News Line| Off Air
Generic placeholder image

Jul
30

දිවයිනට තරමක වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතේත් කළුතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කල අතර මුලතිවු, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි […]


Jul
29

මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අමාත්‍ය ධුරවල දිවුරුම් දෙයි

Generic placeholder image

මුස්ලිම් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා දිවුරුම් දුන්නේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන […]


Jul
29

කැබිනට් මණ්ඩලය රැස්වන වෙලාව වෙනස් වෙයි

Generic placeholder image

සෑම අඟහරුවාදා දිනකදීම පෙ.ව. 9.30 ට පවත්වනු ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ වෙලාව වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන නවතම වෙලාව පෙ.ව. 7.30 බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් හෙට (30) සිට පෙ.ව. 7.30 ට අමාත්‍ය මණ්ඩලය රැස් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


Jul
29

මත්ද්‍රව්‍ය සටනේදී තමන් තනිවී නොමැති බව ජනපති කියයි

Generic placeholder image

මත්ද්‍රව්‍ය සටනේදී තමන් තනිවී නොමැති බව රත්නපුර ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. තමන් තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් බවද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර, ඇහැලියගොඩ මූලික රෝහලේ රුපියල් ලක්ෂ 2000 ක් වැය කර ඉදිකළ පස්මහල් වාට්ටු සංකීර්ණයේ පළමු අදියර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් […]


Jul
29

විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අගමැති සහ උපකුලපතිවරු අතර සාකච්ඡාවක්

Generic placeholder image

දිවයිනේ විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන උපකුලපතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙරට විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටළු හා අභියෝග පිළිබඳවත්, අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරනවා. අද (29) කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවති මෙම සාකච්ඡාවට විශ්ව විද්‍යාල උපකුලපතිවරු 14 දෙනෙක් සහභාගි වුණා. විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතීන් ඉහළ නැංවීම, ස්වාධීනත්වය තහවුරු […]


Jul
29

මාලි සහ හාල් කෑලි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here


Jul
29

සහරාන්ට පුපුරණ ද්‍රව්‍ය ලබාදුන් සැකකරු අගෝස්තු 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට සැක පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරු ලබන අගෝස්තු මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින 90 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්වි.ජේතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු […]


Jul
29

දෙවන පාසල් වාරය අගෝස්තු 01 න් අවසන්

Generic placeholder image

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව දැනුම් දී තිබෙනවා. තෙවන පාසල් වාරය 2019 සැප්තැම්බර් මස 02 වන සඳුදායින් ආරම්භ වන බව සදහන්.


Jul
29

අපෙන් එකෙකි මේ මිනිසා – රණවිරුවෙක් කළ උතුම් කි‍්‍රයාවක්

Generic placeholder image

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළදී තරුණ ගුවන් හමුදා නිළධාරියෙකු පාර මාරු වීමට නොහැකිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු තමුන්ගේ දෑත් දෙකින්ම උස්සා එහා පැත්තෙන් ගෙනිහින් තැබූ අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ. රණවිරුවාණෙනි අප ඔබව අගය කරන්නෙමු. උපුටා ගැනීම – මුහුණු පොතෙන්


Jul
29

අනාගත රාජාපේක්ෂකයා

Generic placeholder image

සතියේ දවස් වල සවස 05.00 ට සියත fm ඔස්සේ නිකමට වගේ අහන්න.


Jul
29

ජාතික පාසල් ගුරුවරුන්ට විශේෂ වරප‍්‍රසාදයක්

Generic placeholder image

ජාතික පාසලක වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ, සියලු ගුරුවරුන්ට තමා සේවය කරන පාසලටම තම දරුවන් ඇතුළත් කරගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සලසා දී තිබෙනවා. ඒ අනුව මෙම ගුරුවරුන් වෙත දරුවන් ඇතුළත් කිරීමට අදාළ ලිපි ලබාදීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන […]


Jul
29

මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමන් තනිවී නොමැති බවත් රටේ ජනතාවම තමා සමග බව ජනපති කියයි

Generic placeholder image

අද (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය […]


News Articles
Latest Videos
Most Popular Post