හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ වගකීමෙන් බැහැර වී සාපරාධි මනුෂ්‍යඝාතන සිදුකිරිමට අනුබල දීමේ චෝදනාව මත පවරා ඇති නඩුවට පෙනී සිටීම සදහායි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තුන්මසක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සංවිධානය කර තිබු ආගමික උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කලේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බවයි. ඔවුන් වර්තමානයේ අනාගමික සංස්කෘතියකට අනුව කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බව උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දුන් අතර පාස්කු […]
රූමස්සල කඳු වැටිය ආසන්නයේ ගල් පර්වතයක හැපී සිරවී ඇති නෞකාවේ ඉන්ධන ඉවත් කර ගැනීමේ කටයුතු අද (22) දිනයේද සිදු කෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප‍්‍රකාශ කරනවා. ග්ලෝරි ටූ ගෝ ලෙස නම් කර ඇති අදාළ නෞකාව රූමස්සල කඳු වැටිය ආසන්නයේදී ඉන්ධන ටොන් 15 ක් සමග අනතුරට ලක්වුණේ ඉකුත් 18වැනිදායි. ඉකුත් […]
ඊයේ (21) රැස්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය යළි අමාත්‍යධූර භාර නොගෙන ආණ්ඩුවට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා.ඒ අනුව මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) දිනයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා. එමෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නැගෙනහිර පළාතේ මුස්ලිම් වැසියන් මුහුණ දෙන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සඳහා විසඳුම් ලබා ගැනීමටයි.
බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (22) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි. මේ අතර […]
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුන්මේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇති විය හැකි බව දන්වා තිබෙන අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් […]
ප්රවීණ ගේය පද රචිකාවක් මෙන්ම ප‍්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව පසුවූ ඇය,ඊයේ (21) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ. ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත්වු අතර අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් […]
පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව පඬුවස්නුවර ඊයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ප්‍රකාශ කළා. කුරුණෑගල පඬුවස්නුවර බණ්ඩාරකොස්වත්ත මුස්ලිම් මහා විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැඟිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) විවෘත කෙරුණා. පාස්කු ඉරිදායින් පසු එම ප්‍රදේශවල ඇතිවු ගැටුම් ඇති කිරීමට පැමිණියේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුගොඩ පිවිසුම ආසන්නයේදී බලපත්‍ර නොමැතිව ගවයින් පස්දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර සිට ගාල්ල දක්වා ඊයේ රාත්‍රියේ මෙම ගවයින් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර සැකකරුවන් මේ වන විට ගාල්ල වරාය පොලීසියේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.
උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම් ලබා දෙන බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. හැටන් නගරයේ අද (21) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. දමිල භාෂාව කතා කරන උපාධිධාරීන්ට ද පත්වීම් ලබා දීමට කටයුතු කරන බවද ඉදිරි මාස තුන තුළදී තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරන බවද කබීර් හෂීම් අමාත්‍යවරයා එහිදී […]
අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට සිදුකළ ප්‍රහාර මාලාවක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද විවෘත කළ අවස්ථාවේ දී කාදිනල් හිමියන් මෙම අදහස් ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වග කිව යුතු නැති බවත් මෙය රට […]
තැපැල් වෘත්තීය සමිති ගැටලුව ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා පවසනවා. අදාළ ගැටලුවලට විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු මූලික කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද (21) මධ්‍යම රාත්‍රී සිට එක්දින වැඩවර්ජනයක නිරත වීමට […]