ජිහාඩි ජැක්ගේ පුරවැසිභාවය අහෝසි කරයි

Generic placeholder image

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය සමග එක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජැක් ලෙට්ස්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කර තිබෙන බව වාර්තා වෙනවා. නව යොවුන් වියේදී එනම් වයස අවුරුදු 18 දී ඉස්ලාම් ආගම වැළඳ ගෙන, එමෙන්ම 2014 වසරේදී ඔක්ස්ෆර්ඩ්ෂෙයා උසස් පාසල අත්හැර සිරියාවේ රක්ඛා නගරය වෙත ගොස් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග එක් වූ අතර පසුව කුර්දි YPG බලකාය විසින් […]


Aug
19

ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව ඉදිරියෙන්

Generic placeholder image

ජාත්‍යයන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව පළමු තැන හිමිකරගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවති ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ජයගැනීමත් සමග ප‍්‍රසාද ලකුණු 60 ක් ලබාගෙන මෙලෙස ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ශී‍්‍ර ලංකාව ලබාගත්තා. එමෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අලුබදුන කි‍්‍රකට් තරගාවලියෙන් තරග දෙකකදී […]


Aug
19

සජිත්ගේ මීළග රැළිය මාතර ප්‍රදේශයේදී

Generic placeholder image

ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන දෙවැනි රැළිය මාතරදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම රැලිය සංවිධානය කරන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ය. අගෝස්තු 23දා මාතර සනත් ජායසූරිය ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.


Aug
19

රජයේ වෛද්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

Generic placeholder image

රජයේ වෛද්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ ස්ථානගත කිරීම්වල මතුව ඇති ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් මෙය ක්‍රියත්මක කරන බව සදහන්. මෙම සංකේත වර්ජනයට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කරන බව කොළඹ අද පැවැති මාධ්‍ය […]


Aug
19

හරීන් මේ දේ කිවුවේ ටිකිරිට මද?

Generic placeholder image

මෙවර මහනුවර දළඳා පෙරහරට එක්ව තිබූ ටිකිරි ඇතින්න වයෝවෘද්ධ නිසාත්, පෙරහරේ ගමන් කරවීම නිසාත් ඇය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා. එහෙත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවයි. ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබුණා. මේ පිළිබඳව අදහස් දැක්වූවන් පවසන්නේ අමාත්‍යවරයා මෙය ටිකිරි […]


Aug
19

මහින්ද සහ ජපන් සාම නියෝජිත අතර හමුවක්

Generic placeholder image

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේ දීය. එම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එක් වූ බව විපක්ෂනායක කාර්යාලය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post