News Line| Off Air
Generic placeholder image

Jul
21

ඉතියෝපියාවේ ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටුමකින් 14 නෙකු මියයයි

Generic placeholder image

ඉතියෝපියාවේ ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ගැටුම ඇතිවී තිබුණේ දකුණු දිග හවාස්සා නගරයේ වාසය කරන සිධාමා වාර්ගික කණ්ඩායමක් ස්වතන්ත‍්‍ර පාලනයක් ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයක් අතරතුරදීයි. සිධාමා වාර්ගීක පිරිස ඉතියෝපියාවේ දකුණු කලාපයේ විශාලතම ජනවාර්ගීක […]


Jul
21

පාස්කු ප‍්‍රහාරයේ තෙමස් පූර්ණය සිදුකිරීමට කටුවාපිටිය පල්ලිය සූදානම්

Generic placeholder image

අද (21) දිනට පාස්කු ප්‍රහාරය සිදු වී මාස තුනක් ගතවනවා. ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආසිරි ගන්වා විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. 300කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගත් මෙම ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිකිරීම වෙනුවෙන් දේව මෙහෙයට ක‍ටුවාපිටිය දේවස්ථානය සූදානම් වූ […]


Jul
21

රන්ජන්ගේ ප්‍රකාශය එක්සත් ජනපදවාසී භික්ෂුන් වහන්සේලා දැඩි ලෙස හෙළා දකියි

Generic placeholder image

රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් භික්ෂූන් වහන්සේලා නින්දාවටත්, ගර්හාවටත්, අපහාසයටත් ලක් කරමින් කරන ලද ප්‍රකාශය තරයේ හෙළා දකින බව අමරිකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වල්පොල පියනන්ද හිමි ප්‍රකාශ කරනවා. ලිපියක් මඟින් අමෙරිකා එක්සත් ජනපදවාසී භික්ෂුන් වහන්සේලා ලෙස තමන් මෙම ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත් මෙම ප්‍රකාශක සිදු කිරීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා […]


Jul
21

සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබා දෙන බවට සැකයක්

Generic placeholder image

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම චක්‍රලේඛය තුළ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල යන නාමය වෙනුවට දේශීය වෛද්‍ය විද්‍යාල යන නාමය ඇතුළත් කර ඇති බව එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද […]


Jul
21

දකුණු කොරියාවේ මඩ නෑමක්

Generic placeholder image

මඩ නා ගැනීමේ උත්සවයක් පිළිබඳව දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. වාර්ෂිකව පැවැත්වෙන එම උත්සවය හඳුන්වනු ලබන්නේ “බොරියොන්ග් මඩ උළෙල” ලෙසයි.මඩ නා ගැනීම සුදුසු දෙයක් නොවන නමුත් ලොව තැන තැන විවිධ රටවල මඩ නාගන්නා ආකාරය විදෙස් මාධ්‍ය සේවාවන් වරින් වර වාර්තා කරන අතර මේ උත්සවය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේය. මේ මඩ උළෙල ග්‍රීෂ්ම කාලයේදී දකුණු කොරියාවේ බොරියොන්ග් නගරයේදී […]


Jul
21

ඇතැම් මුහුදු ප‍්‍රදේශ වල රළ ගොඩබිමට පැමිණීමේ අවධානමක්

Generic placeholder image

ඉදිරි පැය 24 ක කාලය තුළ පුත්තලම, සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා […]


Jul
21

අද රෑ සිට තැපෑල නවතී

Generic placeholder image

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තැපැල් සේවකයින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ. බඳවා ගැනීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරී […]


Jul
21

කුවේටයේදී හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද යළි දිවයිනට

Generic placeholder image

කුවේටයේදී විවිධ හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද අලූයම යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩි පිරිසක් කුවේට් රාජ්‍යයේ නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය බව සඳහන්. එහෙත් සංවිධානාත්මක පිරිසක් පැමිණ ඔවුන්ගේ මිල මුදල්, භාණ්ඩ සහ ඔවුන්ව රැගෙන ගොස් තිබෙනවා. ඉන් අනතුරුව පහරදෙමින් වෙනත් ස්ථානයක දින ගණනාවක් රඳවා සිටි ඔවුන් […]


Jul
21

ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමේ සුදානමක්

Generic placeholder image

ශ්‍රි ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ. මේ මස අවසාන සතියේ ඇරඹිමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයේ පළමු […]


Jul
21

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණෙයි

Generic placeholder image

එක්දින කි‍්‍රකට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් පිළ ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණි අතර මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තමීම් ඉක්බාල්.ලෝක කුසලාන තරගාවලියේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 26වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතව […]


Jul
21

එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය අගෝස්තු 5 ජනතා හමුවට

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය අගෝස්තු 5 වනදා ජනතාව හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් මෙම නව සන්ධානය නම් කර ඇති බවය.නායකත්ව මණ්ඩලයකින් සන්ධානය ගොඩනැගෙන බවත් ලංකා ඉතිහාසයේ අලුත්ම අයුරකින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් […]


Jul
21

පාස්කු ප්‍රහාරයෙන් තෙමසකට පසු අද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර විවෘත වෙයි

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙන බව වාර්තා වෙනවා.කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බවයි. දිව්‍ය පූජාව අද දින උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබු අතර සංකේතාත්මකව මිය ගිය පිරිස […]


News Articles
Latest Videos
Most Popular Post