නිදහස් මැතිවරණයකින් තේරීපත් වූ සහ බලයේ සිටි ලොව වයස්ගතම ජනපති බේජි කෙයිඞ්ගේ අභාවය වෙනුවෙන් ටියුනීසියානු රජය දින 07 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 92 වන වියේ පසු වූ ටියුනීසියානු හිටපු ජනාධිපතිවරයා පසුගිය බදාදා මිය ගොස් තිබුනේ හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. 2014 වසරේ දී අරාබි වසන්තය සමග ටියුනීසියාවේ පැවති ප‍්‍රථම නිදහස් මැතිවරණයෙන් ඔහු […]
සහරාන්ගේ සමීපතමයෙකු නාවලපිටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. නාවලපිටිය ප‍්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහරාන් සමග හම්බන්තොට කදවුරේ පුහුණුව ලැබුවෙකු බවයි පොලීසිය සදහන් කලේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 90 ක රැුදවුම් නියෝග ලබා ගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතයි. […]
අනුරාධපුරයේ පැවැත්වෙන පිච්චමල් පූජාවට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මකයි. එම දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ 28 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක බවයි. අද පෙරවරු 07 .10 ට එක් දුම්රියක් කොළඹ කොටුවෙන් පිටත් වුණා. හෙට හා 28 යන දෙදින තුළ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට දුම්රිය දෙකක් කොළඹ කොටුව බලා ධාවනය […]
එළඹෙන අගෝස්තු පළමුවැනදා රජයේ උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්, ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ගතවූ […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ දේශපාලන පක්ෂ කිහිපයක් අද පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී අවබෝධතා ගිවිසුමකට එළඹුනා. ඒ අනුව මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොකළ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 ක් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම්ගතව තිබෙනවා. එම ගිවිසුම්ගත වූ පක්ෂ වන්නේ හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂය, […]
සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දිවා රාත්‍රි තරගයක් ලෙස පළමු තරගය අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාගංනයේ දී පැවැත්වෙනවා. මෑත යුගයේ විශිෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස විරුදාවලිය ලත් ලසිත් මාලිංග ක්‍රිකට් ලොවට සමුදීමේ සාධකය මෙම තරගයේ විශේෂත්වය වන අතර ඔහුට ගෞරවයක් ලෙස තරගය නැරඹීමට විශාල […]
යාල වනෝද්‍යානයේ කලාප අංක 03 ප්‍රදේශයේ මැණික් ගගේ පුද්ගලයින් පිරිසක් නිතිවිරෝධි අයුරින් මැණික් ගරමින් සිට ඇති අතර එම පිරිස හා වනජීවී නිලධාරීන් අතර ඊයේ (25) වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. වනජීවි නිලධාරින් විසින් සිදුකල වෙඩි තැබිමෙන් ජාවාරම්කරුවෙකුට වෙඩි වැදී ඇති අතර ඔහුද කැටුව නීති විරෝධිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා […]
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වීමට නියමිතයි. එය පෙරවරු 09 ට ආරම්භ වන අතර, සාක්ෂි විමසීම සඳහා පළමුවෙන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කැඳවීමට තීරණය කළ බව කමිටු සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියා. අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. මීට අමතරව […]
මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල […]
කොළඹ මහනගර සභාව විසින් සිදුකරන කැණීම් කටයුත්තක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල වටරවුම දක්වා වු මාර්ගයේ කොළඹින් පිටවීමේ මංතීරුවේ ගමනා ගමන කටයුතු සීමා කර තිබෙනවා. ඒ අනුව ජූලි මස 26 වන දින සිට ඔක්තෝබර් මස 25 වන දින දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මක වන බව සදහන්. බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල […]
25 වන ජාතික විරුජන සම්මාන උළෙල අද (25) පස්වරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. වීර පොදුජන පදනම මඟින් මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර 2019 වර්ෂයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි වීර ක්‍රියාවන්හි නියුතු වූවන් සඳහා මෙහිදී සම්මාන ප්‍රධානය කරනු ලැබුවා. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක […]
හෙට දින සංචාරක බංග්ලාදේශය හා ශී‍්‍ර ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලියට ලසිත් මාලිංග විසින් නුවන් කුලසේකර වෙත කළ ආරාධනය පිළිගන්නා අතර එය නැරඹීමට ඔහු සහභාගි වන බව නුවන් කුලසේකර සදහන් කළා.