කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අද (09) දහවල් සිදුකළ හදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන සහ සිම්කාඞ්පත් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති බව සදහන්. එහිදී ජංගම දුරකථන 5ක් සොයාගෙන ඇති අතර එක් දුරකථනයක් ස්මාර්ට් වර්ගයේ දුරකථනයක් බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා. එමෙන්ම සිම්කාඞ්පත් 12ක් සොයාගෙන ඇති අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ජී – […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
පාස්කු ඉරු දින ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ ස්මයිල් මොහොම්මදු නසීර් නැමති මව්ලවිවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තිබෙනවා. 41 හැවිරිදි මෙම මව්ලවිවරයා පසුගිය මැයි මස 1 වන දා නිකවැරටිය – රස්නායකපුර – මණ්ඩපල ප්‍රදේශයේදී නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ඉන්පසු […]
මියගිය හුනෙකුගේ මළ සිරුරක් සහිතව පාසල් ළමුන්ට දිවා ආහාරය සපයන ලද ආහාර කොන්ත්‍රාත්කරුවෙක් ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වවුනියා දිසා විනිසුරුවරයා ඊයේ නියෝග කලා. වවුනියාව පාසල් සිසුන්ට ලෝක ආහාර වැඩසටහන යටතේ දිවා ආහාරය සැපයෙන අතර එම ආහාර වේල් පාසල තුළ පිළියෙල කිරිම අසිරු බැවින් විදුහල්පතිවරුන් විසින් එය ආහාර සැපයුම් කරුවන් පත් කොට […]
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා. ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරු කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද […]
කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි කල මවුවරුන්ට එරෙහි පෙනි සිටින නීතිවෙදියෙකු විසින් මෙම වර්ග සංහාරය පිලිබද සිද්ධිය සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සලයට මේ සතියෙදි පැමිණිලි කිරිමට නියමිත බව වාර්තා වෙනවා. එ අනුව මෙම සිද්ධියට අදාළ රෝහල් බලධාරීන්ගේ වර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔහු ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමකදි ජාත්‍යන්තර ප්‍රජාවට සහ විදේශ තානාපතිවරුන්ට සෑබැ […]
අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස ඇතුලත රටේ ඓතිහාසික දේවාල 31හි පෙරහර මංගල්‍යයන් පවත්වා නිම කළ යුතු බවට එකගතාවයකට පැමිණ තිබෙන බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති ගයාන් හීන්නෙක්ද මහතා පවසනවා. බස්නායක නිළමේවරයා මේ බව කියා සිටියේ බස්නායක නිළමේවරුන් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර පෙරහර සඳහා අලි ඇතුන් සහභාගීකරවා ගැනීමේදී හිගයක් මතුව ඇති බවයි හීලෑ අලි […]
පවතින වර්ෂාවත් සමග කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර ඇතුලූ දිස්ත‍්‍රික්ක 10 ක ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් මතුව තිබෙනවා. ඩෙංගු රෝග මර්ධනය සඳහා ඊයේ දිනයේ සිට ලබන මස 31 දක්වා දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ. වසරේ මේ […]
කොම්පඤ්ඥවීදිය හා අගුලාන ප‍්‍රදේශ වල සිදුකළ මෙහෙයුම් වලදී හොරොයින් සමග සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඥවීදිය ප‍්‍රදේශයේ පදිංචි 27 හැවරිදි තරුණියක් සහ හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණයෙක්. මේ වසරේ ගතවු කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 1 029 ක් . ගතවු වසර 5 තුල විෂ මත්ද්‍රව්‍ය කිලෝ 24,818 […]
අභ්‍යවකාශයට යන ප්‍රථම කළු අප්‍රිකානුවා වීමේ අවස්ථාව ලැබ සිට දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා මසෙකෝ යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා. මේ සදහා 2013 වසරෙදි මොහු ඇමෙරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වන ලද තරගයෙදි ලක්ෂ 10 ක් වු තරගකරුවන් සමග තරග කර ජයගත් අතර පසුව 2015 වසරෙදි ඔහු ඇමෙරිකාවේ පුහුණුව ලබමින් අභ්‍යවකාශයට යෑමට සුදානමින් පසුවුණා. මිය යන විට […]
ෆේස්බුක් සහ වට්සැප් භාවිත කරමින් වැරදි ප‍්‍රචාර සිදු කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා කරන බවට Bloomberg වෙබ් අඩවිය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. ෆේස්බුක් සමාගම පිලිබදව වැරදි ප‍්‍රචාර ගෙනයන්නන් සම්බන්ධයෙන් සොයාබැලීමට Stormchaser පරිගණක වැඩසටහනට අමතරව තවත් වැඩසටහන් රාශියක් ඔවුන් සොයා ගෙන තිබෙනවා. ව්‍යාජ පුවත් ෆෙස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු කරගැනීමෙන් වලකින […]
ඇමරිකාවේ වොෂිංටනයට ගංවතුරින් බලපෑම් එල්ලවී තිබෙනවා. බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කළේ ගං වතුරින් ධවල මන්දිරයද ජලයෙන් යටවී ඇති බවයි. මේ අතර ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.