තිරිඟු පිටි මිල හදිසියේ රුපියල් 08 කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙලෙස මිල ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයන සමාගම් තීරණය කිරීම අසාධාරණ බවයි. මේ සම්බන්ධයෙන් ජීවන වියදම් […]
රෙඩ් බුල් කැම්පස් 2019 ක‍්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. සරසවි සිසුන් සඳහා සංවිධානය වන එකම ක‍්‍රිකට් තරගාවලිය වන රෙඞ් බුල් කැම්පස් 2019 සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 26 ක්. තරගාවලිය පැවැත්වෙන්නේ ඊඍක් සහ කොල්ට්ස් ක‍්‍රීඩාංගණ වලදීයි. රෙඞ් බුල් කැම්පස් 2019 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ලෝක විශ්ව විද්‍යාල […]
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකු අද ඇප මත මුදා හැරියා. නඩුව අද කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. එහිදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දස වන විත්තිකරු […]
උතුරු දුම්රිය මාර්ගයේ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් හෙට අවලංගු කර තිබෙනවා. ඒ පොල්ගහවෙල පොතුහැර දුම්රිය හරස්මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. කොළඹ මඩකලපුව / කොළඹ තලේමන්නාරම/ කොළඹ කන්කසන්තුරය සහ කොළඹ ත‍්‍රීකුණාමලය යන දුම්රියන් මෙලෙස අවලංගු කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ ආගරපතන ගිනිගත්හේන හා තෙල්දෙණිය ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වු බවයි. ආගරපතන ප‍්‍රදේශයේ සැඩපහරට හසුව ගසාගෙන ගිය දැරියන් දෙදෙනාගෙන් අතුරුදන් වු අනෙක් දැරියෙගේ මල සිරුර ද සොයාගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ සැඩපහරට හසුවු ස්ථානයේ සිට කිලෝමීටරයක් […]
ශ්රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියේ පවතින පුරප්පාඩු සදහා නව විදුහල්පතිවරුන් 1918 දෙනෙකු බදවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ සදහා වන සම්මුඛ පරීක්ෂණ ලබන 29 වනදා සිට ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය සදහන් කළේ. විදුහල්පතිවරුන් බදවා ගැනීමට අදාළව පැවැත්වු තරග විභාගයෙන් ඉහළින් සමත්වුවන් අතරින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට නියමිතයි. […]
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මන්ඩලය අද රැස් වනවා. කැබිනට් මණ්ඩලය රැස් වන්නේ සතියේ සෑම අගවරුවාදා දින වලදීයි. නමුත් ජනාධිපතිතුමාගේ අත්‍යාවශය රාජකාරී කිහිපයක් හේතුවෙන් අමාත්‍ය මන්ඩල රැස්වීම අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද කැබිනට් මන්ඩලයේ දී තැපැල් සේවකයින්ගේ ගැටලූ පිළිබදව ද සාකච්ඡා කරන බව තැපැල් සේවා අමාත්‍ය ඒ .එච් .එම් හලීම් මහතා […]
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති තද සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගම්පහ,කොළඹ,කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 150 ඉක්ව වු වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිස්ත්‍රික්ක 07කට නිකුත්කර ඇති නාය යාම් අවධානම් තත්ත්වය අද පස්වරුව දක්වා බලපැවැත්වෙන […]
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබෙනවා. උසස් පෙළ විභාගය සඳහා මෙවර නව විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද පෙනී සිටිනවා. ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර මධ්‍යස්ථාන 2,678ක මෙවර […]
ශ්රී ලංකාවට බලපා ඇති වැසි සහිත කුණාටු තත්ත්වය හේතුවෙන් ගාල්ල පිටත වරායේ නැංගුරම්ලා තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නම් නෞකාවක් නැංගුරම කඩාගෙන, ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසළ ගල් පරයක වැදි සිර වී ඇති බව වාර්තා වනවා. නෞකාව තුල 15 දෙනෙකු පමණ පිරිස සිටින බව සදහන්. මෙම නැව ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් රැගෙන එමින් තිබූ […]
සිම්බාබ්වේහි ක්‍රිකට් තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ලන්ඩන් හි පැවැති අයි.සී.සී. වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගත් බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා. ක්‍රිකට් ආයතනය තුළ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී නිළවරණයක් පැවැත්වීමට අසමත් වීම සහ ක්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර ඉදිරිියේ දි […]
කළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවීම හේතුවෙන් කළු ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලූ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසා තිබෙනවා. රත්නපුර දිස්ති‍්‍රක්කයේ ආපදා තත්ත්වය යම්තාක් දුරට පාලනය වී ඇති බවද පවතින වර්ෂාව හේතුවෙන් දිස්ති‍්‍රක්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවද ආපදා කළමණාකරණ […]