News Line| Off Air
Generic placeholder image

Jul
18

මරදාන අවට රථ වාහන තදබදයක්

Generic placeholder image

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.


Jul
18

ශකීබ් ලංකාවට නොඑන හේතුව මෙන්න

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ශකිබ් අල් හසන් හජ් වන්දනාවේ යාම වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලෙස කළ ඉල්ලීම එරට ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා. ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතාවයන්ගෙන් පසු මෙම ඔහු ඉල්ලීම කර ඇති බවයි සදහන් වෙන්නේ. එම නිසා ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය මගහැරෙණු ඇති. එමෙන්ම බංග්ලාදේශ පිතිකරු ලින්ටන් දාස්වද […]


Jul
18

පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරෙද්දි කටුවාපිටිය දේවස්ථානය යළි බැතිමතුන්ට විවෘත කෙරේ

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන 21 වැනිදා යළි විවෘත කරන බව කොළඹ සහයක රදගුරුතුමන් ඇන්තනී ජයකොඩි පියතුමා ප්‍රකාශ කර සිටිනවා. ඊයේ (17) බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී රදගුරුතුමන් ප්‍රකාශ කර සිටියෙ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවයි. තවදුරටත් රදගුරුතුමන් පවසා සිටියේ දේවස්ථානය යළි විවෘත […]


Jul
18

දියේ ගිලීම් අනතුරුවලින් ශ්‍රී ලංකාව ලොව 16වෙනි තැනට

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ තුල හදිසි අනතුරු වලින් දෙවන ස්ථානය හිමි වන්නේ දියේ ගිලීම නිසා සිදුවන අනතුරු වලින් බවයි වාර්තා වන්නේ. ඒ නිසා වසරකට ජීවිත 1100ක් පමණ අහිමි වන බවයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක අසංක නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. 2014 වාර්ෂික වාර්තා වලට අනුව ලෝකයේ සිදුවන දියේ ගිලීම් අනතුරුවලින් ශ්‍රී ලංකාව 16 […]


Jul
18

මුස්ලිම් විවාහ නීති සකස් කළ සංශෝධිත කැබිනට් පත්‍රිකාව මීලග කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

මුස්ලිම් ජතිකයින්ගේ විවාහ නීති සම්බන්ධයෙන් සකස් කළ සංශෝධිත කැබිනට් පත්‍රිකාව මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසනවා. අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍යවරයා ද දැනුවත් කළ බව ඔහු කිය සිටියා. මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් මැති ඇමතිවරුන් ඉකුත් දා එකගතාවකට එළඹුණා. […]


Jul
18

ගත වූ මාස හය තුල සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 95ට වඩා දඩ මුදල් ලැබිලා

Generic placeholder image

මේ වසරේ ගත වූ මාස 6ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී වල දී රුපියල් මිලියන 95 ඉක්මවා දඩ මුදල් අය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කරන්නේ. තවද මෙහිදී රුපියල් මිලියන 1350 කට අධික හෙරොයින් ඇතුළු මත්පැන් මත්ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන […]


Jul
18

කුවේට් රටින් ශ්‍රී ලාංකිකයින් 17,000ක් පිටුවහල් කරලා

Generic placeholder image

කුවේටයේ අනවසරයෙන් රැඳී සිටි විදේශිකයන් එක්ලක්ෂ හතලිස්ක් පමණ පසුගිය වසර හය තුළ එරටින් පිටුවහල් කරනු ලැබ ඇතැයි අරාබි බසින් කුවේටයේ පලකෙරෙන අල්-අන්බා පුවත්පත වාර්තා කරනවා.වීසා සහ කම්කරු නීති උල්ලංඝනය කලවුන් මෙන්ම අපරාධකරුවන් ද ඔවුන් අතර සිටින බවයි එහි සඳහන් වෙන්නේ. මේ අතරට අයත් ශ්‍රී ලාංකික පිරිස දාහත් දහසක් පමණ වන බවත් මෙම වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම […]


Jul
18

දිවයිනේ මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවීමේ අවදානමක්

Generic placeholder image

දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින්විට හමන තද සුළං ද සෙසු ප්‍රදේශවල තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අනිද්දා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බවයි […]


Jul
18

බෙන් ස්ටොක්ස්ට නයිට් පදවියක්

Generic placeholder image

එංගලන්ත ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් අවසාන මහා තරගයේ දී පන්දු අනූ අටක් තුළ නොදැවී ලකුණු 84 ක් රැස්කර ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් බෙන් ස්ටොක්ස්ට බ්‍රිතානයෙය් ඉහලම ගෞරවනාමය වන නයිට් පදවියක් පිරිනැමීම සූදානමක් ඇති බවට වාර්තා වෙනවා. වර්තමාන එංගලන්ත අගමැති තෙරේසා මේ එම තනතුර නික්ම යාමෙන් අනතුරුව ඒ සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් […]


Jul
18

ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනයක

Generic placeholder image

විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් අද (18) සහ හෙට (19) ලෙඩ නිවඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරතවිමට තිරණය කර ඇත.ගුරුවරුන් සහ විදුහල්පතිවරුගේ අයිතීන් 4 ක් දිනා ගැනීම සදහා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ කියාසිටී. ” වසර 22ක කාලයක් පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම, මේ […]


Jul
18

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇමෙරිකාව දුන් දඩුවම

Generic placeholder image

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන මෙක්සිකෝවේ ජෝකුයින් ගස්මන් නොහොත්, එල් චාපෝ හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණයක් තීරණය කර තිබෙනවා. ඊට අමතරව ඔහුට එරෙහිව වසර 30ක සිරදඬුවමක් ද පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 6ක් වන ඔහුගේ වත්කම් ද රාජසන්තක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සුපිරි ධනවතෙකු […]


Jul
17

නිපුණතාවයෙන් සහ දක්‍ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැප විය යුතු බව ජනාධිපති කියයි

Generic placeholder image

ලෝකයේ කිසිදු රටකට දෙවනි නොවූ මෙරට පුරාණ තාක්‍ෂණික ශිල්පීය ක‍්‍රම සහ දැනුම ආරක්‍ෂා කර ගනිමින් හෙට දවසේද නිපුණතාවයෙන් සහ දක්‍ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැප විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවා. ඒ සදහා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ […]


News Articles
Latest Videos
Most Popular Post