ඡන්ද පත‍්‍රිකාවට ‘‘කිසිවෙකුත් නැත’’ යනුවෙන් අලුත් තීරයක් එක් කිරීම සම්බන්ධයෙන් පුළුල් කථිකාවක් සිදු කළ යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන බවත් මෙවැනි තීරයක් එක් කිරීම තුළින් යහපත් මෙන්ම අයහපත් තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි සදහන් කරන්නේ. මැතිවරණ කොමිසමේ සාමාජික සමන් රත්නායක ප‍්‍රකාශ කළේ ඡන්ද දායකයා අකමැති අපේක්ෂකයෙකු මැතිවරණයට […]
පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දින ලබා දුන්නා. මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙසට සහ තර්කානුකූලව බැලිය යුතු බැවින් එය ජූලි මස 31 වැනිදා සලකා බැලීමට […]
ඉන්දුනිසියාවේ “බණ්ඩා මුහුදු “ප්‍රදේශයේ අද(24) උදෑසන භූ කම්පනයක් ඇතිව තිබෙන අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.3ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම භූකම්පනය ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල […]
මැතිවරණ කාලසීමාවක් තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හඟුරන්කෙත මාදවෙල රජමහා විහාරයේ රන් පත්තිරුවට අත්සන් තැබීමේ උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. තමාට 18 වන ව්‍යවස්ථාවේ ඇති හානියක් පිළිබඳව නොපෙනුන බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පරක්කු වී හෝ තේරුම් යෑම පිළිබඳ තමා ජනාධිපතිවරයාට […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරගයේ ලකුණු 49කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත් පන්දුවාර 50 අවසානයේදි කඩුළු 07ක් දැවි ලකුණු 308ක් රැස් කිරීමට සමත් වුණා.විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ හැරිස් සොහොල් පන්දු 50 ක දි ලකුණු රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම […]
දින කිහිපයක සිට පැවැති දුමිරිය වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නවත්වා ඇති අතර මේ වන විට දුමිරිය ධාවනය යථා තත්වයට පත්ව ඇති බව දුමිරිය පාලක මැදිරිය පවසනවා. ඒ අනුව අද උදෑසන සිට කාර්යාල දුමිරිය කොලඹ කොටුව සහ මරදානෙන් සිය ධාවනය ආරම්භ කළ බව ඔවුන් සඳහන් කළා. එමෙන්ම සිය ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර බාර […]
දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් වලත් ගාල්ල, මාතර,අම්පාර හා කළුතර යන දිස්ත්‍රික්ක වලත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මි.40-50 දක්වා තරමක තද සුලං ඇති විය හැකි බව එම දෙපාර්තුමෙන්තුව තවදුරටත් සඳහන් කළා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තරමක තද සුලං ඇති වීමට […]
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරාවට කඩින් කඩ වැසි පතිත වෙමින් පවතින බව වාර්තා වනවා. අධික වර්ෂාව සමග හට ගන්නා තද සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුමටද වරින් වර බාධා එල්ල වූ බව සඳහන්. අධික වර්ෂාවත් සමගම හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, හැටන් – […]
ධීවර කටයුතු සඳහා ඊයේ සවස දෙහිවල වෙරළ තීරයෙන් පිටත්ව ගිය යාත‍්‍රාවක් අද පෙරවරු 08.30 ට පමණ අනතුරට ලක් වී තිබෙනවා. ධීවර කටයුතු සිදු කර නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී ධීවර යාත‍්‍රාව වෙරළ තීරයට ආසන්නයෙන් ඇති ගල් පරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි සියත වාර්තාකරු සඳහන් කළේ. යාත‍්‍රාවේ ධීවරයින් දෙදෙනෙකු ගමන් කර තිබුණා. එක් අයෙකු බරපතල තුවාල […]
පවතින වැසි තත්වයත් සමග කොළඹ ගම්පහ කලූතර ගාල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා ඩෙංගු රෝග මර්ධනය සඳහාදිවයින පුරා ඩෙංගුමර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර තිබෙන බවයි එම ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන්කළේ. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 33 […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ රජයේ අමාත්‍යවරු 03 දෙනෙකු පාස්කු ප‍්‍රාරය සම්බන්ධයෙන් කරුණූ සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවීමට තීරණය කර තිබෙනවා මෙලෙස කැඳවීමට තීරණය කර ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් අමාත්‍යවරුන් කැඳවීමේ දිනය මෙතෙක් තීරණය කර නොමැති අතර තේරීම් කාරක සභාව ලබන 26 […]
මඩකලපුව – පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ නීතිමය හැකියාවක් නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසන අතර මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියා. එම විශ්වවිද්‍යාලය හදිසි නීති රෙගුලාසි යටතේ වහාම රජයට පවරා ගන්නා ලෙස අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ නිර්දේශ […]