News Line| Off Air
Generic placeholder image

Jul
10

රුහුණු සරසවියේ ආරක්ෂාවට පොලීසිය සහ යුධ හමුදාව කැදවයි

Generic placeholder image

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව එහි ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා.රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ මෙම ගැටුම හටගෙන තිබුණා. එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ […]


Jul
10

ඉන්ධන මිලෙහි අද වෙනසක් ?

Generic placeholder image

අද දිනයෙහි ඉන්ධන මිලෙහි වෙනසක් සිදු විය හැකි බවට වාර්තා පලවෙනවා. ඒ සෑම මසකම දස වෙනිදා තෙල් මිල කමිටුව රැස්වීමට නියමිත නිසාවෙන්. ඒ අනුව මිල සුත්‍රය යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් මිලෙහි වෙනස් සිදු කිරීමට රජය සූදානම් බවයි වාර්තා වෙන්නේ. මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහල […]


Jul
10

නැවතුන තැන සිට යළි තරගයට

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිව අත්හිටුවනු ලැබුවා. ඒ අනුව අද(10) දින එම තරගය යළි ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා. තරගය අත්හිටවනු ලබන විට කාසියේ වාසිය දිනාගෙන නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 46යි […]


Jul
10

අද හෝකන්දරට ජල කප්පාදුවක් – කොළඹ ප්‍රදේශ කීපයකට වතුර අඩු පීඩනයෙන්

Generic placeholder image

හෝකන්දර ප්‍රදේශයට අද(10) දින පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා. එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ද කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද අදාළ කාලය තුල අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි පැවසෙන්නේ.


Jul
10

දිවයිනේ පළාත් කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 පමණ […]


Jul
10

විදුලිබල මණ්ඩලය ණය ගෙවන්න තවත් ණයක් ගන්න යයි

Generic placeholder image

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාව විසින් ලබා දී තිබෙන ණය සීමාව රුපියල් බිලියන 80ක්. එම ණය සීමාව මේ වනවිට්ට ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව තාප බලාගාර කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට ලබාදෙන ඉන්ධන නතර […]


Jul
10

කුලසේකර කවුද කියලා කුලසේකරම මතක් කරලා දීපූ හැටි

Generic placeholder image

මේ දවස්වල නුවන් කුලසේකර ගැන කවුරු කවුරුත් කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒකට හේතුව තමයි පසුගිය දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තදි මෙල් කරපු ප්‍රකාශයක් නිසා. ඒ නිසාම සමාජ ජාල වෙබ් අඩවි තුල හැමෝම කුලසේකර කියන්නේ කවුද කියලා මතක් කිරීම් කරලා තිබෙනවා. මෙන්න මෙහෙම හැමෝම කුලේ ගැන සටහන් ලියනකොට නුවන් කුලසේකර මුකුත්ම නොකියා […]


Jul
9

හෙට හෝකන්දරට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට(10) දින උදෑසන 9 සිට බ්‍රහස්පතින්දා (11) උදෑසන 9 තෙක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කරනු ලබන කොළඹ නගර සංවර්ධන කිරීමේ ව්‍යාපාතිය හේතුවෙන් මෙම ජල සැපයුම පැය 24 ක් කප්පාදු කර තිබෙනවා. […]


Jul
9

පොළොන්නරුවට අයිස් වැස්සක්

Generic placeholder image

මාස හයකට අධික කාලයක් පොළොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මානවලට අද(09) සවස අයිස් වැසි සමඟ අධික වැසි ඇඳ හැලෙමින් පවතිනවා. වැලිකන්ද මඟුල් පොකුණ, සිංහපුර ඇතුළු ගම්මාන රැසකට මෙම අයිස් වැසි ඇඳ හැලී පවතින බව ප්‍රදේශවාසීන් සඳහන් කළ අතර මීට පෙර අවස්ථාවකදීද මනම්පිටිය මහව ප්‍රදේශයේ ද අයිස් […]


Jul
9

මන්නාරම සිට කොළඹ දක්වා මුහුදු ප‍්‍රදේශ වල සුළං වේගය ඉහළ යෑමේ හැකියාවක්

Generic placeholder image

දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්‍ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක් ගනු […]


Jul
9

ස්පෙක්ට්‍රම් අද මාලදිවයිනට

Generic placeholder image

දිවයිනට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් කළ හැකි දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් නැමති ගුවන් යානය අද (09) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගියා. දැඩි කතාබහට ලක්වූ මෙම ගුවන් යානය දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි සමාගමට අයත් එච්.සී. 47 වර්ගයේ ගුවන් යානයක්. මෙම ගුවන් යානය පසුගිය ඉරිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, […]


Jul
9

“ඉරානය පරිස්සම් වුණොත් හොදයි” ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

ඉරානය සිය යුරේනියම් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පරිස්සම් වීම වඩා වැදගත් බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ලෝක බලවතුන් හා 2015 දි ඇති කරගත් එකගතාවය බිද හෙළමින් පසුගිය ජුලි 07 වනදා සිට සිය යුරේනියම් නිෂ්පාදනය කීප ගුණයකින්ම වැඩි කරන බව ප්‍රකාශ කර තිබුණා. ඉරානය මෙම තීරණය […]


News Articles
Latest Videos
Most Popular Post